හම්බන්තොට වරාය ගණුදෙනුවෙන් කෝටි 1800ක කොමිස් ගැහිල්ලක්! මලික්ට-පාස්කරලිංගම්ට විරුද්ධව පැමිණිලි

Spread the love

හම්බන්තොට වරාය ආශ‍්‍රිත කර්මාන්ත කලාපය, තෙල් ටැංකි සංකීර්ණය විදෙස් ආයෝජකයෙකුට ලබා දීම ඩොලර් මිලියන 100ක කොමිස් මුදලක් ලබා ගැනීමට උත්සාහයක් ඇති බවට පැමිණිල්ලක් ඉදිරිපත්ව තිබේ.

2015-2019 යහපාලන ආණ්ඩුවේ සිදු වූ වංචා සෙවීම සදහා පත් කර ඇති විශේෂ ජනාධිපති කොමිසමට මෙම පැමිණිල්ල ඉදිරිපත් කර ඇත්තේ සත්‍ය ගවේශකයෝ සංවිධානය විසිනි.

ඔවුන් විසින් ඇමති මලික් සමරවික‍්‍රම හා අගමැති උපදේශක ආර්. පාස්කරලිංගම් යන දෙදෙනාට මෙම චෝදනාව එල්ල කරයි.

මෙම කොමිසම සදහා මේ වන විට ලැබී ඇති පැමිණිලි ගණන 950කි.

RSL

Related Posts