ඇමති මලික්ගේ කුප්‍රකට සිංගප්පුරු ගිවිසුම ගැන විද්වත් වෘත්තිකයෝ ජනාධිපති කොමිසමක් ඉල්ලති

Spread the love

ශ්‍රී ලංකා-සිංගප්පූරු වෙළෙඳ ගිවිසුම පිළිබඳව විමර්ශනය සඳහා ජනාධිපති කොමිසමක්‌ පත්කරන ලෙස ජනාධිපති මෛත්‍රිපාල සිරිසේන මහතාගෙන් ඉල්ලා සිටින බව වෘත්තිකයන්ගේ ජාතික පෙරමුණේ සහ රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංගමයේ සභාපති විශේෂඥ වෛද්‍ය අනුරුද්ධ පාදෙනිය මහතා ඊයේ (21) සඳහන් කළේය.

මෙම ගිවිසුම පිළිබඳව මල්වතු අස්‌ගිරි මහානායක හිමිවරුන් දැනුවත් කිරීමට ඒ මහතා ඇතුළු වෘත්තිකයන් පිරිසක්‌ ඊයේ කටයුතු කළ අතර උන්වහන්සේලා බැහැ දැකීමෙන් අනතුරුව පාදෙනිය මහතා මේ බව සඳහන් කළේය.

විශේෂඥ වෛද්‍ය අනුරුද්ධ පාදෙනිය මහතා එහිදී වැඩිදුරටත් මෙසේද කියා සිටියේය.

මෙම භයානක ගිවිසුම පිළිබඳව අප මහානායක හිමිවරුන් දැනුවත් කළා. මෙම ගිවිසුම සම්බන්ධයෙන් සම්පූර්ණ කැබිනට්‌ අනුමැතියක්‌ ලැබුණාදැයි බරපතළ සැකයක්‌ තිබෙනවා. මෙවැනි ජාත්‍යන්තර වෙළෙඳ ගිවිසුම් අප රට අත්සන් කරන්නේ නම් ජාතික වෙළෙඳ ප්‍රමිතියක්‌ තිබිය යුතුයි කියලා අප අධිකරණය හමුවේ නඩුවක්‌ පැවරුවා. නමුත් මලික්‌ සමරවික්‍රම ඇමැතිවරයා කළේ ජාතික වෙළෙඳ ප්‍රතිපත්තිය කියා නම් කළ රත්නායක කියන පුද්ගලයකු ලියන ලද රචනාවක්‌ කැබිනට්‌ මණ්‌ඩලයට ඉදිරිපත් කිරීමයි.

මොවුන් රට නොමඟ යෑවීමට ජාතික වෙළෙඳ ප්‍රතිපත්තිය නව වෙළෙඳ ප්‍රතිපත්තිය කියලා යොදා පාර්ලිමේන්තුවේ සභා සම්මත කරගෙන තිබෙනවා. මොවුන් කැබිනට්‌ මණ්‌ඩලය නොමඟ යවා තිබෙනවා. මේ නිසා මෙම ගිවිසුම පිළිබඳව පරීක්‍ෂා කිරීමට බැඳුම්කර කොමිසම මෙන් කොමිසමක්‌ පත්කරන මෙන් අප ජනාධිපතිවරයාගෙන් ඉල්ලා සිටිනවා.

RSL

Related Posts