මෙවැනි රටකට නොවෙද ඉර හඳ පායන්නේ?
කුලියාපිටිය යනු ශ්‍රී ලංකාවේ එක්තරා ප්‍රදේශයකි. ශ්‍රී ලංකාවේ සියලු ම දේවල් පාහේ කේන්ද්‍රව ඇති කොළඹ සිට කුලියාපිටියට ඇත්තේ යාන්තම් කිලෝමිටර් 80ක් පමණ දුරකි. එහි වෙසෙන එක්තරා මවකට සිය දරුවා පෙරපාසල් අධ්‍යාපනයෙන් පසුව පාසලක ඇතුළත් කරගැනීමට නොහැකි ව කලාප අධ්‍යාපන කාර්යාලය ඉදිරිපිට උපවාසයක් කරන ලද බව වාර්තා විය. දැනටමත් බොහෝ අය දන්නා පරිදි ටික කලෙකට ඉහත දී මේ දරුවාගේ පියා හදිසියේ …
Continue Reading
මෙසේ ද සිදු විය!
කාලය සහ අවකාශය විසින් සියලු ප්‍රශ්නවලට විසඳුම් දෙතැ යි දාර්ශනිකයෙක් පැවසුවේ ය. කාලය විසින් මවන වෙනස පිළිබඳ ව බොහෝ කලා නිර්මාණවල අඩංගුවන අතර අප මේ කියන්නට යන්නේ, දේශපාලනය තුළ කාලය මැව් වෙනසක අරුමය යි. මහින්ද රාජපක්ෂ රජයේ සිටි නීලකාස හොරුන්, ඝාතකයන්, ස්ත්‍රී දූෂකයන්, පගා මරුවන්, ජනතා පීඩාකාරී කාර් රේස් කරුවන් ගැන කවුරුත් දනිති. තාජුඩීන් ඝාතනය මිනීමරුමක් බව කියන්නේ දැන් ය. …
Continue Reading
ඕනෑ ම ගොනෙකුට විශ්වවිද්‍යාල ඇදුරෙක් විය හැකි ය!
ශ්‍රී ලංකාණ්ඩුවේ ඇමැතිවරු කාලයක සිට ලියුම් දෙති. තරුණ වයසේ පසුවන අය ලිපි හුවමාරුව අවසන් කර දැන් කාලයක් ගත වී ඇතත් ඇමැතිවරු එය අවසන් කර නැත. තමන්ට කඩේ ගිය මෝඩ ජනතාව රස්සාවල් ඉල්ලා ගෙදරට එද්දී, නොයෙක් රස්සාවල් ලබා දෙන්නැයි කියා ලියුම් ගැසීම ඇමැතිවරුන්ගේ සාමාන්‍ය සිරිත යි. නාමල් රාජපක්ෂ විශ්වවිද්‍යාලට ළමයෙක් ඇතුල්කරන්නට ද ලියුමක් දී තිබුණි. දැන් එහි දෙවැනි සංස්කරණය නිකුත් වී …
Continue Reading
හිටපු ජනපති මහින්ද අත්අඩංගුවට ?
නාමල් රාජපක්ෂ මන්ත්‍රීවරයා වසීම් තාජුඩීන් ඝාතනය සම්බන්ධයෙන් සැකපිට අත්අඩංගුවට ගැනීමේ සූදානමක් ඇති බව අපි හෙළි කළෙමු. අද දිනයේ දළදා වහන්සේ වන්දනා කිරීමට ගිය හිටපු ජනපති මහින්ද මාධ්‍ය ඇමතුවේ ය. එහි දී ඔහු පැවසුවේ, මෙලෙස බොහෝ දෙනා අත්අඩංගුවට ගෙන අවසානයේ දී තමා ව ද අත්අඩංගුවට ගනු ඇති බව යි. එහි දී ඔහු නාම ලේඛනයක් කියා ගෙන ගියේ ය. එනම්, මේ අයුරින් …
Continue Reading
සතිඅග සළරුව – Room (2015)
වසර පහක මුලු ජීවිත කාලයට ම බාහිර ලොවක් නොදැන සිටි දරුවෙක්. තමන් වත් තම දරුවා වත් සිරකර සිටින අඩි දහයයි දහයේ කුටිය තුළ සිය පුතු වෙනුවෙන් ලොවක් ගොඩ නඟන්නට වෙර දැරූ තරුණ මවක්. රූම් චිත්‍රපටය විටෙක අනුවේදනීය විටෙක උද්වේගය දනවන කතාවක් පමණක්ම නොවෙයි. ඇමෙරිකානුවන් හට එරට සමාජ ප්‍රශ්නයක් හා බැඳුණු යමක්ද වනවා. තරුණියන්ව පැහැරගෙන ගොස් වසර ගණන් කුඩා කාමර තුළ, …
Continue Reading
“මගෙ සුදු මාමණ්ඩිට බුද්ධං සරණේ සරණයි!”
