විමල් වීරවංශ කළ තර්ජනය තරයේ හෙළා දකිමු!

Spread the love

wimale

තමන් විසින් තමන්ව ඒකාබද්ධ විපක්ෂය යනුවෙන් හඳුන්වාගන්නා මහින්ද රාජපක්ෂ ප්‍රමුඛ නඩයේ ප්‍රවෘත්ති සාකච්ඡාවක් ඊයේ (01) දින පැවැත්විණ. එහි දී ඔවුනගේ ප්‍රධාන කේවට්ටයෙක් වූ විමල් වීරවංශ ඇතුළු පිරිස පවසා සිටියේ යෝෂිත රාජපක්ෂ ඇතුළු පිරිස රක්ෂිත බන්ධනාගාරගත කර ඇත්තේ දේශපාලන හේතුමත පළිගැනීමට බව ය.

එහිදී මාධ්‍යවේදීන් විවිධ ප්‍රශ්න ඇසූ අතර මව්බිම පුවත්පතේ මාධ්‍යවේදියා නැගූ ප්‍රශ්න නොසලකා ඔහුව ප්‍රශ්න කරන්නටත් ඔහුට ශාරීරික අඩුපාඩු පවා කියමින් අපහාස කරන්නටත් විමල් වීරවංශ විසින් ක්‍රියාකර ඇත. තමන්ද කලක් මාධ්‍යවේදියෙක් ලෙස කටයුතු කරන ලද බව පවසන විමල් තමන්ගේ මේ හැසිරීම ගැන ලජ්ජා විය යුතු ය.

මව්බිම පුවත්පතේ මාධ්‍ය භාවිතාව ගැන අපට ද ප්‍රශ්න ඇත. එය එසේ වුව ද විමල් වීරවංශ මන්ත්‍රීවරයාගේ මේ හැසිරීම කිසිවකින් සාධාරණීකරණය කරන්නට අපට නොහැකි ය. ඔවුන් බලය හොබවන කාලයේ මාධ්‍යවේදීන් ශාරීරිකව ඝාතනය කෙරුණි. පහර දී අඩපණ කර දැමුණි. රටෙන් පළවා හරිනු ලැබිණ. දැන් මේ කරන්නේ ද කටින් ගසා මාධ්‍ය පාලනය කරන්නට උත්සාහ දැරීමකි.

මේ ක්‍රියාව සියලු මාධ්‍යවලට එල්ල කරන ලද පහත් තර්ජනයක් ලෙස සලකා තරයේ හෙළා දකිමු.

RSL

Related Posts