SAITM අහෝසි කරන්නැයි ඉල්ලා අඛණ්ඩ සත්‍යග්‍රහයක්

Spread the love

MEDi Students

මාලබේ පෞද්ගලික වෛද්‍ය විද්‍යාලය වහාම අහෝසි කරන ලෙස හෝ රජයට පවරාගන්නා ලෙස බල කරමින් පේරාදෙණිය විශ්වවිද්‍යාලයේ වෛද්‍ය පීඨ සිසුන් විසින් අඛණ්ඩ සත්‍යග්‍රහයක් ආරම්භ කර ඇතැයි රීඩ් ශ්‍රී ලංකා ප්‍රවෘත්ති වාර්තාකරු සඳහන් කරයි. ඒ පේරාදෙණියේ ප්‍රකට ගලහ මංසන්ධිය කේන්ද්‍රකර ගෙන යි. කොළඹ-නුවර මහාමාර්ගය අවහිර කරමින් උදේ වරුවේ උද්ඝෝෂණයක ද නිරත ව ඇති වෛද්‍ය සිසුන් සිය සත්‍යග්‍රහය ඉල්ලීම් දිනාගන්නා තුරු නොනවත්වන බවට සඳහන් කර ඇත.

අප වෙබ් අඩවිය මගින් ද දිගින් දිගට ම කරුණු දැක්වූ පරිදි සෞඛ්‍ය අමාත්‍යවරයා දිගින් දිගට ම මෙම ඊනියා වෛද්‍ය විද්‍යාලය පිළිබඳව සහනදායී පිළිවෙතක් අනුගමනය කරනවා පමණක් නොව අනුග්‍රහය ද දක්වන බව තවමත් පෙනෙන්නට තිබේ. අනෙක් අතට ජනපතිවරයා, අගමැතිවරයා ප්‍රමුඛ රජයේ කිසිදු බලවත් පාර්ශ්වයක් මේ ගැන අවාධානාත්මකව බලා ද නැත.

මේ පිළිබඳව රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංගමය පසුගිය දා අගමැති හා ඇමැති හමු වුව ද එම හමුවෙන් පසුව රාජිත ඇමැතිවරයා කළ විශේෂ ප්‍රකාශය වෛද්‍ය නිලධාරීන්ගේ සංගමයේ දැඩි විවේචනයට බඳුන් විය.

RSL

Related Posts