නුවරඑලිය කන්තෝරුව ජනවාරි සිට ආයෝජකයෙකුට..! කන්තෝරුවට වෙනත් තැන් තුනක්…!

Spread the love

නුවරඑළිය තැපැල් කාර්යාලය පිහිටුවීමට සුදුසු ගොඩනැගිලි 03ක් තැපැල් දෙපාර්තමේන්තුවට යෝජනා කර ඇති බව නාගරික සංවර්ධන අධිකාරිය පවසයි.

එම ස්ථාන පරීක්ෂා කිරීමෙන් අනතුරුව තැපැල් දෙපාර්තමේන්තුව ලබා දෙන කැමැත්ත මත එහි තැපැල් කාර්යාලය පිහිටවීමට අවශ්‍ය යටිතල පහසුකම් සංවර්ධනය කිරීමට නියමිතයි.

ජනවාරි මාසය තුළ දැනට තැපැල් කාර්යාලය පිහිටි පැරණි ගොඩනැගිල්ල ආයෝජන ව්‍යාපෘතියකට ලබාදීමට සැලසුම් කර ඇති බව එම අධිකාරිය සදහන් කරයි.

යටත්විජිත යුගයට අයත් පුරාවිද්‍යා ස්මාරකයක් ලෙස නම් කර ඇති නුවරඑළිය තැපැල් කාර්යාල ගොඩනැගිල්ල විකිණීමට එරෙහිව පසුගිය කාලයේ තැපැල් සේවකයින් වැඩවර්ජන කිහිපයක් ක්‍රියාත්මක කළේය.

එහෙත් බලධාරීන් ඔවුන්ගේ ඉල්ලීම්වලට ප්‍රතිචාර නොදැක්විය.

– නාගොඩ සුමන උදයන්ත

Related Posts