උදැසන පිරිත් ප්‍රචාරයට එරෙහි උසාවි නියෝගය වැරදි පූර්වාදර්ශයක්‌!

Spread the love

විහාරස්‌ථානවල උදැසන පිරිත් ප්‍රචාරය කිරීමට එරෙහිව අධිකරණය විසින් තීන්දුවක්‌ ලබා දුන්නොත් එය රටේ වැරදි පූර්වාදර්ශයක්‌ වීමට ඉඩ ඇතැයි දකුණු පළාතේ ප්‍රධාන අධිකරණ සංඝනායක හිමිවරු ධීවර ඇමැති මහින්ද අමරවීර මහතාට ප්‍රකාශ කර ඇත.

දකුණේ ප්‍රධාන සංඝනායක හිමිවරුන් සහ විහාරස්‌ථානවල නායක හිමිවරුන් අඟුණකොළපැලැස්‌සේදී මහින්ද අමරවීර මහතා හමුවී මේ බව පවසා ඇත.

නාරාහේන්පිට ඇලන් මැතිණියාරාමයේ උදැසන පිරිත් ප්‍රචාරය කළේ යෑයි පවසමින් මිලින්ද මොරගොඩ මහතා විසින් උඩුවේ ධම්මාලෝක හිමියන්ට එරෙහිව නඩුවක්‌ පැවරීම දැඩි සේ දෝෂ දර්ශනයට ලක්‌කර ඇති මහා සංඝරත්නය මෙවැන්නක්‌ මෙරට ඉතිහාසයේ සිදුවූ ප්‍රථම අවස්‌ථාව බවද පවසා ඇත.

පන්සලක පිරිත් දැමීම වැරදි යෑයි අධිකරණය විසින් තීන්දුවක්‌ ප්‍රකාශ කළහොත් එය මෙතෙක්‌ ගනු ලැබූ නරකම පූර්වාදර්ශය වනු ඇතැයිද ඒ අනුව සියලු දේවාල සහ පල්ලිවලද යාච්ඥා ප්‍රචාරය නවතිනු ඇතැයිද ඇමැතිවරයාට මහා සංඝරත්නය පෙන්වාදී ඇත.

මේ පිළිබඳ ජනාධිපතිවරයාගේ අවධානය යොමු කිරීමට නියමිත බවද වාර්තාවේ.

RSL

Related Posts