රජයේ පොහොර සමාගම් දෙකට මිලියන 480ක ශුද්ධ ලාභයක්..!

රජයට අයත් පොහොර සමාගම් දෙක වන ලංකා පොහොර සමාගම සහ කොළඹ කොමර්ෂල් පොහොර සමාගම 2023 වසර තුළ රුපියල් මිලියන 480ක ශුද්ධ ලාබයක් ඉපයීමට සමත් වී ඇතැයි කෘෂිකර්ම අමාත්‍යාංශය පවසයි. මේ අනුව කොළඹ කොමර්ෂල් සමාගම රුපියල් මිලියන 360ක් හා ලංකා පොහොර සමාගම රුපියල් මිලියන 120ක් වශයෙන් ද ලාබ උපයා ඇත. රජයේ පොහොර සමාගම් දෙක විසින් උපයන ලද ආදායම පදනම් කර ගනිමින් …

Continue Reading

පරක්කු වූ රස පරීක්ෂක ප්‍රතිඵල මාස හයක් ඇතුළත..!

ප්‍රමාද වී තිබූ රස පරීක්ෂණ වාර්තා මාස හයක් ඇතුළත කඩිනමින් ලබාදෙන බව අධිකරණ බන්ධනාගාර කටයුතු හා ආණ්ඩුක්‍රම  ව්‍යවස්ථා ප්‍රතිසංස්කරණ අමාත්‍ය විජයදාස රාජපක්ෂ මහතා පැවසීය. කොවිඩ් වසංගතය සහ ආර්ථික අර්බුදය හේතුවෙන් රස පරීක්ෂක වාර්තා ලබාගැනීමට අවශ්‍ය රසායනික ද්‍රව්‍ය ගෙන්වීමට තිබූ අපහසුතාවයන් නිසා මේ ප්‍රමාදයන් සිදුවූ බව බව අමාත්‍යවරයා කීය. නීතියේ ආධිපත්‍ය ආරක්ෂා කිරීමට ලබන ජනවාරි මස නව පනත් අටක් සම්මත කර …

Continue Reading

තවත් ප්‍රාන්තයක් ට්‍රම්ප්ගේ අපේක්ෂකත්වය අත්හිටුවයි..!

2024 වසරේ පැවැත්වෙන ඇමෙරිකා ජනාධිපතිවරණයට ඉදිරිපත් වීමට සූදානමින් සිටින, රිපබ්ලිකන් අපේක්ෂක, හිටපු ජනාධිපති ඩොනල්ඞ් ට්‍රම්ප්ගේ ජනාධිපතිවරණ අපේක්ෂකත්වය අත්හිටුවීමට එරට තවත් ප්‍රාන්තයක් පියවර ගෙන තිබේ. මීට පෙර, ඇමෙරිකාවේ කොලරාඩෝ ප්‍රාන්තය ද ට්‍රම්ප්ගේ ජනාධිපතිවරණ අපේක්ෂකත්වය අත්හිටුවීමට කටයුතු කළේය. ඒ, ප්‍රාන්ත ශ්‍රේෂ්ඨාධිකරණය ලබා දුන් නියෝගයක් අනුවය. කොලරාඩෝ ශ්‍රේෂ්ඨාධිකරණය එම තීන්දුව ලබා දුන්නේ ඇමෙරිකන් ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ 14 වැනි සංශෝධනයේ විධි විධානයකට අනුව බව පැවැසිණි. …

Continue Reading

කුඩු රොෂාන්’ගේ කෝටි 6 ක දේපළ පොලිස් භාරයට..!

පොලිසියෙන් සැගවීම සඳහා වරකාපොළ ප්‍රදේශයේ හෝටලයක සිටියදී අත්අඩංගුවට ගත් ප්‍රධාන පෙළේ මත්ද්‍රව්‍ය ජාවාරම්කරුවෙක් යැයි කියන ‘මට්ටක්කුගේ කුඩු රොෂාන්’ නැමැත්තාට අයත් රුපියල් කෝටි 6 කට ආසන්න දේපළ භාරයට ගත් බව ගම්පහ ප්‍රදේශයේ උසස් පොලිස් නිලධාරියෙක් පැවසීය. ‘කුඩු රොෂාන්’ නැමැත්තාට අයිති යැයි කියන ජාඇල ප්‍රදේශයේ ඉඩමක් සහ ජීප් රථයක් මෙසේ පොලිස් භාරයට ගත් බවත් ඒ සම්බන්ධයෙන් වැඩි දුර පරීක්‍ෂණ නීති විරෝධී වත්කම් පිළිබඳව පොලිස් කොට්ඨාසය …

Continue Reading

අතීත පව් අනාගත පරපුරට පටවන්න එපා..! මන්ත්‍රි වජිරගෙන් ප්‍රකාශයක්..!

අතීතයේ වූ ඛෙිදවාචක අනාගත දරු පරපුරට අත්විඳීමට ඉඩ ලබා නොදීමේ භාරදූර වගකීම ඉදිරි ජනාධිපතිවරණයේ දී ලාංකික ජනතාව මත පැවරෙන බව එක්සත් ජාතික පක්ෂ සභාපති පාර්ලිමේන්තු මන්ත්‍රී වජිර අබේවර්ධන මහතා පැවසීය. නැවතී තිබුණු ලෝක බැංකු, ආසියා සංවර්ධන බැංකු, ජයිකා ආයතනය  ඇතුලු ලංකාවට ආධාර සහ ණය දුන් කණ්ඩායම් වල සංවර්ධන ව්‍යාපෘති නැවත 2024 ජනවාරි මාසය ලබන විට ආරම්භ වීමට නියමිත බව කී …

Continue Reading

ගෝඨා පැන්නූ බැසිල්ගේ කුමන්ත‍්‍රණය දිලිත් හෙලි කරයි…!

