විග්නේෂ්වරනුත් ජනපති සටනට..!

Spread the love

දෙමළ දේශපාලන පක්ෂවල එකඟතාවයකින් යුතුව ආරාධනයක් කරන්නේ නම් තමා මීළඟ ජනාධිපතිවරණ අපේක්ෂකයකු  වශයෙන් ඉදිරිපත් වීමට  සූදානම් බව දෙමළ ජනතා සන්ධානයේ නායක සී.වී  විග්නේෂ්වරන් මහතා පැවසීය.

දෙමළ දේශපාලන පක්ෂ තනි තනිව ජනාධිපතිවරණ අපේක්ෂකයන් ඉදිරිපත් කිරීමට වඩා පොදු ද්‍රවිඩ අපේක්ෂකයකු ඉදිරිපත් කිරීම කාලෝචිත බවද ඔහු සඳහන් කළේය.

පොදු ද්‍රවිඩ අපේක්ෂකයකු ඉදිරිපත් කරන්නේ නම් ඒ සඳහා සුදුසුම පුද්ගලයා තමා බවද  ඔහු කීවේය.

මීළඟ ජනාධිපතිවරණයට අපේක්ෂකයෙකු වශයෙන් ඉදිරිපත් වීමට තමා තුළ මේ දක්වා ලොකු කැමැත්තක් නොතිබූ නමුත් දකුණේ ඡන්ද වලින් සියයට පනහක් ලබා ගැනීමට කවරෙකුටවත් හැකියාව නොලැබෙන හෙයින් අපේක්ෂකයකු වශයෙන් ඉදිරිපත් වීමට අදහසක් ඇතිවූ බවද විග්නේෂ්වරන් මහතා ප්‍රකාශ කළේය.

සීවී විග්නේෂ්වරන් මහතා ශ්‍රේෂ්ඨාධිකරණයේ  හිටපු විනිශ්චයකාරවරයෙකි.

Related Posts