අයහපත් කාලගුණයේ විනාශය ගැන රාජ්‍ය ඇමැතිගෙන් විශේෂ ප්‍රකාශයක්

Spread the love

අද (05) උදෑසන එක් මරණයක් වාර්තා වීමත් සමඟ අයහපත් කාලගුණයෙන් මියගිය සංඛ්‍යාව 30 දෙනකු දක්වා ඉහළ ගොස් ඇති බව ආරක්ෂක රාජ්‍ය අමාත්‍ය ප්‍රමිත බණ්ඩාර තෙන්නකෝන් මහතා පවසයි.

ඔහු පාර්ලිමේන්තුවට පැවසුවේ  මියගිය අයගේ පවුල්වලට අවමංගල්‍ය කටයුතු සඳහා රුපියල් 25,000ක් ප්‍රදානය කර ඇති අතර මියගිය අයගේ පවුල්වලට තවත් වන්දි මුදලක් ලබාදීමට සාකච්ඡා කරමින් සිටින බවයි.

ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ පාර්ලිමේන්තු මන්ත්‍රී අකිල එල්ලාවල මහතාගේ ප්‍රශ්නයකට පිළිතුරු දෙමින් ඔහු පැවසුවේ නිවාස 71කට පූර්ණ හානි සිදුව ඇති අතර නිවාස 93,770කට අර්ධ හානි සිදුව ඇති බවයි.

නිවාසවලට සිදුව ඇති අලාභය ඇස්තමේන්තු කිරීමට පියවර ගෙන ඇති බවත් ඇස්තමේන්තු කිරීමේ කටයුතු අවසන් කිරීමෙන් පසු විපතට පත් වූවන්ට වන්දි ලබාදීමට කටයුතු කරන බවත් අමාත්‍යවරයා පැවසීය.

Related Posts