කොප් කමිටුවේ වත්මන් සභාපති සුනිල් හඳුන්නෙත්ති මහතා සහ හිටපු සභාපති ඩියු ගුණසේකර මහතා භාණ්ඩාගාර බැඳුම්කර නිකුත් කිරීම පිළිබඳව සොයා බැලීම සඳහා පත් කර ඇති ජනාධිපති පරීක්‍ෂණ කොමිසමේ සාක්කි විමසීම සඳහා කැඳවීමට එම කොමිසම තීරණය කර ඇති බව වාර්තා වේ.
කොප් කමිටුවල සභාපතිවරුන්ට අමතරව නියෝජ්‍ය විදේශ ඇමති හර්ෂ සිල්වා මහතාද සාක්ෂි විමසීම සඳහා කැඳවීමටද කොමිසම තීරණය කොට ඇතැයි වාර්තා වේ.
2015 පෙබරවාරී මස පළමුවැනිදාත් 2016 මාර්තු මස 31 වැනිදාත් අතර කාලයේ වත්මන් රජය යටතේ භාන්ඩාගාර බැඳුම්කර නිකුත් කිරීම පිළිබඳව සොයා බැලීම සඳහා මෙම ජනාධිපති පරීක්‍ෂණ කොමිසම පත් කොට ඇත.
Loading...