රොහාන් වැලිවිටලා අත්අඩංගුවට ගත් චෝදනා ලෙස සඳහන් කෙරුණේ ටිකක් බරපතළ චෝදනා ය. විදේශ මුදල් විශුද්ධිකරණය වැනි නම්වලින් ඒවා හඳුන්වනු ලබයි. කෙසේ වෙතත් රොහාන්ලා ඉස්සරහට දමා පැණිවද ටික කෑවේ කවුරුන්ද යන්න කවුරුත් පාහේ දනිති. එසේ පැණි කෑ ගුරුන් හිටගෙන කරද්දී රොහාන්ලා දුව දුව කරපු පොඩි පහේ වැඩ තිබුණි. මෙන්න හොයනවා නම් FCID එකට වැඩ!
රූපවාහිනියේ තිබුණු දුර්ලභ පුස්තකාල දර්ශන ඇතුළත් සී.ඩී පට සී.එස්.එන්. නාලිකාව වෙත ගෙන ගියේ රොහාන් වැලිවිට ය. දැන් ඒවා රූපවාහිනිය සතුව ඇත්තේ නැත.
රොහාන් වැලිවිට සතුව ෆයින් විෂන් කියා රූපවාහිනී උපකරණ (කබල්) කුලියට දෙන ආයතනයක් තිබුණි. එහි උපකරණ (කබල්) රූපවාහිනියට බලෙන් ම ගෙන ගොස් දමා මාසිකව කෙහෙළිය හරහා 100000-150000 බිල් කඩා ගත්තේ ය.
තව තව පොඩි පොඩි ආසාවල් ඉටුකර ගත් අතර මේවා ගැනත් සොයන්නේ නම් මැනවි.