නව කැබිනට් සංශෝධනයෙන් ආණ්ඩුව දෙදරයි!

Spread the love

ආණ්ඩුවේ පාර්ශ්වකාර ප්‍රධාන පක්ෂ දෙකට එකඟතාවකට පැමිණීමට නොහැකි වීමෙන් ඇමැති මණ්ඩල සංශෝධනය දින නියමයක් නැතිව කල් දමා ඇතැයි ආණ්ඩුවේ අභ්‍යන්තර ආරංචිමාර්ග වලින් වාර්තාවේ.

එජාපය හා ශ්‍රී ලනිප ආණ්ඩුව පිහිටුවා ඇත්තේ එජාපයට කැබිනට් ඇමැති තනතුරු 30ක් සහ ශ්‍රී ලනිපයට ඇමැති තනතුරු 15ක් වශයෙන් බෙදී යන එකඟතාව මත වන අතර එම එකඟතාව කඩ කරමින් ශ්‍රී ලනිපයට දැනට එජාපයට අයත් ඇමැති තනතුරු ලබාදිය නොහැකි බව එජාපය දැඩිව අවධාරණය කොට තිබේ.

අවශ්‍ය නම් දැනට ජෝන් අමරතුංග මහතා යටතේ ඇති ඉඩම් අමාත්‍යාංශය පමණක් ශ්‍රී ලනිපයට ලබාදිය හැකි බව එජාපයේ ස්ථාවරය බවද දැනගන්නට ඇත. සංශෝධනය කිරීමට මීට පෙර අවධානය යොමු වූ විදේශ කටයුතු, ජනමාධ්‍ය, උසස් අධ්‍යාපන හා මහාමාර්ග, මුදල්, කෘෂිකර්ම, වරාය අමාත්‍යාංශ සඳහා පුද්ගලයන් නම් කිරීමේ ගැටලුවක් ආණ්ඩුවට ඉස්මතු වී තිබේ.

මුදල් අමාත්‍යාංශය භාර ගැනීමට නම් නියෝජ්‍ය ඇමැති ලෙස ඉරාන් වික්‍රමරත්න පත් කරන ලෙස මංගල සමරවීර මහතා අගමැතිවරයාගෙන් ඉල්ලා ඇති බවද දැන ගන්නට ඇත. එමෙන්ම ජේ‍යෂ්ඨයන් ඉවත් කොට ඒ වෙනුවට වෙනත් අයකු පත් කිරීමේ ගැටලුවකටද ආණ්ඩුව මුහුණ දී සිටියි.
එවැනි හේතු නිසා ඇමැති මණ්ඩල සංශෝධනය දින නියමයක් නොමැතිව තවදුරටත් කල් දමා ඇති බව රජයේ අභ්‍යන්තර ආරංචි මාර්ග සඳහන් කළේය.

RSL

Related Posts