හම්බන්තොට වරාය ගණුදෙනුවෙන් කෝටි 1800ක කොමිස් ගැහිල්ලක්! මලික්ට-පාස්කරලිංගම්ට විරුද්ධව පැමිණිලි
හම්බන්තොට වරාය ආශ‍්‍රිත කර්මාන්ත කලාපය, තෙල් ටැංකි සංකීර්ණය විදෙස් ආයෝජකයෙකුට ලබා දීම ඩොලර් මිලියන 100ක කොමිස් මුදලක් ලබා ගැනීමට උත්සාහයක් ඇති බවට පැමිණිල්ලක් ඉදිරිපත්ව තිබේ. 2015-2019 යහපාලන ආණ්ඩුවේ සිදු වූ වංචා සෙවීම සදහා පත් කර ඇති විශේෂ ජනාධිපති කොමිසමට මෙම පැමිණිල්ල ඉදිරිපත් කර ඇත්තේ සත්‍ය ගවේශකයෝ සංවිධානය විසිනි. ඔවුන් විසින් ඇමති මලික් සමරවික‍්‍රම හා අගමැති උපදේශක ආර්. පාස්කරලිංගම් යන දෙදෙනාට …
Continue Reading
මහබැංකුව කොල්ල කෑමට යෙදවූ අර්ජුන් මහේන්ද්‍රන්ගෙන් පසු රනිල් විසින් හොරකමේ එවන ඊලඟ කෙනා ඇමති මලික්..?
එක්සත් ජාතික පක්ෂ නායක සහ අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහගේ අතිජාත මිත්‍ර, ශ්‍රී ලංකා මහබැංකුව බැඳුම්කර ගනුදෙනු හරහා කොල්ල කෑමට යොදාගත් කුප්‍රකට අර්ජුන් මහේන්ද්‍රන්ගෙන් පසුව, රනිල් විසින් ඇමතිකම් සහ විශේෂ වරප්‍රසාද ලබාදෙමින් අන්ත දූෂිත සිංගප්පුරු ගිවිසුම ඇතුළු විවිධ වංචා දුෂණ සහ අක්‍රමිකතා සිදුකර ගැනීමට යොදාගන්නා කුප්‍රකට පුද්ගලයා ඇමති මලික් සමරවික්‍රම බවට මේ වන විට තොරතුරු අනාවරණය වෙමින් පවතී. බරපතල අක්‍රමිකතා රාශියක් සිංගප්පුරු …
Continue Reading
එජාපයේ අටේ කල්ලිය වැඩ අරඹයි! පළමු රතු නිවේදනය නිකුත් වෙයි
එක්සත් ජාතික පක්ෂය සුරකිමින් සංවර්ධනය කිරීම වෙනුවෙන් ගොඩනැඟුනු එක්සත් ජාතික පක්ෂ පසුපෙළ මන්ත්‍රීවරුන්ගෙන් සමන්විත “අටේ කල්ලිය” ඉදිරිපත් වීමට නියමිත අයවැය ඉලක්ක කරගනිමින් සිය පළමු රාජකාරිය අරඹා ඇතැයි එම පක්ෂ අභ්‍යන්තර ආරංචි මාර්ගවලින් වාර්තාවේ. ඉදිරි අය-වැයේදී සංවර්ධන උපාය මාර්ග, ජාත්‍යන්තර වෙළෙඳ සහ විද්‍යා තාක්ෂණ හා පර්යේෂණ අමාත්‍ය මලික් සමරවික්‍රම මහතාගේ අමාත්‍යාංශය පිළිබඳ වැය ශීර්ෂයේදී ඡන්දය දීමෙන් වැළකී සිටීමට එක්සත් ජාතික පක්ෂයේ …
Continue Reading
රටත්, ජාතියත් රවටා විදේශිකයින් සමඟ හොර ගිවිසුම් ගැසූ මලික් වැන්නෙකු යළි එපා
