විමල්ගේ පෙත්සම කුමක් සඳහා ද?

Spread the love

wimal petition

ජාත්‍යන්තර අධිකරණ එපා! රණවිරුවන් දඩයම නවතනු කියමින් විමල් අත්සන් දශලක්ෂයක පෙත්සමක් අත්සන් කරන්නට සූදානම් කර ඇත. ලාබෙට ලුතිනන් වූ යෝෂිත කලු සල්ලි සුදු කිරීමේ චෝදනාවට අත්අඩංගුවට ගන්නා තුරු ඔවැනි අත්සන් එකතු කිරීමේ කෙළි තිබුණේ නැත. අනෙක් අතට අපගේ අදහස නම් ඔය පෙත්සම අත්සන් කළාට වැඩක් නැත යන්න ය. මන්දයත් අත්සන් කළ පෙත්සම දෙන්නේ කාට ද? ඊයේ දින හූ කියා ප්‍රතික්ෂේප කළ කථානායකවරයාට ද? නැත්නම් පෙත්සම රැගෙන ජිනීවා මානව හිමිකම් කවුන්සිලයට ය.

අපේ යෝජනාව නම්, ඔය උලව් පෙත්සම රැගෙන ජිනීවා යන්න කියා ය. විමල්ට අපහසු වුවත් එය මහින්ද රාජපක්ෂට අපහසු නැත. වාසුදේව නානායක්කාර සමඟ ඔහුට මේ පෙත්සම රැගෙන ජිනීවා ගිය හැක. (සාධාරණ පරික්ෂණයකට බය නිසා කවදාවත් ඔය උන්නැහේලා ජිනීවා යන්නේ නැත)

අනෙක් අතට පෙර ප්‍රවෘත්තියක අපිම පවසා ඇති පරිදි අල් හුසේන් ජාත්‍යන්තර අධිකරණයක් නොව දේශීය යාන්ත්‍රණයක් යෝජනා කරයි. ඉතින් මේවා අතිශය වෘෂභ ජවනිකා ය. විමල්ට කියන්නට ඇත්තේ සටන් පාඨ නැත්නම් කෙසෙල් කපන්න යන්න කියා ය.

RSL

Related Posts