රනින් රන් අස්වැන්නට සුබ පතමු!

12 වැනි දකුණු ආසියානු ක්‍රීඩා උළෙලේ නොමැකෙන ලෙස සටහන් තබමින් රන් පදක්කම් විශාල ගණනක් දිනාගන්නටත්, සමස්ත පදක්කම් සංඛ්‍යාව අතින් සියලු රටවල් අතරින් දෙවැනි ස්ථානයේ සිටින්නටත් ශ්‍රී ලංකාව සමත් වී තිබේ. දකුණු ආසියානු ක්‍රීඩා උළෙලක ක්‍රීඩකයෙක් දිනාගත් වැඩි ම රන් පදක්කම් ප්‍රමාණය දිනාගන්නට මැතිව් අබේසිංහ ක්‍රීඩකයා සමත් වූයේ රන් පදක්කම් 7ක් දිනාගනිමිනි. හිමාෂ සහ රුමේෂිකා දකුණු ආසියාවේ වේගවත්ම මිනිසා සහ කාන්තාව …

Continue Reading

විමල්ගේ පෙත්සම කුමක් සඳහා ද?

ජාත්‍යන්තර අධිකරණ එපා! රණවිරුවන් දඩයම නවතනු කියමින් විමල් අත්සන් දශලක්ෂයක පෙත්සමක් අත්සන් කරන්නට සූදානම් කර ඇත. ලාබෙට ලුතිනන් වූ යෝෂිත කලු සල්ලි සුදු කිරීමේ චෝදනාවට අත්අඩංගුවට ගන්නා තුරු ඔවැනි අත්සන් එකතු කිරීමේ කෙළි තිබුණේ නැත. අනෙක් අතට අපගේ අදහස නම් ඔය පෙත්සම අත්සන් කළාට වැඩක් නැත යන්න ය. මන්දයත් අත්සන් කළ පෙත්සම දෙන්නේ කාට ද? ඊයේ දින හූ කියා ප්‍රතික්ෂේප …

Continue Reading

පරික්ෂණ සඳහා ශ්‍රී ලාංකේය යාන්ත්‍රණයක්!

සිදුවී ඇතැයි පැවසෙන මානව හිමිකම් උල්ලංඝනයවීම් සම්බන්ධයෙන් වන පරික්ෂණය ශ්‍රී ලංකාවේ ම යාන්ත්‍රණයකින් සිදු විය යුතු බව මානව හිමිකම් පිළිබඳ එක්සත් ජාතින්ගේ මහකොමසාරිස් සෙයිඩ් රාඩ් අල් හුසේන් කුමරු පවසා සිටියි. ජාත්‍යන්තර අපරාධ අධිකරණයක් මගින් පරික්ෂණ පැවැත්වීම ප්‍රයෝගික නොවන බව ඔහු තම මතය ලෙස දක්වා සිටියි. ජාතික සංහිඳියාව වෙනුවෙන් රජය නිදහස් දිනයේ දී ජාතික ගීය දෙමළ බසින් ගායනා කර සංකේතාත්මකව තබන …

Continue Reading

අකිල විරාජ්ගේ සැබෑ වෙනස මෙන්න!

අධ්‍යාපන අමාත්‍ය අකිල විරාජ් කාරියවසම් ඉකුත් කාලය තුළ අධ්‍යාපන ක්ෂේත්‍රයේ දේශපාලන පත්වීම් 2000කට ආසන්න සංඛ්‍යාවක් ලබා දී ඇති බව වාර්තා වෙයි. දිවයින පුරා ජාතික පාසල්වලට ලබා දී ඇති මේ අනධ්‍යයන සේවක පත්වීම් සියල්ල ම පාහේ කුරුණෑගල දිස්ත්‍රික්කයේ පුද්ගලයන්ට ලබා දී ඇති බව වැඩිදුරටත් සොයා බැලීමේ දී පෙනී යයි. සමහර කම්කරු පත්වීම් ලද අයවලුන් දින කිහිපයකින් වෙනත් පාසලක රසායනාගාර සේවක ලෙස …

Continue Reading

බන්ධනාගාර ප්‍රතිසංස්කරණ නි.ඇමැති බන්ධනාගාරගත වෙයිද?

