ශ්‍රීලනිප මධ්‍යම කාරක සභාව රැස්වෙයි

ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතාගේ ප්‍රධානත්වයෙන් ශ්‍රී ලංකා නිදහස් පක්ෂ මධ්‍යම කාරක සභාව අද පස්වරු 06.00ට ජනාධිපති නිල නිවසේ දී මධ්‍යම කාරක සභාව රැස්වීම පැවැත්වීමට නියමිත බව වාර්තා වෙයි. රැස්වීම සඳහා සහභාගී වන ලෙස නිදහස් පක්ෂ මධ්‍යම කාරක සභා සියලු සාමාජිකයින් වෙත දැනුම්දී ඇති බව සඳහන්ය. මේ අතර ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ මැයි දින රැළියට සහභාගී නොවූ මන්ත්‍රීවරුන් සම්බන්ධයෙන් ගනු ලබන …

Continue Reading

පක්ෂයේ බෙදීම පක්ෂයට විශාල පාඩුවක් – එස්.බී

අපේ ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ සිදුව ඇති බෙදීම පක්ෂයේ ඉදිරිගමනට විශාල පාඩුවක් බව අමාත්‍ය එස්.බී. දිසානායක මහතා පවසයි. ඒකාබද්ධ විපක්ෂය විසින් ඊයේ(01) පවත්වන ලද මැයි රැළිය සම්බන්ධයෙන් මාධ්‍යවේදීන් අදහස් විමසූ අවස්ථාවේදී එස්.බී. අමාත්‍යවරයා පවසා ඇත්තේ, ඒකාබද්ධයේ මැයි රැළිය සාර්ථක හෝ අසාර්ථක එකක් නොවන බවයි. මෙහිදී එස්.බී. අමාත්‍යවරයා වැඩිදුරටත් මෙසේ අදහස් දක්වන ලදී. (වීඩියෝව පහතින්) youtube 8oc_vyEBt0s

Continue Reading

මහින්දගේ රූකඩ සහ බළල් අත් ශ්‍රීලනිපයෙන් ඉවත් කිරීමේ මෙහෙයුමක්

විශ්‍රාමික ජනාධිපති සහ වත්මන් කු.පා.ම. මහින්ද රාජපක්ෂගේ රූකඩ සහ බළල් අත් ශ්‍රී ලංකා නිදහස් පක්ෂයෙන් ඉවත් කොට නිවැරදි දූරදර්ශී නායකත්වයක් යටතේ පක්ෂය යළි ප්‍රතිසංවිධානය් කිරීමේ මෙහෙයුම් මේ වන විට සිදුවෙමින් පවතී. ඒ යටතේ ශ්‍රී ලංකා නිදහස්‌ පක්‍ෂ ආසන සංවිධායකවරුන් ලෙස කටයුතු කළ ජනක බණ්‌ඩාර තෙන්නකෝන්, ලොහාන් රත්වත්තේ සහ අනුර විදානගමගේ යන මහත්වරුන් එම සංවිධායක ධුරවලින් ඉවත් කර ඒ වෙනුවට නව …

Continue Reading

ජනපති නව දේශපාලන ප්‍රවේශයකට සැරසෙයි!

ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා නව දේශපාලන ගමනක් සඳහා වූ ප්‍රවේශයක් ගන්නා වූ බවට ඉඟියක් ප්‍රධාන පෙළේ ජාතික පුවත්පතක් සමඟ සිදුකළ සංවාදයකින් අනාවරණයවේ. ඔහු ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ නායකයාද වන අතර එම සංවාදයේදී ජනාධිපතිවරයා පවසා ඇත්තේ, ශක්තිමත් ඉදිරි ගමනක් සඳහා ප්‍රධාන අවශ්‍යතාවක් ලෙස සලකා කැබිනට් මණ්ඩල සංශෝධනයක් සිදු කරන අතර රජයට එල්ල වන ඇතැම් චෝදනා නිවැරැදි කිරීමට එයම ප්‍රමාණවත් නොවන හෙයින් …

Continue Reading

නව කැබිනට් සංශෝධනයෙන් ආණ්ඩුව දෙදරයි!

ආණ්ඩුවේ පාර්ශ්වකාර ප්‍රධාන පක්ෂ දෙකට එකඟතාවකට පැමිණීමට නොහැකි වීමෙන් ඇමැති මණ්ඩල සංශෝධනය දින නියමයක් නැතිව කල් දමා ඇතැයි ආණ්ඩුවේ අභ්‍යන්තර ආරංචිමාර්ග වලින් වාර්තාවේ. එජාපය හා ශ්‍රී ලනිප ආණ්ඩුව පිහිටුවා ඇත්තේ එජාපයට කැබිනට් ඇමැති තනතුරු 30ක් සහ ශ්‍රී ලනිපයට ඇමැති තනතුරු 15ක් වශයෙන් බෙදී යන එකඟතාව මත වන අතර එම එකඟතාව කඩ කරමින් ශ්‍රී ලනිපයට දැනට එජාපයට අයත් ඇමැති තනතුරු ලබාදිය …

Continue Reading

ශ්‍රීලනිප තරුණ පෙරමුණෙන් විසඳුමට ඡවයක් දෙයි!

