කිරුලපන ගිය ශ්‍රී.ල.නි.ප.යේ ප්‍රබලයින් 4ක් දොට්ට!

Spread the love

slfpශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ අවවාදය නොතකා ඒකාබද්ධ විපක්ෂය යැයි කියාගන්නා සුළු පක්ෂ සහ සංවිධාන කිහිපයක් විසින් පසුගියදා කිරුලපනදී පවත්වන ලද මැයි රැළියට සහභාගී වූ ශ්‍රී.ල.නි.ප.යේ ප්‍රබලයින් සිව්දෙනෙකුට එරෙහිව දැඩි විනය ක්‍රියාමාර්ගයක් ගැනීමට සූදානම් වන බව එම පක්ෂයේ අභ්‍යන්තර ආරංචි මාර්ගවලින් වාර්තාවේ.

මෙම සිව්දෙනා මුළුමනින්ම පක්ෂයෙන් නෙරපා හැරීමට සුදානම් වන අතර ඒ සඳහා වන යෝජනාව පක්ෂයේ මධ්‍යම කාරක සභාවට ඉදිරිපත් වීමට නියමිතව ඇත. මොවුන් සිව්දෙනා දිගින් දිගටම පක්ෂයේ වත්මන් නායකත්වය දැඩිව විවේචනය කරමින් පක්ෂ සාමාජිකයින් නොමඟ යවමින් පරාජිත මහින්ද රාජපක්ෂ වෙනුවෙන් කඩේ යන අයවලුන් වෙති.

එසේම දිස්ත්‍රික්ක හතරක් නියෝජනය මෙම සිව්දෙනා අතර හිටපු මහ ඇමතිවරයෙකුද සිටින බවට වාර්තාවේ. ශ්‍රී.ල.නි.පයේ පක්ෂ සාමාජිකත්වය සහ ඊට සමගාමී සියලු තනතුරුද මොවුන්ට අහිමි වී යනු ඇත.

RSL

Related Posts