වැඩි වැටුප් ඉල්ලා වරායේ කරන්න ගිය වැඩ වැරුම අධිකරණ නියෝගයෙන් නවති..!

Spread the love

වරාය තුළ අද (28) දිනයේ ආරම්‍භ කිරීමට නියමිත ව තිබූ අකුරට වැඩ කිරීමේ වෘත්තීය සමිති ක්‍රියාමාර්ගය තාවකාලික ව අත්හිටුවීමට තීරණය කළ බව සමස්ත ලංකා වරාය පොදු සේවක සංගමය පවසයි.

2024, 2026 වැටුප් වැඩි කිරීමේ ඉල්ලීමක් මුල් කරගනිමින් සමස්ත ලංකා වරාය පොදු සේවක සංගමය අද දිනයේ සංකේත වෘත්තීය සමිති ක්‍රියාමාර්ගයක නිරත වීමට තීරණය කර තිබිණි.

කෙසේ වෙතත් වරාය පාලනාධිකාරිය විසින් එම වෘත්තීය සමිති ක්‍රියාමාර්ගය සම්බන්ධයෙන් ගනු ලැබූ වාරණ නියෝගයක් හේතුවෙන් සිය වෘත්තීය සමිති ක්‍රියාමාර්ගය අත්හිටුවීමට තීරණය කළ බව සමස්ත ලංකා වරාය පොදු සේවක සංගමය සඳහන් ක‍රයි.

එහි ප්‍රධාන ලේකම් නිරෝෂන් ගොරකාන මහතා පැවසුවේ, ජනවාරි මස 09 වැනි දිනෙන් පසු යළි වෘත්තීය සමිති ක්‍රියාමාර්ගයක නිරත වීමට කටයුතු කරන බවයි.

Related Posts