රවි කරුණානායකගේ පවුල් සමාගම ඇරඹේ!

Spread the love

Ravi NLB

යුධ ජයග්‍රහණයට සියල්ල පරදු කරමින් මෙරට මෑත කාලයේ බිහි වූ දරුණුත ම පවුල් සමාගම රාජපක්ෂ පවුල් සමාගම බවට සැකයක් නැත. එකී පවුල් සමාගම එළවා දමා රට නිදහස් කරගන්නට බොහෝ බලවේග එක් වූ අතර බොහෝ දෙනෙක් ඒ සඳහා තමන්ට පෞද්ගලික ලාබ ප්‍රයෝජන ලබා ගැනීමට වෑයම් නොකළ අතර එ නිසා ම ජනවාරි 08 පෙරැළිය ජනතා ජයග්‍රහණයක් ලෙස කිව හැකි ය. කෙසේ නමුත් කැලේ මාරු වුණාට කොටින්ගේ පුල්ලි මාරු වෙන්නේ නැතැයි කතාවක් තිබේ.

යහපාලන ආණ්ඩුවේ පළමු සහෝදර සමාගම නිර්මාණය කළේ, අර්ජුන රණතුංග ඇමැතිවරයා විසිනි. එම තීරණය කිසිදු විවේචනයකින් හකුළා නොගැනුණු අතර දැන් නවත ම සහෝදර සමාගම රවි කරුණානායක අරඹා ඇත.

අපි රවි කරුණානායකගේ දේශපාලන භාවිතය ගැන දිගින් දිගටම ප්‍රශ්න කළෙමු. ප්‍රඩෝ සිද්ධිය ඉන් එකකි. අනෙක් අතට ප්‍රකට ව්‍යාපාරිකයෙක් ලෙස ඔහු මුදල් ඇමතිවීමේ අාචාරධාර්මික අවුල අපි බොහෝ විට ඉස්මතු කළෙමු. ජන සමාජයේ බොහෝ පාර්ශ්වයන් අතර ද ඒ විවේචනය තිබෙයි.

මුදල් අමාත්‍යංශය යටතේ ඇති ජාතික ලොතරැයි මණ්ඩලයේ ඉහළ ම තනතුරකට රවි කරුණානායක සිය මස්සිනා පත් කර ඇතැ යි විශ්වාස කටයුතු ආරංචි මාර්ග රීඩ් ශ්‍රී ලංකා වෙත තොරතුරු දක්වා සිටියි. යහපාලනය රෙද්ද පල්ලෙන් බේරෙන්නට පටන්ගෙන ඇති බව මේවායින් දක්නට ලැබේ.

නිශ්චිත තොරතුරු ලැබුණු සැණින් එය අප පාඨකයන් වෙත ගෙන එන්නට අදහස් කරමු.

RSL

Related Posts