අන්තර්ජාතික වෙළෙදාම සම්බන්ධයෙන් අමාත්‍ය ධුර ලබාදීමේදී මලික් සමරවික්‍රම වැනි කපටි පුද්ගලයන් නැවත පත් නොකරන ලෙස වෘත්තිකයන්ගේ ජාතික පෙරමුණේ ලේකම් ඉන්ජිනේරු කපිල පෙරේරා ජනාධිපතිවරයාගෙන් ඉල්ලා සිටියේය. සිංගප්පූරු ගිවිසුම හරහා මේ රටේ ජනතාව රවටා, රට අපකීර්තියට පත් කළ මලික් සමරවික්‍රම හට කිසිදු අමාත්‍ය ධුරයක් ලබා නොදෙන ලෙසද ඔහු ජනාධිපතිවරයාගෙන් ඉල්ලා සිටියේය. වෘත්තිකයන්ගේ ජාතික පෙරමුණ ඊයේ (19දා) රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංගම් කාර්යාලයේදී පැවැත්වූ …
Continue Reading
විදුලි දුම්රියෙන් කොමිස් ඉල්ලූ බවට ඇමති සුජීවට චෝදනා; ඇමති මලික්ගේ නම උපක්‍රමශීලීව හැලෙයි (Video)
ශ්‍රී ලංකාව තුල අධිවේගී විදුලි දුම්රිය නිෂ්පාදනය කිරීම සදහා ව්‍යාපෘතියක් ආරම්භ කිරීම සදහා ආයෝජන මණ්ඩයේ අනුමැතිය දීම සදහා රාජ්‍ය ඇමති සුජීව සේනසිංහ මහතා කොමිස් මුදල් ඉල්ලා සිටි බව ‘සිලෝන් හයිස්පීඩ් රේල්වේස් ලිමිටඩ්’ සමාගම චෝදනා කරයි. මීට පෙර මෙම ප්‍රවෘත්තිය සම්බන්ධයෙන් වාර්තා වී තිබුණේ, වත්මන් රජයේ ආයෝජන ඇමති මලික් සමරවික්‍රම සහ ඇමති සුජීව සේනසිංහ විසින් මේ සඳහා කොමිස් ඉල්ලූ බවයි. එහෙත් …
Continue Reading
මං දන්නේ නෑ; මට තේරෙන්නේ නෑ..
“පක්ෂය විනාශ කරන, ආණ්ඩුව විනාශ කරන, මේ මුළු මතවාදයම විනාශ කරන දෙතුන් දෙනෙක් ආණ්ඩුව තුළ ඉන්නවා. මොවුන් එළියට දැමීම අගමැතිවරයාගේ වගකීමක්. අගමැතිතුමාගේ අනාගතයත්, රටේ අනාගතයත්, රජයේ අනාගතයත්, පක්ෂයේ අනාගතයත් තීන්දු කෙරෙන්නේ අට පාස් නැති, ඡන්ද 05ක් ගත්තේ නැති මේ ඇමැතිවරුන් ඉවත් කරන දිනය අනුව. අට පාස් නැති ඇමැතිවරුන් ආර්ථිකය බලා ගන්න ඉන්නවා. පිටරට ඉඳලා ආපු ආර්ථික උපදේශකයෝ ඉන්නවා. ජනතාවගේ දහදිය …
Continue Reading
ආණ්ඩුවත්, පක්‍ෂයත් වනසන අට පාස් නැති දෙතුන් දෙනා එළියට දමනු..!
පක්ෂය විනාශ කරන, ආණ්ඩුව විනාශ කරන එසේම මේ මුළු මතවාදයම විනාශ කරන දෙතුන් දෙනෙක් ආණ්ඩුව තුළ ඉන්නා බවත් මොවුන් එළියට දැමීම අගමැතිවරයාගේ වගකීම… බවත්, අගමැතිතුමාගේ අනාගතයත්, රටේ අනාගතයත්, රජයේ අනාගතයත්, පක්ෂයේ අනාගතයත් තීන්දු කෙරෙන්නේ මේ අට පාස් නැති, ඡන්ද 05ක් ගත්තේ නැති මේ ඇමැතිවරුන් ඉවත් කරන දිනය අනුව බවත් පාර්ලිමේන්තු මන්ත්‍රි චතුර සේනාරත්න මහතා පැවැසීය. ඒ මහතා මේ අදහස් පළ …
Continue Reading
මලික්ගේ කලු සල්ලි සුදු කරන ජාවාරමේ සැඟවුන කොල්ලකරු උපුල්..?
