රවි කරුණානායකගේ පවුල් සමාගම ඇරඹේ!

යුධ ජයග්‍රහණයට සියල්ල පරදු කරමින් මෙරට මෑත කාලයේ බිහි වූ දරුණුත ම පවුල් සමාගම රාජපක්ෂ පවුල් සමාගම බවට සැකයක් නැත. එකී පවුල් සමාගම එළවා දමා රට නිදහස් කරගන්නට බොහෝ බලවේග එක් වූ අතර බොහෝ දෙනෙක් ඒ සඳහා තමන්ට පෞද්ගලික ලාබ ප්‍රයෝජන ලබා ගැනීමට වෑයම් නොකළ අතර එ නිසා ම ජනවාරි 08 පෙරැළිය ජනතා ජයග්‍රහණයක් ලෙස කිව හැකි ය. කෙසේ නමුත් …

Continue Reading

මිථ්‍යාව මත ම යැපෙන මහින්ද කල්ලිය

මහා පරිමාණ වංචා දූෂණ පිළිබඳව පරික්ෂණ ප්‍රමාද වන විට සැළිය රත්වන තුරු දිය කෙළි කළ කකුළුවන් මෙන් “කෝ හොරු අැල්ලුවා දැ” යි වහසි බස් දෙඩූ ඒකාබද්ධ විපක්ෂය හෙවත් මහින්ද කල්ලිය පරික්ෂණ නිසි පරිදි පැවැත්වෙද්දී දේශපාලන පළිගැනීම් කරනවා යැ යි විළාප නගති. වැරදි කර නැත්නම් කිසිවෙක් බිය විය යුතු නොවේ. තමාගේ නිර්දෝෂී බව ඔප්පු කිරීමට නීතිඥ සහය ලබා ගැනීමට ලංකාව තුළ …

Continue Reading

සජින් වාස්ට මොකද වුණේ?

සාමාන්‍ය හොරු අල්ලන්නට වැඩි අපහසුවක් නැත. කම්බ හොරු කොටු කරගන්නට හරි ම අමාරු ය. ඔවුන් කල්ල කපටීන් වන බැවින් සියලු හොරකම් කරන්නේ අහුවෙන්නට ඇති සියලු ඉඩ කඩ අහෝසි කරමිනි. සජින් වාස්ලා හොරකම් කළ බව රට ම දනිති. පසුගිය කාලයේ ඔහුව රක්ෂිත බන්ධනාගාරගත කෙරුණේ ජනාධිපති ලේකම් කාර්යාලයට අයත් වාහන අයථා පරිදි පරිහරණය කළා කියමිනි. ටික දවසකින් ඔහු ඇප මත නිදහස් වූ …

Continue Reading

විමල් වීරවංශ කළ තර්ජනය තරයේ හෙළා දකිමු!

තමන් විසින් තමන්ව ඒකාබද්ධ විපක්ෂය යනුවෙන් හඳුන්වාගන්නා මහින්ද රාජපක්ෂ ප්‍රමුඛ නඩයේ ප්‍රවෘත්ති සාකච්ඡාවක් ඊයේ (01) දින පැවැත්විණ. එහි දී ඔවුනගේ ප්‍රධාන කේවට්ටයෙක් වූ විමල් වීරවංශ ඇතුළු පිරිස පවසා සිටියේ යෝෂිත රාජපක්ෂ ඇතුළු පිරිස රක්ෂිත බන්ධනාගාරගත කර ඇත්තේ දේශපාලන හේතුමත පළිගැනීමට බව ය. එහිදී මාධ්‍යවේදීන් විවිධ ප්‍රශ්න ඇසූ අතර මව්බිම පුවත්පතේ මාධ්‍යවේදියා නැගූ ප්‍රශ්න නොසලකා ඔහුව ප්‍රශ්න කරන්නටත් ඔහුට ශාරීරික අඩුපාඩු …

Continue Reading

සිංහනාද බලු කෙඳිරිලි!

CSN හෙවත් රාජපක්ෂ නාලිකාව හරහා අයථා මුදල් පරිහරණය වැනි බරපතළ චෝදනා එල්ල කෙරෙමින් අත්අඩංගුවට ගත් හිටපු ජනපති කණිටු පුත් යෝෂිත රාජපක්ෂ රක්ෂිත බන්ධනාගාරගත කළ පසුව ඔවුන් සහ ඔවුන්ට හිතවත් ඇම්බැට්ටයින් අභීත සිංහනාද නැගුවෝ ය. හිරබත්කෑම සුළුපටු දෙයක්බව පෙන්වමින් ප්‍රකාශ නිකුත් කෙරුණි. තරුණ රාජපක්ෂ තුන්කට්ටුවේ තුන්බෑ ජටිලයන්ගෙන් එකෙක් මෙලෙස රක්ෂිත බන්ධනාගාරගත වූ අතර අනෙකුන් දෙදෙනා විවිධ ප්‍රකාශ නිකුත් කරනු දකින්නට ලැබුණි. …

Continue Reading

FCID නොදන්න වැලිවිටගේ වැඩ!

