
පොලිසියෙන් සැගවීම සඳහා වරකාපොළ ප්‍රදේශයේ හෝටලයක සිටියදී අත්අඩංගුවට ගත් ප්‍රධාන පෙළේ මත්ද්‍රව්‍ය ජාවාරම්කරුවෙක් යැයි කියන ‘මට්ටක්කුගේ කුඩු රොෂාන්’ නැමැත්තාට අයත් රුපියල් කෝටි 6 කට ආසන්න දේපළ භාරයට ගත් බව ගම්පහ ප්‍රදේශයේ උසස් පොලිස් නිලධාරියෙක් පැවසීය.
‘කුඩු රොෂාන්’ නැමැත්තාට අයිති යැයි කියන ජාඇල ප්‍රදේශයේ ඉඩමක් සහ ජීප් රථයක් මෙසේ පොලිස් භාරයට ගත් බවත් ඒ සම්බන්ධයෙන් වැඩි දුර පරීක්‍ෂණ නීති විරෝධී වත්කම් පිළිබඳව පොලිස් කොට්ඨාසය ක්‍රියාත්මක කරනු ඇති බවත එම උසස් පොලිස් නිලධාරියා වැඩි දුරටත් සඳහන් කළේය.