අතීත පව් අනාගත පරපුරට පටවන්න එපා..! මන්ත්‍රි වජිරගෙන් ප්‍රකාශයක්..!

Spread the love

අතීතයේ වූ ඛෙිදවාචක අනාගත දරු පරපුරට අත්විඳීමට ඉඩ ලබා නොදීමේ භාරදූර වගකීම ඉදිරි ජනාධිපතිවරණයේ දී ලාංකික ජනතාව මත පැවරෙන බව එක්සත් ජාතික පක්ෂ සභාපති පාර්ලිමේන්තු මන්ත්‍රී වජිර අබේවර්ධන මහතා පැවසීය.

නැවතී තිබුණු ලෝක බැංකු, ආසියා සංවර්ධන බැංකු, ජයිකා ආයතනය  ඇතුලු ලංකාවට ආධාර සහ ණය දුන් කණ්ඩායම් වල සංවර්ධන ව්‍යාපෘති නැවත 2024 ජනවාරි මාසය ලබන විට

ආරම්භ වීමට නියමිත බව කී අබෙිවර්ධන මහතා  පසුගිය කාලය පුරා කතා කිරීමට නොහැකිව තමන්ගේ දේශපාලන පක්ෂ වල බෝඩ් ලෑලි සඟවා සිටි පිරිස් මේ වනවිට එළියට පැමිණ අදහස් ප්‍රකාශ කරමින් සිටින බව සඳහන් කළේය.

එක්සත් ජාතික පක්ෂයේ ගාල්ල දිස්ත්‍රික් ක්‍රියාකාරී හමුවක් අමතමින් වජිර අබේවර්ධන මහතා මේ බව පැවසීය.

Related Posts