රට තුළ ආර්ථික අර්බුදයක් නිර්මාණය කරමින් ගෝඨාභය රාජපක්ෂ මහතා එළවා දැමූයේ බැසිල් රාජපක්ෂ මහතා විසින් ඔහු රටේ ජනාධිපතිවරයා වීමට බව බව මවුබිම ජනතා පක්‍ෂයේ නායක දිලිත් ජයවීර මහතා පවසයි. එහි ප්‍රතිඵලය ලෙස අවසානයේ රනිල් වික්‍රමසිංහ ජනාධිපතිවී පොදු ජන පෙරමුණ සහ ජාතිකවාදී කඳවුර විනාශයට පත්වුණු බවත් හෙතෙම කියා සිටී. බැසිල් රාජපක්ෂගේ කුමන්ත්‍රණය හේතුවෙන් අපේක්ෂා භංගත්වයට පත්වූ පොහොට්ටුවේ සාමාජික පිරිසක් අද වන …

Continue Reading

ශ්‍රි පාදස්ථානයට ඉදිරි වසර පනහක් විදුලි බලය කිසිදු බාධාවකින් තොරව..!

නල්ලතන්නිය ශ්‍රි පාද මාර්ගයේ රතු අම්බලම සහ ඉදිකටුපහණ යන ප්‍රදේශවල ලංකා විදුලි බල මණ්ඩලය විසින් අධි බලැති විදුලි ට්‍රාන්ස්ෆොමර් හතරක් සවි කිරිමේ කටයුතු මේ දිනවල සිදු කරමින් පවති. ශ්‍රි පාදස්ථානයට ඉදිරි වසර පහනක කාලයක් සදහා කිසිදු බාධාවකින් තොරව විදුලි බලය ලබාදිම සහ වන්දනාකරුවන්ට අවශ්‍ය පානිය ජලය ලබාදිමට ජල පොම්ප ක්‍රියාත්මක කිරිමට අවශ්‍ය විදුලිය ලබාදිම මෙම ව්‍යාපෘතියේ අරමුණ බව ලංකා විදුලි …

Continue Reading

වැඩි වැටුප් ඉල්ලා වරායේ කරන්න ගිය වැඩ වැරුම අධිකරණ නියෝගයෙන් නවති..!

වරාය තුළ අද (28) දිනයේ ආරම්‍භ කිරීමට නියමිත ව තිබූ අකුරට වැඩ කිරීමේ වෘත්තීය සමිති ක්‍රියාමාර්ගය තාවකාලික ව අත්හිටුවීමට තීරණය කළ බව සමස්ත ලංකා වරාය පොදු සේවක සංගමය පවසයි. 2024, 2026 වැටුප් වැඩි කිරීමේ ඉල්ලීමක් මුල් කරගනිමින් සමස්ත ලංකා වරාය පොදු සේවක සංගමය අද දිනයේ සංකේත වෘත්තීය සමිති ක්‍රියාමාර්ගයක නිරත වීමට තීරණය කර තිබිණි. කෙසේ වෙතත් වරාය පාලනාධිකාරිය විසින් එම …

Continue Reading

විග්නේෂ්වරනුත් ජනපති සටනට..!

දෙමළ දේශපාලන පක්ෂවල එකඟතාවයකින් යුතුව ආරාධනයක් කරන්නේ නම් තමා මීළඟ ජනාධිපතිවරණ අපේක්ෂකයකු  වශයෙන් ඉදිරිපත් වීමට  සූදානම් බව දෙමළ ජනතා සන්ධානයේ නායක සී.වී  විග්නේෂ්වරන් මහතා පැවසීය. දෙමළ දේශපාලන පක්ෂ තනි තනිව ජනාධිපතිවරණ අපේක්ෂකයන් ඉදිරිපත් කිරීමට වඩා පොදු ද්‍රවිඩ අපේක්ෂකයකු ඉදිරිපත් කිරීම කාලෝචිත බවද ඔහු සඳහන් කළේය. පොදු ද්‍රවිඩ අපේක්ෂකයකු ඉදිරිපත් කරන්නේ නම් ඒ සඳහා සුදුසුම පුද්ගලයා තමා බවද  ඔහු කීවේය. මීළඟ …

Continue Reading

නුවරඑලිය කන්තෝරුව ජනවාරි සිට ආයෝජකයෙකුට..! කන්තෝරුවට වෙනත් තැන් තුනක්…!

නුවරඑළිය තැපැල් කාර්යාලය පිහිටුවීමට සුදුසු ගොඩනැගිලි 03ක් තැපැල් දෙපාර්තමේන්තුවට යෝජනා කර ඇති බව නාගරික සංවර්ධන අධිකාරිය පවසයි. එම ස්ථාන පරීක්ෂා කිරීමෙන් අනතුරුව තැපැල් දෙපාර්තමේන්තුව ලබා දෙන කැමැත්ත මත එහි තැපැල් කාර්යාලය පිහිටවීමට අවශ්‍ය යටිතල පහසුකම් සංවර්ධනය කිරීමට නියමිතයි. ජනවාරි මාසය තුළ දැනට තැපැල් කාර්යාලය පිහිටි පැරණි ගොඩනැගිල්ල ආයෝජන ව්‍යාපෘතියකට ලබාදීමට සැලසුම් කර ඇති බව එම අධිකාරිය සදහන් කරයි. යටත්විජිත යුගයට …

Continue Reading