සාමාන්‍ය හොරු අල්ලන්නට වැඩි අපහසුවක් නැත. කම්බ හොරු කොටු කරගන්නට හරි ම අමාරු ය. ඔවුන් කල්ල කපටීන් වන බැවින් සියලු හොරකම් කරන්නේ අහුවෙන්නට ඇති සියලු ඉඩ කඩ අහෝසි කරමිනි. සජින් වාස්ලා හොරකම් කළ බව රට ම දනිති. පසුගිය කාලයේ ඔහුව රක්ෂිත බන්ධනාගාරගත කෙරුණේ ජනාධිපති ලේකම් කාර්යාලයට අයත් වාහන අයථා පරිදි පරිහරණය කළා කියමිනි.
ටික දවසකින් ඔහු ඇප මත නිදහස් වූ අතර, මැතිවරණ වේදිකා දෙදරවූ කතා ඉන් පසු වියැකුණි. ඔහු රජයේ සාක්ෂිකරුවෙක් වනවා කියා කතා පැතිරුණු අතර ඔහුට ඇමැති ආරක්ෂාව ලබා දී ඇතැයි ද කියවුණි. දැන් නැවත ඔහු ගැන කතාවක් මතුව ඇත්තේ ය. ඒ වත්කම්- බැරකම් ප්‍රකාශ ලබා නොදීම හේතුවෙනි.
ඇත්තට ම සජින් වාස්ලා හොරකම් කළා ද? නැත්නම් මේ වත්මන් පාලකයන් එදා බොරු කිව්වා ද? එසේත් නැත්නම් සල්ලිවලින් බොහෝ දේවල් වැසී ගිහින් ද?
Loading...