පුවතට මෙවැනි සිරසක් යෙදුවාට චෝදනා ඔප්පු වී මෙවැන්නක් කිසිදා සිදුවේ යැ යි විශ්වාසයක් ඇත්තේ නැත. පසුගිය රජයේ සිවිල් ගුවන් සේවා ඇමැතිවරයා වූයේ වත්මන් බන්ධනාගාර ප්‍රතිසංස්කරණ නියෝජ්‍ය ඇමැති ප්‍රියංකර ජයරත්න ය. ඔහු සිවිල් ගුවන්සේවා ඇමැති ධුරයේ සිටිය දී කෝටි ගණනක මූල්‍ය අක්‍රමිකතා ශ්‍රී ලංකන් එයාර් ගුවන් සමාගමේ සිදුව ඇත. බරපතළ මූල්‍ය අපරාධ සෙවීම සඳහා පත් කළ ජනාධිපති කොමිසම ඊයේ ඔහුගෙන් ප්‍රශ්න …

Continue Reading

සෝලා පැනල් ප්‍රෝඩාවේ ගණිතමය තිත්ත ඇත්ත මෙන්න!

කඩදාසි කොළයක් අතට ගන්න. එය මැදින් දෙකට නමන්න. ලැබෙන කඩදාසිය නැවතත් දෙකට නමන්න. එය නැවතත් දෙකට නමන්න. මේ ආකාරයට කඩදාසි කොළය පිට පිට පනස්හය වතාවක් දෙකට නැමීමට ඔබට හැකිද? විශාල කඩදාසියක් තෝරාගතහොත් මෙය එතරම් අසීරු නැතැයි ඔබට සිතෙනු ඇත. එහෙත් එය අතිශයින්ම සාවද්‍ය සිතිවිල්ලකි. ඒසා විශාල කඩදාසියක් ඔබට කිසිදා සොයාගත නොහැකිවා පමණක් නොවේ. එවැනි කඩදාසියක් ගෙන එය පනස් හය වතාවක් …

Continue Reading

රාජිතගේ රජ වැඩ!

ඖෂධ අධිකාරියේ සභාපතිවරයා ඇතුළු නිලධාරින්ට ඉල්ලා අස්වන්නැ යි රාජිත සේනාරත්න ඇමැතිවරයා බලපෑම් කර ඇතැයි වාර්තා වෙයි. මේ සම්බන්ධයෙන් රජයේ ඖෂධවේදින්ගේ සංගමය නිවේදනයක් නිකුත් කර ඇත. ලොව අතිශය නිරනුකම්පීය ම සහ බරපතළ ම ජාවාරමක් වන්නේ ඖෂධ ජාවාරම යි. ඒ නිසාවෙන් ඖෂධ අධිකාරිය රටක ජන ජීවිතයට මහත් බලපෑම් කරන ආයතනයක් බව අමුතුවෙන් කිව යුතු නො වේ. රාජිත ඇමැතිවරයා මෙලෙස බලපෑම් කර ඇත්තේ …

Continue Reading

ලංකාපුත්‍ර බැංකුවට පොලු තැබූ දෙස්පාලන පුත්‍රයෝ කවුද?

ලංකාපුත්‍ර සංවර්ධන බැංකුව පිහිටුවූයේ ම දේශපාලන පුතුන් ගොඩගන්නට ය. එයින් රුපියල් කෝටි 200කට වඩා ණය ලබාගෙන පොලු තබා ඇත. මෙලෙස ණය ගත් උන් ඒවා ගන්නාවිට නැවත ගෙවන්නට සිහිනෙන්වත් සිතා සිටියේ නැත. බැංකුවේ වත්මන් සභාපතිවරයා එලෙස ණය ගෙන නොගෙවා සිටින 14 දෙනෙක්ට විරුද්ධව මූල්‍ය අපරාධ කොට්ඨාසයේ පැමිණිලි කළේ ඉකුත් වසරේ මාර්තු මාසයේ ය. දැන් මූල්‍ය අපරාධ ඒකකය එයට එරෙහිව නඩු පැවරීමට …

Continue Reading

ෆොනීගේ හීන ගඟේ යයි ද?

එක්සත් ජාතික පක්ෂය සමඟ අවබෝධතා ගිවිසුමකට ඇතුළත් වී පාර්ලිමේන්තුවට පිවිසෙන්නටත්, ඉන් ඉදිරියට ගොස් ඇමැති ධුරයක් ලබා ගන්නටත් පාරමී දම් පිරූ ෆීල්ඩ් මාෂල් සරත් ෆොන්සේකාගේ එම බලොපොරොත්තු අර්බුදයට ලක්වේ දැ යි දේශපාලන ක්ෂේත්‍රයේ දැන් මත පළ වෙමින් ඇත. බලය සම්බන්ධ කාරණයේ කිසිදු කොන්දේසියක් නොසලකන ෆීල්ඩ් මාෂල්වරයාගේ මේ ක්‍රියාව දේශපාලන පොරපිටියේ ඔහුගේ ප්‍රබල ප්‍රතිවාදියාගේ හීන් නූල් ප්‍රහාරයකට ලක්වෙමින් පවතින බව වාර්තා වෙයි. …

Continue Reading