වෙල්ගම හිටපු ජනපති මහින්දට ප්‍රසිද්ධියේ කෝචොක් කරයි

ඉදිරියේදී පැවැත්වෙන ජනාධිපතිවරණය සඳහා හිටපු ජනාධිපති වත්මන් විපක්ෂ නායක මහින්ද රාජපක්ෂ මහතාට ඉදිරිපත් විය හැකි බවත් සන්ධාන පාර්ලිමේන්තු මන්ත්‍රී කුමාර වෙල්ගම සඳහන් කරයි. මහින්ද රාජපක්ෂ මහතා ජනාධිපතිවරණය සඳහා නාමයෝජනා දුනහොත් එය ප්‍රතික්ෂේප කිරීමේ බලයක් තමනට නැතැයි මැතිවරණ කොමිසමේ සභාපති මහින්ද දේශප්‍රිය මහතා පැහැදිලිව සඳහන් කර ඇති බවද මන්ත්‍රීවරයා කියා සිටී. මැතිවරණ කොමසාරිස්වරයා විසින් රාජපක්ෂ මහතාගේ නාම යෝජනාව පිළිගැනීමෙන් පසු ඡන්ද …

Continue Reading

“මහින්ද – දයාසිරි” ගැටුම ගැටගැසුණු හැටි සහ ඇඳුණු හැටි හෙළිවෙයි

තමන් විසින් කරන ලද ප්‍රකාශයක් මාධ්‍ය ඔස්සේ සංස්කරණය කළ විකාශය කිරීම මගින් යම් සිත් රිදවීමක් වුණි නම් ඊට තම කණගාටුව පළ කරන බව ශ්‍රී ලංකා නිදහස් පක්ෂ මහලේකම් පාර්ලිමේන්තු මන්ත්‍රී දයාසිරි ජයසේකර විසින් හිටපු ජනාධිපති වත්මන් විපක්ෂ නායක මහින්ද රාජපක්ෂට පවසා ඇතැයි වාර්තාවේ. ඔහු මේ බව ප්‍රකාශ කර ඇත්තේ ජනාධිපති මෛත්‍රීපාල සිරිසේනගේ ප්‍රධානත්වයෙන් පැවැති එක්සත් ජනතා නිදහස් සන්ධාන පාර්ලිමේන්තු මන්ත්‍රී …

Continue Reading

සජිත්ගෙන් මහින්දට ගමක්

අප හිටපු ජනාධිපතිතුමන්ට යුද ජයග්‍රහණයට ගරුත්වය ලබා දිය යුතුයි. ඉදිරියේදී එතුමන්ට එම ගරුත්වය ලබා දෙමින්, මගේ සුරතින් ඔහුගේ නමින් ගම්මානයක් ඉදිකරන්නට කටයුතු කරනවා යැයි, නිවාස සහ ඉදිකිරීම් අමාත්‍ය සජිත් ප්‍රේමදාස පැවැසීය. එස්.ඩබ්ලිව්. ආර්.ඩී. බණ්ඩාරනායක මහතාගේ සහ චන්ද්‍රිකා බණ්ඩාරනායකගේ නමින්ද ගම්මාන ඉදිකරන බවත්, දේශපාලන කුහකකම් හෝ වෛරය හදවතේ තියා ගනිමින් තමා කටයුතු නොකරන බවත්, ජාති, ආගම්, පක්ෂ, පාට නොබලා පැය 24ම …

