පොලිස්පති ජූජිත් තවත් වෙනසකට සැරසෙයි

Spread the love

පොලිස්‌ නිල ඇඳුමේ වර්ණය වෙනස්‌ කිරීමට ඉදිරියේදී කටයුතු කරන බව පොලිස්‌පති පූජිත් ජයසුන්දර මහතා පැවැසීය.

ඒ මහතා එසේ පැවසුවේ බණ්‌ඩාරවෙල ඇල්ල පොලිස්‌ වසමේ නාදඬුහින්න ප්‍රදේශයේ පසුගිය දා පැවති උත්සවයකදීය.

පොලිස්‌ නිල ඇඳුම ආභරණයක්‌ නොවන බවද ලෝකයේ බොහෝ රටවල මෙන්ම ජාත්‍යන්තර පොලීසියේ වර්ණය ලෙස තද නිල් පැහැය භාවිත කරන බවද ඒ මහතා සඳහන් කළේය. කටු මැටි ගසා තිබු නිවස වර්ෂාවට හසුවී කැඩී යාමෙන් හා සිය සැමියාගේ මරණයෙන් අන්ත අසරණව සිටි කාන්තාවකට හා ඇගේ දියණිය වෙනුවෙන් ඉදිකෙරුණු නව නිවස ඇල්ල ප්‍රජා පොලිස්‌ ඒකකය මගින් ඔවුන්ට භාරදීම වෙනුවෙන් පැවැති උත්සවයේදී එසේ කියා සිටියේය.

RSL

Related Posts