ඉතාලියේ හිටපු තානාපති හේමන්ත වර්ණකුලසූරියට එරෙහිව පැවරූ මූල්‍ය වංචා නඩුවකට අදාළව ඔහු අත්අඩංගුවට ගැනීම සහ ඉදිරි ක්‍රියාමාර්ග සඳහා නීතිපති වෙත යොමු කර ඇති ලිපිගොනුව කලක් තිස්සේ එහි නැවතී තිබෙන බවට වාර්තා වෙයි. හේමන්ත වර්ණකූලසූරියට එරෙහිව යූරෝ 93,313.08ක් එනම් රුපියල් ලක්ෂ 12කට ආසන්න මුදලක් වංචා කිරීම සම්බන්ධයෙන් මේ නඩුව පවරා ඇති අතර මේ සම්බන්ධයෙන් අත්අඩංගුවට ගත් ගණකාධිකාරිවරයා රක්ෂිත බන්ධනාගාරගතව සිට ඇප …
Continue Reading
නාටක මාරයි! පොලිසිය හමාරයි!
මෙම පුවතට “පොලිසියේ රෙදි ගැලවෙයි” යනුවෙන් සිරසක් යොදන්නට සිතා නැවත් එම සිතිවිල්ල වෙනස් කරගත්තේ පොලිසියට රෙද්දක් තිබෙනවා ද යන පැනය නිසා ය. එක්තරා රූපවාහිනි නාලිකාවක විකාශය වන විකට වැඩසටහනකට පොලිස් නිල ඇඳුම්වලට සමාන ඇඳුම් යොදාගෙන රඟපෑම් කිරීම මඟින් පොලිසියට අපකීර්තියක් වූයේ යැයි කියමින් පොලිස් මාධ්‍ය ප්‍රකාශක රුවන් ගුණසේකර විසින් ඔවුන්ට එරෙහිව පවරා තිබූ නඩුවකින් විත්තිකරුවන් නිදොස් කොට නිදහස් කරනු ලැබීය. …
Continue Reading
යාපනය සරසවියේ ලොකු ම ප්‍රශ්නය රැවුළ ද?
යාපනය විශ්වවිද්‍යාලයේ පාලනාධිකාරිය විසින් සිසුන් ව ආචාර ධර්ම පද්ධතියකට යටත් කරන්නට වැඩපිළිවෙලක් සකසා ඇතැයි වාර්තා වෙයි. රැවුළ වැවීම තහනම් කර ඇති අතර සිසුවියන් සිකුරාදා ආනිවාර්යෙන් සාරියෙන් සැරසී ආ යුතු බව ආදී චර්යා ධර්ම ඊට ඇතුළත්ව ඇතැයි සඳහන් වේ. විශ්වවිද්‍යාලයක මූලික කර්තව්‍යය ශාස්ත්‍රෝද්ග්‍රහණය වන අතර මේවැනි ක්‍රියාමාර්ග සත්‍ය වශයෙන් ම හැඳින්විය හැක්කේ ගොන් පාට් වශයෙනි. මෙවැනි ගොන් පාට් බිහිවන්නේ විශ්වවිද්‍යාල පාලනාධිකාරිවලට …
Continue Reading
නාමල් රාජපක්ෂ අත්අඩංගුවට!
රගර් ක්‍රීඩක වසීම් තාජුඩීන් ඝාතනයට අදාළ සැකකරුවන් වහා ම අත්අඩංගුවට ගන්නා ලෙස, අධිකරණය ඊයේ (25) රහස් පොලිසියට දැනුම් දුන්නේ ය. රිය අනතුරක් මෙන් මවා පාන ලද මෙය මනුෂ්‍ය ඝාතනයක් බව පසුව තහවුරු විය. මේ ඝාතනය සම්බන්ධයෙන් සැකපිට හිටපු ජනපති දෙටු පුත් නාමල් රාජපක්ෂ මන්ත්‍රීවරයා නුදුරු දිනයක රහස් පොලිස් අත්අඩංගුවට පත් වනු ඇතැයි වාර්තා වෙයි. ආරංචි මාර්ග තවදුරටත් හෙළිකර සිටින්නේ, නාමල් …
Continue Reading
“රනිල් මහලොකු චණ්ඩියෙක් නොවෙයි!”
මහින්ද රාජපක්ෂ ලොකු චණ්ඩියෙක් ලෙස හැසිරුණු බවත්, ඔහු සමඟ තවත් මහ චණ්ඩි පිරිසක් සිටි බවත් ඔවුන් ව ගෙදර යැවූ ජනතාවට වත්මන් අගමැති රනිල් වික්‍රමසිංහ චණ්ඩියෙක් නොවන බවත් ඔහු ප්‍රජාතන්ත්‍රවිරෝධීව හැසිරෙන්නේ නම් ඔවුන්ව ගෙදර යැවීමට ජනතාව පසුබට නොවනු ඇති බවත් මාධ්‍ය හමුවකට එක් වෙමින් ජාතික වෘත්තීය සමිති මධ්‍යස්ථානයේ සභාපති කේ.ඩී. ලාල්කාන්ත පැවසුවේ ය. එට්කා හෙවත් ඉන්දියාව සමඟ අත්සන් කරන්නට යන භාණ්ඩ …
Continue Reading