Continue Reading

මහින්දගේ විපක්ෂනායක ධුරයට එරෙහිව ආණ්ඩුවේ TNA පාර්ශවය ශ්‍රේෂ්ඨාධිකරණයට

විපක්ෂ නායක තනතුර ආර්. සම්පන්දන්ගෙන් ඉවත් කොට මහින්ද රාජපක්ෂට ලබාදීමට ගෙන ඇති තීරණය බල රහිත කරන ලෙස ඉල්ලා එක්සත් ජාතික පක්ෂ ආණ්ඩුවේ පාර්ශවකරුවා වන දෙමළ ජාතික සන්ධානය ශ්‍රේෂ්ඨාධිකරණ හමුවේ නඩු පැවැරීමට යයි. විපක්ෂ නායක තනතුරේ සම්පන්දන් කටයුතු කරමින් සිටියදී කථානායකවරයා විසින් ඔහු එම තනතුරෙන් ඉවත් නොකොට එක්සත් ජනතා නිදහස් සන්ධානයේ මන්ත්‍රි කණ්ඩායමේ නායක මහින්ද රාජපක්ෂ විපක්ෂ නායක ලෙස පිළිගන්නා බවට …

Continue Reading

කැලේ මාරුකලාට කොටියගේ පුල්ලි වෙනස් වෙන්නේ නැහැ; සන්ධාන හැදුවට එජාපයේ ප්‍රතිපත්ති වෙනස් වෙන්නේ නෑ

ඉදිරි මැතිවරණයකට නව සන්ධාන හදාගනිමින් එක්සත් ජාතික පක්ෂය කුමන ලෙසකින් තරග වැදුනද ඔවුන්ගේ ප්‍රතිපත්ති වලින් මහජනතාවට සෙතක් සිදුනොවන බව විපක්ෂ නායක මහින්ද රාජපක්ෂ පවසයි. ගාල්ල, බද්දේගම ප්‍රදේශයේ පැවති උත්සවයකට එක්වෙමින් ඔහු මේ අදහස් පළකළේය. කුමන පක්ෂයකින් පැමිණියද එක්සත් ජාතික පක්ෂය, එක්සත් ජාතික පක්ෂයම වන බවත් ප්‍රතිපත්ති වෙනස් නොවන බවත් මහින්ද රාජපක්ෂ පැවසීය. ඔහු පැවසූවේ ජනතාවට පීඩනයක් මිස ඊට වඩා වැඩි …

Continue Reading

මහින්දගේ ආණ්ඩු පෙරළීම හෙවත් පොහොයෙන් පොහොය ගෙවා ගසමින් යන රස්තියාදුව

2015 ජනාධිපතිවරණ පරාජයෙන් පසුව එම වසරේම මහ මැතිවරණයෙන්ද පරාජයට පත්ව කුරුණෑගල පාර්ලිමේන්තු මන්ත්‍රීවරයෙකු ලෙස පාර්ලිමේන්තුවේ දිවුරුම් දුන් ශ්‍රී ලංකාවේ පස්වන විධායක ජනාධිපති මහින්ද රාජපක්ෂ එදා සිට යන පන්සලක් ගානේත්, අල්ලන මයික්‍රෆෝනයක් ගානේත් කියාගෙන ගිය “මේ ආණ්ඩුව තව පොහොය කිහිපයයි; ඊලඟ පොහොයේදී අපි ආණ්ඩුව පෙරලනවා” සටන් පාඨය මහින්ද ඔහුගේම වචනවලින් අමු කෙප්පය බවට පත්කොට හමාරය. “අද රටේ තියෙන ආර්ථික අර්බුදය වෙනුවෙන් …

Continue Reading

මෛත්‍රී වන්දනාවේ යන රාජපක්ෂවරු සහ ඇඟ සහ මොළය අතර දේශපාලනය

කලකට ඉහතදී ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන පැමිණෙන උත්සව හෝ සම්භාෂණ සඳහා සහභාගී වීම හෝ ඔහු අසලින් වාඩි වීමට වත් අකමැති වූ හිටපු ජනාධිපති සහ වත්මන් පාර්ලිමේන්තු මන්ත්‍රී මහින්ද රාජපක්ෂ සහ රාජපක්ෂ පවුල් සමාගමේ අය මේ දිනවල තරඟයට ජනපති මෛත්‍රී පසුපස යන බව හොඳින්ම පෙනී යයි. ඒ අතර මහින්ද සහ ගෝඨාභය ප්‍රමුඛ වෙයි. රාජපක්ෂවරු දෙපළගේ තෝල්කයින් මේ වන විට ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන …

