ප්‍රමාද වී තිබූ රස පරීක්ෂණ වාර්තා මාස හයක් ඇතුළත කඩිනමින් ලබාදෙන බව අධිකරණ බන්ධනාගාර කටයුතු හා ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා ප්‍රතිසංස්කරණ අමාත්‍ය විජයදාස රාජපක්ෂ මහතා පැවසීය.
කොවිඩ් වසංගතය සහ ආර්ථික අර්බුදය හේතුවෙන් රස පරීක්ෂක වාර්තා ලබාගැනීමට අවශ්‍ය රසායනික ද්‍රව්‍ය ගෙන්වීමට තිබූ අපහසුතාවයන් නිසා මේ ප්‍රමාදයන් සිදුවූ බව බව අමාත්‍යවරයා කීය.
නීතියේ ආධිපත්‍ය ආරක්ෂා කිරීමට ලබන ජනවාරි මස නව පනත් අටක් සම්මත කර ගන්නා බව ද අමාත්‍යවරයා පැවසීය.
ඉකුත් මාස 18ට ඇතුළත නීති ආධිපත්‍යය තහවුරු කිරීම සඳහා අනපනත් 45 කට වැඩි සංඛ්‍යාවක් සංශෝධනය කළ බවද අමාත්‍යවරයා කීය.
මේ දිනවල දිවයින පුරා ක්‍රියාත්මක වන පොලිස් මෙහෙයුම්වලදී අත්අඩංගුවට ගන්නා සැකකරුවන්ටද රටේ පොදු නීතියට අනුව කටයුතු කරන බව අමාත්‍යවරයා පැවසීය.
රජයේ ප්‍රවෘත්ති දෙපාර්තමේන්තුවේ පැවති මාධ්‍ය හමුවක් අමතමින් විජයදාස රාජපක්ෂ මහතා මේ බව කීය.