ආර්ථික විද්‍යා දේශකයෙක් සුනිල් හඳුන්නෙත්තිගේ ‘පළු ඇරියේ ඇයි ?‘

Spread the love

ජාතික ජන බලවේගයේ ජාතික විධායක සභික සහ එහි ආර්ථික කවුන්සිල සාමාජික, හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී සුනිල් හඳුන්නෙත්ති මහතා විසින් මෑතකදී ඊලොන් මාක්ස් සම්බන්ධයෙන් කරන ලද ප්‍රකාශයකට ආර්ථික විද්‍යාව උපකාරක පන්ති ගුරුවරයෙකු වන ධනුෂ්ක ලක්මාල් විසින් දැඩි ප්‍රතිචාර දක්වා ඇත.

ටෙස්ලා ඇතුළු ලෝකයේ දැවැන්ත සමාගම් ජාලයක හිමිකරුවෙකු සහ ලෝකයේ ධනවත්ම පුද්ගලයින් අතර ඉදිරියෙන්ම සිටින ඊලෝන් මස්ක් ‘ආර්ථික ඝාතකයෙක්‘ බවට හඳුන්නෙත්ති කළ ප්‍රකාශය ධනුෂ්ක විසින් දැඩිව විවේචනය කර ඇති අතර ඔහු පෙන්වා දෙන්නේ ‘රටක ව්‍යාපාරිකයන් ගොඩනගන්නේ නැතිව රටක ආර්ථිකයක් ගොඩ නැගිය නොහැකි බව‘යි.

රජයන් විසින් ව්‍යාපාර කරමින් ආර්ථිකය පවත්වාගෙන යන මොඩලය නූතන ලෝකයේ අහෝසි වී ගොස් ඇති බවත් එවන් ආර්ථික මොඩල දැනට ඉතිරිව ඇත්තේ උතුරු කොරියාවේ හා කියුබාවේ පමණක් බවත් එම රටවල්ද ඉතා අසීරු තත්ත්වයකට පත්ව ඇති බවත් ධනුෂ්ක වැඩි දුරටත් කියා කියා සිටියි.

සුනිල් හඳුන්නෙත්ති විසින් කළ මෙම ප්‍රකාශය සමාජ මාධ්‍ය වල ද දැඩි විවේචනයට ලක් වූ අතර එහිදී පෙන්වා දී තිබුණේ මාලිමාවේ ආර්ථික හා සංවර්ධන ප්‍රතිපත්ති සම්පාදනයේ ප්‍රමුඛයෙකු වන සුනිල් හඳුන්නෙත්ති මේ ආකාරයේ ‘ළිං මැඩියෙකු නම්‘ මාළිමාව බලයට පත් වුවහොත් රට පත්වන තත්ත්වය වටහා ගත හැකි බවයි.

ඊලෝන් මාක්ස් සම්බන්ධයෙන් තමා කළ ප්‍රකාශය ගැන සුනිල් හඳුන්නෙත්ති පසුව සමාව ඉල්ලා සිටි බව මාධ්‍ය වල වාර්තා විය.

Related Posts