Continue Reading

සභාග ආණ්ඩු ගැන කතා කිරීම බොරුවට කාලය කන වැඩක්; ඒකාබද්ධයේ නායකයින් විමල්ට කියාදෙයි

ජනාධිපති මෛත‍්‍රීපාල සිරිසේනගේ පාර්ශ්වයෙන් නිල ආරාධනයක් ලැබෙනතුරු සභාග ආණ්ඩු පිහිටුවීම පිළිබඳව ඒකාබද්ධ විපක්ෂයේ තම කණ්ඩායම තුල සාකච්ඡා කරමින් කාලය කා දැමීමේ ඵලක් නොවන බවට ඒකාබද්ධ විපක්‍ෂයේ පක්‍ෂ නායකයන් තීරණය කර ඇත. ආණ්ඩුවෙන් ඉවත්වීම පිළිබඳව හෝ සභාග ආණ්ඩු පිහිටුවීම පිළිබඳව ශ්‍රී ලංකා නිදහස් පක්‍ෂය මෙතෙක් කිසිවක් ප‍්‍රකාශ කර නොමැති බැවින් මෙම තීරණය ගත්බව ඒකාබද්ධ විපක්‍ෂයේ ජ්‍යේෂ්ඨයෙක් පැවැසීය. ඒකාබද්ධ විපක්‍ෂයේ පක්‍ෂ නායකයන්ගේ …

Continue Reading

ජනාධිපති සිරිසේනගේ වචන විශ්වාස කළ නොහැකියි; අවස්ථා ගණනාවකදී ඔහු විශ්වාසය කඩ කළා

ජනාධිපති මෛත්‍රිපාල සිරිසේන මහතාගේ ප්‍රකාශ විශ්වාස කිරීම බරපතළ ගැටලුවක් නිසා ජනාධිපතිතුමා සමඟ හිටපු ජනාධිපති මහින්ද රාජපක්‍ෂ මහතා ප්‍රමුඛ ඒකාබද්ධ විපක්‍ෂය භාරකාර ආණ්ඩුවක් පිහිටුවීමට සූදානමක් නොමැති බවත් එවැනි කාරණයකට තමා පෞද්ගලිකව විරුද්ධ බවත් ඒකාබද්ධ විපක්‍ෂයේ නියෝජ්‍ය ප්‍රධාන චසංවිධායක රත්නපුර දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රි රංජිත් ද සොයිසා පවසයි. ජනාධිපති මෛත්‍රිපාල සිරිසේන මහතා කෙරෙහි විශ්වාසය තැබිය හැකි කාලය මේ වනවිට ඉක්ම ගොස් ඇති බවත් …

Continue Reading

පන්සලකට දානේ වේලක් දෙන්නවත් අද අපේ බෞද්ධයන්ට ශක්තියක් නෑ

මුදල් ඇමතිගේ නොහැකියාව නිසා බාල්දු වෙන රුපියල හමුවේ දිනෙන් දිනම බඩු මිල ඉහළ යන බවත් ඒ නිසා මිනිස්සුන්ට ජීවත්වීමට නොහැකි තත්ත්වයක් උදාවීම නිසා අද වන විට පන්සලකට දානේ ටිකක් දෙන්නවත් ශක්තියක් නැති බව හිටපු ජනාධිපති කුරුණෑගල දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රි මහින්ද රාජපක්ෂ පැවැසීය. හෙතෙම මේ බව පැවැසුවේ පසුගියදා මාජුවාන ශ්‍රී පුෂ්පාරාම විහාරස්ථානයේ අභිනවයෙන් ඉදිකරන ලද චෛත්‍ය රාජයාගේ කොත්වහන්සේ නිරාවරණය කිරීම වෙනුවෙන් …

Continue Reading