ශ්‍රී ලංකාව තුල ආර්ථික අවපාතයක් ඇති මේ කාලවකවානුවට පෙර සිට සිංගප්පූරුව සහ ශ්‍රී ලංකාව අතර සිදුවන මහා මුදල් කොල්ලයක තොරතුරු හෙලිවෙමින් පවතී. මේ අනාවරණය වන තොරතුරු අනුව මෙහි ප්‍රධාන මෙහෙයුම්කරු වන්නේ ආයෝජන මණ්ඩලයේ හිටපු සභාපති වන නීතිඥ උපුල් ජයසූරිය බවට සැකයක් බවතී. මලික් සමරවික්‍රම අමාත්‍යවරයා සහ ඔහුගේ හිතමිත්‍ර සිංගප්පූරු ජාතික ශ්‍රි රාම් සමග ඇති ව්‍යාපාරික ගණුදෙනු වල ප්‍රතිඵලයක් ලෙස ශ්‍රි …
Continue Reading
ඇමති මලික්ගේ කුප්‍රකට සිංගප්පුරු ගිවිසුම ගැන විද්වත් වෘත්තිකයෝ ජනාධිපති කොමිසමක් ඉල්ලති
ශ්‍රී ලංකා-සිංගප්පූරු වෙළෙඳ ගිවිසුම පිළිබඳව විමර්ශනය සඳහා ජනාධිපති කොමිසමක් පත්කරන ලෙස ජනාධිපති මෛත්‍රිපාල සිරිසේන මහතාගෙන් ඉල්ලා සිටින බව වෘත්තිකයන්ගේ ජාතික පෙරමුණේ සහ රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංගමයේ සභාපති විශේෂඥ වෛද්‍ය අනුරුද්ධ පාදෙනිය මහතා ඊයේ (21) සඳහන් කළේය. මෙම ගිවිසුම පිළිබඳව මල්වතු අස්‌ගිරි මහානායක හිමිවරුන් දැනුවත් කිරීමට ඒ මහතා ඇතුළු වෘත්තිකයන් පිරිසක් ඊයේ කටයුතු කළ අතර උන්වහන්සේලා බැහැ දැකීමෙන් අනතුරුව පාදෙනිය මහතා …
Continue Reading
රටේ ආර්ථිකයට සහ ස්වාධීනත්වයට හානිකර එට්‌කා – සිංගප්පූරු ගිවිසුම්වලට එරෙහිව වෛද්‍ය වර්ජනයක්
පාර්ලිමේන්තුවට හෝ ඉදිරිපත් නොකර ක්‍රියාත්මක කිරීමට යන රටේ ආර්ථිකයට සහ ස්වාධීනත්වයට හානිකර සිංගප්පූරු ගිවිසුමට සහ එට්‌කා ගිවිසුමට එරෙහිව මෙම 17 වැනිදා (බ්‍රහස්‌පතින්දා) රට පුරා රෝහල්වල දීප ව්‍යාප්ත එක් දින වැඩවර්ජනයක් දියත් කරන බව රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංගමයේ ලේකම් වෛද්‍ය හරිත අලුත්ගේ මහතා ඊයේ (11) ප්‍රකාශ කළේය. සැබෑ ජාතික ප්‍රතිපත්තියක් බිහිකරන තුරු මෙවන් අත්තනෝමතික ක්‍රියාමාර්ගවලින් වැලකී සිටින බවට බලධාරීන්ගෙන් සහතිකයක් නොලැබුනොත් …
Continue Reading