රොහාන් වැලිවිටලා අත්අඩංගුවට ගත් චෝදනා ලෙස සඳහන් කෙරුණේ ටිකක් බරපතළ චෝදනා ය. විදේශ මුදල් විශුද්ධිකරණය වැනි නම්වලින් ඒවා හඳුන්වනු ලබයි. කෙසේ වෙතත් රොහාන්ලා ඉස්සරහට දමා පැණිවද ටික කෑවේ කවුරුන්ද යන්න කවුරුත් පාහේ දනිති. එසේ පැණි කෑ ගුරුන් හිටගෙන කරද්දී රොහාන්ලා දුව දුව කරපු පොඩි පහේ වැඩ තිබුණි. මෙන්න හොයනවා නම් FCID එකට වැඩ! රූපවාහිනියේ තිබුණු දුර්ලභ පුස්තකාල දර්ශන ඇතුළත් සී.ඩී …

Continue Reading

SAITM අහෝසි කරන්නැයි ඉල්ලා අඛණ්ඩ සත්‍යග්‍රහයක්

මාලබේ පෞද්ගලික වෛද්‍ය විද්‍යාලය වහාම අහෝසි කරන ලෙස හෝ රජයට පවරාගන්නා ලෙස බල කරමින් පේරාදෙණිය විශ්වවිද්‍යාලයේ වෛද්‍ය පීඨ සිසුන් විසින් අඛණ්ඩ සත්‍යග්‍රහයක් ආරම්භ කර ඇතැයි රීඩ් ශ්‍රී ලංකා ප්‍රවෘත්ති වාර්තාකරු සඳහන් කරයි. ඒ පේරාදෙණියේ ප්‍රකට ගලහ මංසන්ධිය කේන්ද්‍රකර ගෙන යි. කොළඹ-නුවර මහාමාර්ගය අවහිර කරමින් උදේ වරුවේ උද්ඝෝෂණයක ද නිරත ව ඇති වෛද්‍ය සිසුන් සිය සත්‍යග්‍රහය ඉල්ලීම් දිනාගන්නා තුරු නොනවත්වන බවට සඳහන් …

Continue Reading

ශිරන්ති පැමිණෙයි; යෝෂිතට අධි චෝදනා ගොනුවෙයි

පසුගිය රජය සමයේ ශිරන්ති රාජපක්ෂ මහත්මියගේ මාධ්‍ය සම්බන්ධීකාරවරයෙකු ලෙස කටයුතු කළ පුද්ගලයෙකුට අඩු තක්සේරුවක් යටතේ නිවසක් ලබාදීම සම්බන්ධයෙන් ප්‍රකාශයක් ලබාදීම සඳහා අද(01) බරපතළ වංචා විමර්ශන ජනාධිපති කොමිසම වෙත පැමිණ තිබේ. එසේම මෑත ඉතිහාසයේ සිදු වී ඇති අතිදැවැන්තම මූල්‍ය වංචාව සම්බන්ධයෙන් අත් අඩංගුවට ගෙන රක්ෂිත බන්ධනාගාර ගත කර සිටින හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂගේ පුත්‍රයෙකු වන යෝෂිත රාජපක්ෂට එරෙහිව මුදල් විශුද්ධිකරණය යටතේ …

Continue Reading

ඊනියා ඒකාබද්ධ විපක්ෂයෙන් තිස්ස විතාරණ එළියට එයි

ගමනක් ඇත්තේ ශ්‍රී ලංකා නිදහස් පක්ෂය සමඟ පමණක් බවත් වෙන ම පක්ෂ හදා ශ්‍රී.ල.නි.ප. ය දුර්වල කළ යුතු නැති බවත් ලංකා සම සමාජ පක්ෂයේ නායක මහාචාර්ය තිස්ස විතාරණ පවසා ඇත. සන්ධානය සමඟ සිටි බහුතරයක් පක්ෂ වෙන ම විපක්ෂයක් සෑදීමට එකඟ යැ යි මහින්ද කල්ලිය කියා සිටියත් තිස්ස විතාරණගේ ප්‍රකාශයෙන් හෙළිවන්නේ එය පිටුපස සිටින්නේ විමල් වීරවංශ සහ ගම්මන්පිළ ප්‍රමුඛ පිරිසක් පමණක් …

Continue Reading