“විසඳුමට ජවයක්” තේමාව කේන්ද්‍ර කරගත් ශ්‍රී ලංකා නිදහස් තරුණ පෙරමුණේ ජාතික මහා සම්මේලනය කොළඹ සුගතදාස ගෘහස්ථ ක්‍රීඩාංගණයේදී ශ්‍රී ලංකා නිදහස් පක්ෂ සභාපති ජනාධිපති මෛත්‍රිපාල සිරිසේන මහතාගේ ප්‍රධානත්වයෙන් යුතුව තරුණ පෙරමුණේ සභාපති ශාන්ත බණ්ඩාර මහතා සහ එහි ප්‍රධාන නිලධාරීන්ගේ සහභාගීත්වයෙන් අද (02දා) සවස 2.00ට පැවැත්වේ. මෙම ජාතික මහා සම්මේලනයෙන් අනතුරුව මෙරට තරුණ තරුණියන්ගේ ගැටලු රැසකට විසඳුම් ලබා දීමට බලාපොරොත්තු වන බව …

Continue Reading

ඇමැතිකම් අත්හැර ශ්‍රීලනිප ආණ්ඩුවක් වෙනුවෙන් සූදානමක!

ජනාධිපතිගේ පක්‍ෂ නායකත්වය පිළිගෙන වෙන්වූ පිරිස් ශ්‍රී ලංකා නිදහස් පක්‍ෂයට නැවත සම්බන්ධ වන්නේ නම් සිය ඇමැති ධුරවලින් ඉවත්වී ශ්‍රී ලංකා නිදහස් පක්‍ෂ රජයක් පිහිටුවීමට සූදානම් බව එක්සත් ජනතා නිදහස් සන්ධානයේ මහ ලේකම් අමාත්‍ය මහින්ද අමරවීර මහතා පැවැසීය. පක්‍ෂය දෙකඩ වී කඹ ඇදිල්ලක නිරතව සිටින මොහොතක මැතිවරණයකට යෑමෙන් එක්සත් ජාතික පක්‍ෂයට බලය ලබාදීමට ඇතැම් පිරිස් උත්සාහ ගන්නා නිසා ශ්‍රීලනිපයේ නාමයෙන් තමා …

Continue Reading

කීයටවත් ගෝඨාව නම් ශ්‍රීලනිපයට ගන්නේ නැහැ – දුමින්දගෙන් සහතිකයක්

ශ්‍රී ලංකා නිදහස්‌ පක්‍ෂයේ දෙවැනි නායකයා ලෙස ගෝඨාභය රාජපක්‍ෂ මහතා පත්කිරීමට යන බවට පැතිර යන කතාව සම්පූර්ණයෙන්ම අසත්‍ය බවත්, කිසිසේත්ම ගෝඨාභය රාජපක්ෂව ශ්‍රීලනිපයට සම්බන්ධ කර නොගන්නා බවත් ශ්‍රී ලංකා නිදහස්‌ පක්‍ෂයේ මහලේකම් කෘෂිකර්ම අමාත්‍ය දුමින්ද දිසානායක මහතා පවසයි. ශ්‍රී ලංකා නිදහස්‌ පක්‍ෂයේ දෙවැනි පෙළ නායකත්වයට සුදුසු ජ්‍යෙෂ්ඨයෝ තරුණයෝ ඕන තරම් පක්‍ෂය තුළ සිටින බවත් ඒ තත්ත්වය මත දෙවැනි පෙළ නායකයකු …

Continue Reading

කිරුලපන ගිය ශ්‍රී.ල.නි.ප.යේ ප්‍රබලයින් 4ක් දොට්ට!

ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ අවවාදය නොතකා ඒකාබද්ධ විපක්ෂය යැයි කියාගන්නා සුළු පක්ෂ සහ සංවිධාන කිහිපයක් විසින් පසුගියදා කිරුලපනදී පවත්වන ලද මැයි රැළියට සහභාගී වූ ශ්‍රී.ල.නි.ප.යේ ප්‍රබලයින් සිව්දෙනෙකුට එරෙහිව දැඩි විනය ක්‍රියාමාර්ගයක් ගැනීමට සූදානම් වන බව එම පක්ෂයේ අභ්‍යන්තර ආරංචි මාර්ගවලින් වාර්තාවේ. මෙම සිව්දෙනා මුළුමනින්ම පක්ෂයෙන් නෙරපා හැරීමට සුදානම් වන අතර ඒ සඳහා වන යෝජනාව පක්ෂයේ මධ්‍යම කාරක සභාවට ඉදිරිපත් වීමට …

Continue Reading

කිරුළපන ගැන තීරණයකට විනය කමිටුව අද රැස්වෙයි!

ශ්‍රී ලංකා නිදහස් පක්ෂය විසින් ගාල්ලේ දී පවත්වන ලද මැයි දින රැළියට සහභාගි නොවී කිරුළපන දී මහින්ද රාජපක්ෂ ප්‍රමුඛ පිරිස විසින් පවත්වන ලද මැයි රැළියට සහභාගි වූ පිරිසට එරෙහිව විනය පියවර ගැනීමට එම පක්ෂයේ විනය කමිටුව ඉක්මනින් රැස්වන බව එහි මහලේකම් කෘෂිකර්ම අමාත්‍ය දුමින්ද දිසානයක පවසයි. මේ අවස්ථාවේ නොගන්නා විනය තීරණ වෙන කිසි අවස්ථාවක ගෙන වැඩක් නැති බව ද, මේ …

Continue Reading