පරික්ෂණ සඳහා ශ්‍රී ලාංකේය යාන්ත්‍රණයක්!

Spread the love

al hussain

සිදුවී ඇතැයි පැවසෙන මානව හිමිකම් උල්ලංඝනයවීම් සම්බන්ධයෙන් වන පරික්ෂණය ශ්‍රී ලංකාවේ ම යාන්ත්‍රණයකින් සිදු විය යුතු බව මානව හිමිකම් පිළිබඳ එක්සත් ජාතින්ගේ මහකොමසාරිස් සෙයිඩ් රාඩ් අල් හුසේන් කුමරු පවසා සිටියි. ජාත්‍යන්තර අපරාධ අධිකරණයක් මගින් පරික්ෂණ පැවැත්වීම ප්‍රයෝගික නොවන බව ඔහු තම මතය ලෙස දක්වා සිටියි.

ජාතික සංහිඳියාව වෙනුවෙන් රජය නිදහස් දිනයේ දී ජාතික ගීය දෙමළ බසින් ගායනා කර සංකේතාත්මකව තබන ලද පියවරත්, උතුරු මහඇමතිවරයා නාගදීප විහාරය වැඳ පුදාගෙන දැක්වූ ප්‍රතිචාරයත් මේ ගැටලුව සම්බන්ධයෙන් ශුභවාදී බව ඔහු දක්වයි. කෙසේ වෙතත් උතුරු නැගෙනහිර හමුදාව සතු කරගෙන සිටින ඉඩම් ඒවා අයිති ජනතාවට ලබා දීම කඩිනම් කළ යුතු බව ඔහු වැඩිදුරටත් පවසා ඇත.

කෙසේ වෙතත් මෙම තත්වය රටක් වශයෙන් ශ්‍රී ලංකාවට ධනාත්මක තත්වයක් උදාකරනු ඇති අතර අල් හුසේන්ට එරෙහිව තාප්ප පුරා පෝස්ටර් ඇලවූ ජාතිවාදී බලවේග වල සටන් පාඨයන්හි උද්වේගයද මේ තත්වය හරහා අඩු වී යනු ඇතැයි සිතිය හැකි ය.

RSL

Related Posts