ජනපතිගේ අඟේ ඉදන් කණ කන සැලැස්මක්!

Spread the love

ජනාධිපති මෛත්‍රිපාල සිරිසේන මහතාගේ මතින් නිදහස් රටක් ජාතික වැඩපිළිවෙළට පටහැනිව මත්පැන් නිෂ්පාදනය කිරීම සඳහා බදු සහන ලබා දී ඇති බවත්, මේ වන විට නැගෙනහිර පළාතේ මත්පැන් නිෂ්පාදනාගාරයක්‌ සඳහා බදු සහන ලබාදීමට රජය කටයුතු කර ඇතැයි ද ජාතික හෙළ උරුමයේ මාධ්‍ය ප්‍රකාශක නිශාන්ත ශ්‍රී වර්ණසිංහ මහතා පවසයි.

කල්කුඩාහි යෝජිත මෙම මත්පැන් නිෂ්පාදනාගාරයට ප්‍රදේශයේ ආගමික නායකයන් ඇතුළු ජනතාව දැඩි විරුද්ධත්වයක්‌ පළ කර ඇතැයි ද, ඔවුන් සමග ජාතික හෙළ උරුමය එක්‌වන බව ද හෙතෙම සඳහන් කළේය.

එසේම රට තුළ පැවති සහල් අතිරික්‌තය මත්පැන් නිෂ්පාදනයට ලබාදී ඇති බවට සැකයක්‌ මතුවන බවද හෙතෙම කීවේය.

නැගෙනහිර පළාතට අඩුපාඩුවක්‌ව තිබූ හා රටේ මත්පැන් හිඟය පියවීම සඳහා බදු සහන ලබාදුන් එකම රජය වත්මන් රජය බව ද නිශාන්ත ශ්‍රී වර්ණසිංහ මහතා වැඩිරදුටත් පැවසීය.

RSL

Related Posts