රජයේ පොහොර සමාගම් දෙකට මිලියන 480ක ශුද්ධ ලාභයක්..!

Spread the love

රජයට අයත් පොහොර සමාගම් දෙක වන ලංකා පොහොර සමාගම සහ කොළඹ කොමර්ෂල් පොහොර සමාගම 2023 වසර තුළ රුපියල් මිලියන 480ක ශුද්ධ ලාබයක් ඉපයීමට සමත් වී ඇතැයි කෘෂිකර්ම අමාත්‍යාංශය පවසයි.

මේ අනුව කොළඹ කොමර්ෂල් සමාගම රුපියල් මිලියන 360ක් හා ලංකා පොහොර සමාගම රුපියල් මිලියන 120ක් වශයෙන් ද ලාබ උපයා ඇත.

රජයේ පොහොර සමාගම් දෙක විසින් උපයන ලද ආදායම පදනම් කර ගනිමින් සියලුම සේවක පිරිස් වෙත දිරි දීමනාවක් පිරිනැමූ බව කෘෂිකර්ම අමාත්‍ය මහින්ද අමරවීර මහතා පැවසීය.

මේ සඳහා රුපියල් මිලියන 20ක් වෙන් කර ඇති අතර මෙම සමාගම් දෙකේම සේවය කරන 420ක් පමණ වන සියලුම සේවකයින්ට මාස දෙකක මුලික වැටුපට සමාන දිරි දීමනාවක් පිරිනැමීමට පියවර ගෙන ඇතැයි අමාත්‍යවරයා කීය.

Related Posts