ශ්‍රි පාදස්ථානයට ඉදිරි වසර පනහක් විදුලි බලය කිසිදු බාධාවකින් තොරව..!

Spread the love

නල්ලතන්නිය ශ්‍රි පාද මාර්ගයේ රතු අම්බලම සහ ඉදිකටුපහණ යන ප්‍රදේශවල ලංකා විදුලි බල මණ්ඩලය විසින් අධි බලැති විදුලි ට්‍රාන්ස්ෆොමර් හතරක් සවි කිරිමේ කටයුතු මේ දිනවල සිදු කරමින් පවති.

ශ්‍රි පාදස්ථානයට ඉදිරි වසර පහනක කාලයක් සදහා කිසිදු බාධාවකින් තොරව විදුලි බලය ලබාදිම සහ වන්දනාකරුවන්ට අවශ්‍ය පානිය ජලය ලබාදිමට ජල පොම්ප ක්‍රියාත්මක කිරිමට අවශ්‍ය විදුලිය ලබාදිම මෙම ව්‍යාපෘතියේ අරමුණ බව ලංකා විදුලි බල මණ්ඩලයේ මධ්‍යම පළාත් කැනිම් ඉංජිනේරු ධම්මික බණ්ඩාර මහතා පැවසිය.

මෙම ව්‍යාපෘතිය සදහා අවශ්‍ය විදුලි ට්‍රාන්ස්ෆොමර් හතරක් , යකඩ විදුලි කණු , විදුලි රැහන් , සිමෙන්ති සහ අනෙකුත් අමුද්‍රව්‍යයන් නල්ලතන්නිය ක්‍රිඩාංගණයේ සිට ගුවන් හමුදාවේ MI 17  හෙලිකොප්ටර් යානයකින් රතු අම්බලම සහ ඉදිකටුපහණ දක්වා රැගෙන යනු ලැබුහ.

එසේ රැගෙන ගිය විදුලි ට්‍රාන්ස්ෆොමර් හතර මේ වන විට සවි කර ඇත.

දැනට ශ්‍රි පාදස්ථානයට විදුලිය සපයන රතු අම්බලම ප්‍රදේශයේ සවි කර ඇති KV 25 විදුලි ට්‍රාන්ස්ෆොමරය වෙනුවට KV 160  විදුලි ට්‍රාන්ස්ෆොමර් දෙකක් ස්ථාපනය කර ඇති අතර , ඉදිකටුපහණේ ස්ථාපනය කර ඇති KV 25 ට්‍රාන්ස්ෆොමර් දෙක වෙනුවට KV 100  සහ KV 160 අධි බලැති විදුලි ට්‍රාන්ස්ෆොමර් දෙකක් මේ වන විට සවි කර ඇති බවත්, ඒ සදහා විදුලි රැහන් ඇදිම මේ දිනවල සිදු කරන බවයි එම ව්‍යාපෘතිය භාර ඉංජිනේරුවරයා කියා සිටියේ.

– රංජිත් රාජපක්ෂ

Related Posts