මහින්දගේ රූකඩ සහ බළල් අත් ශ්‍රීලනිපයෙන් ඉවත් කිරීමේ මෙහෙයුමක්

Spread the love

විශ්‍රාමික ජනාධිපති සහ වත්මන් කු.පා.ම. මහින්ද රාජපක්ෂගේ රූකඩ සහ බළල් අත් ශ්‍රී ලංකා නිදහස් පක්ෂයෙන් ඉවත් කොට නිවැරදි දූරදර්ශී නායකත්වයක් යටතේ පක්ෂය යළි ප්‍රතිසංවිධානය් කිරීමේ මෙහෙයුම් මේ වන විට සිදුවෙමින් පවතී. ඒ යටතේ ශ්‍රී ලංකා නිදහස්‌ පක්‍ෂ ආසන සංවිධායකවරුන් ලෙස කටයුතු කළ ජනක බණ්‌ඩාර තෙන්නකෝන්, ලොහාන් රත්වත්තේ සහ අනුර විදානගමගේ යන මහත්වරුන් එම සංවිධායක ධුරවලින් ඉවත් කර ඒ වෙනුවට නව ආසන සංවිධායකවරුන් පත්කිරීමට ජනාධිපති මෛත්‍රිපාල සිරිසේන මහතා විසින් කටයුතු කර ඇත.

ඒ අනුව පාර්ලිමේන්තු මන්ත්‍රී ජනක බණ්‌ඩාර තෙන්නකෝන් මහතා ආසන සංවිධායක ලෙස කටයුතු කළ දඹුල්ල ආසනය සඳහා ඩබ්. එම්. යසමාන සහ යූ. ආර්. දයා නන්දසිරි යන මහත්වරුන් සම සංවිධායකවරුන් ලෙස පත්කර ඇත.

පාර්ලිමේන්තු මන්ත්‍රී ලොහාන් රත්වත්තේ මහතා ආසන සංවිධායක ලෙස කටයුතු කළ පාතදුම්බර ආසනය සඳහා ඩබ්. එම්. සමරජීව බණ්‌ඩාර වෙලගෙදර මහතාත් පළාත් සභා මන්ත්‍රී අනුර විදානගමගේ මහතා ආසන සංවිධායක ලෙස කටයුතු කළ මහියංගනය ආසනය සඳහා කේ. පී. ගුණවර්ධන මහතාත් පත්කර ඇත.

ජනාධිපතිවරයා නව ආසන සංවිධායකවරුන්ට ඊයේ (25 දා) එම පත්වීම් ලිපි ලබාදුන් අතර ඊට අමතරව දිස්‌ත්‍රික්‌ සංවිධායකවරුන් ලෙස තවත් 13 දෙනකු පත්කිරීමට ද ජනාධිපතිවරයා කටයුතු කළේය.

RSL

Related Posts