ආණ්ඩුවත්, පක්‍ෂයත් වනසන අට පාස් නැති දෙතුන් දෙනා එළියට දමනු..!

Spread the love

පක්ෂය විනාශ කරන, ආණ්ඩුව විනාශ කරන එසේම මේ මුළු මතවාදයම විනාශ කරන දෙතුන් දෙනෙක් ආණ්ඩුව තුළ ඉන්නා බවත් මොවුන් එළියට දැමීම අගමැතිවරයාගේ වගකීම… බවත්, අගමැතිතුමාගේ අනාගතයත්, රටේ අනාගතයත්, රජයේ අනාගතයත්, පක්ෂයේ අනාගතයත් තීන්දු කෙරෙන්නේ මේ අට පාස් නැති, ඡන්ද 05ක් ගත්තේ නැති මේ ඇමැතිවරුන් ඉවත් කරන දිනය අනුව බවත් පාර්ලිමේන්තු මන්ත්‍රි චතුර සේනාරත්න මහතා පැවැසීය.

ඒ මහතා මේ අදහස් පළ කළේ වැලිවේරිය ඇඹරළුව ප්‍රදේශයේ පැවැති ප්‍රජා සත්කාරයකට සහභාගි වූ අවස්ථාවේ මාධ්‍යට අදහස් දක්වමිනි.

වැඩිදුරටත් අදහස් දක්වමින් ඒ මහතා මෙසේද කීය.

‘අට පාස් නැති ඇමැතිවරුන් ආර්ථිකය බලා ගන්න ඉන්නවා. පිටරට ඉඳලා ආපු ආර්ථික උපදේශකයෝ ඉන්නවා. ජනතාවගේ දහදිය සුවඳ දන්නේ නැති ආර්ථික විශේෂඥයෝ ඉන්නවා. මේ ඔක්කොම එළවලා දාලා එදා මේ රජය ගේන්න මහන්සි වූ සැබෑ විද්වතුන් බුද්ධිමතුන් මෙය භාරගත යුතුයි කියන තැන මම ඉන්නවා.’

‘රුපියල පා කරලා මේ වෙන ආර්ථික විනාශය අපි පෙන්නා දුන්නේ මීට ගොඩක් කලින්. අපි මේවා පක්ෂ නායක රැස්වීම්වලදී කිව්වා. අගමැතිතුමාගේ විශ්වාසභංගයේදිත් මම කෙළින්ම කිව්වා. අපි කියන දේවල් මේ අය ඇසිය යුතුයි.’

-මව්බිම-

RSL

Related Posts