අනුර සමග විවාදයට සජිත් නොපැමිණි හේතුව මෙන්න!

Spread the love

සමගි ජන බලවේග නායක සජිත් ප්‍රේමදාස හා ජාතික ජනබලවේග නායක අනුර දිසානායක අතර ස්වාධීන රූපවාහිනිය විසින් ආරාධනා කර ඇති විවාදය සඳහා සහභාගී නොවන බව විවාද සම්බන්ධීකාරකවරයා ලෙස කටයුතු කළ නලීන් බණ්ඩාර විසින් ස්වාධීන රූපවාහිනි සේවයේ සභාපති සුදර්ශන ගුණවර්ධන වෙත ලිපියක් මගින් දැනුම් දී ඇත.

නලින් බණ්ඩාර මෙම ලිපිය මගින්  පෙන්වා දෙන්නේ තම පක්ෂය ජාතික ජන බලවේගයට ආරාධනා කළේ මුලින් ආර්ථික කමිටු විවාදයත් පසුව නායකත්ව විවාදයක් පැවැත්වීමට බවයි. නමුත් ඔවුන් ආර්ථික කමිටු විවාදය සම්පූර්ණයෙන්ම මගහැර දෙපාර්ශ්වයේ කිසිම එකඟතාවකින් තොරව ස්වාධීන රූපවාහිනිය සමග මෙම විවාදය සඳහා සහභාගි වීමට තීරණය කර ඇති බවයි

මේ බව දැනුම් දෙමින් ස්වාධීන රූපවාහිනි ආයතන වෙත මන්ත්‍රීවරයා  විසින් යොමු කර ඇති ලිපිය පහත දැක්වේ.

 

Related Posts