විවිධාකාරයෙන් බුදු දහම විකෘති කරන භික්‍ෂුන් ගැන CID පරීක්‍ෂණ..

සම්බුද්ධ දේශ­නාව විකෘති කර­න්නන්ට එරෙ­හිව දැඩි නීති ක්‍රියා­ත්මක කිරී­මට රජය අපේක්ෂා කරන බව බුද්ධශාසන, ආග­මික හා සංස්කෘ­තික කට­යුතු අමා­ත්‍යාං­ශයේ ලේකම් සෝම­රත්න විදා­න­ප­තිරණ මහතා පැව­සීය. වැඩි­දු­ර­ටත් අද­හස් දැක්වූ අමා­ත්‍යාංශ ලේක­ම්ව­රයා මෙසේද පැවසීය. මේ දින­වල ශ්‍රී සද්ධ­ර්මය විකෘති කර­මින් විවිධ පාර්ශ්ව­යන් විසින් කරනු ලබන ප්‍රකාශ සම්බ­න්ධ­යෙන් මහා නායක ස්වාමීන් වහ­න්සේලා විසින් ජනා­ධි­ප­ති­ව­රයා වෙත කරන ලද පැමි­ණි­ල්ල­කට අනුව එම ධර්මය විකෘති කර­න්නන් සම්බ­න්ධ­යෙන් …

Continue Reading

දරුණු ගණයේ අපරාධකරුවකු වන මාකඳුරේ මධුෂ් පිටුවහල් කිරීම කල්යයි

ඩුබායිහි අත්අඩංගුවේ පසුවන ප්‍රබල අපරාධ කල්ලි සාමාජිකයෙකු වන මාකඳුරේ මධූෂ් විසින් එරට අධිකරණය හමුවේ ගොනු කළ අභියාචනයේ තීන්දු ලබා දිම මැයි මස 2 වැනිදා දක්වා කල් තැබිමට අධිකරණය තීරණය කර තිබේ. මේ අතර ඩුබායිහිදි අත්අඩංගුවේ සිට පිටුවහල් කළ තවත් දෙදෙනෙකු අද(18) අළුයම මෙරටට පැමිණිමෙන් පසු කටුනායක ගුවන්තොටුපල අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තු නිලධාරින් භාරයට ගැනුණි. ඊයේ(17) දිනයේදි මෙරටට පැමිණීමෙන් පසු අපරාධ පරික්ෂණ …

Continue Reading

තරුණයන් 11දෙනකු පැහැරගත් ආකාරය ගැන කරන්නාගොඩගෙන් CIDයට පැය 8ක ප්‍රකාශයක්!

තරුණයන් 11දෙනකු පැහැරගෙන ගොස් අතුරුදන් කළේ යැයි කියන සිද්ධිය සම්බන්ධයෙන් ප්‍රකාශයක් ලබාදීමට හිටපු නාවික හමුදාපති අද්මිරාල් වසන්ත කරන්නාගොඩ අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවට පැමිණි අතර, ඔහුගෙන් පැය අටක පමණ කාලයක ප්‍රකාශ සටහන් කරගෙන ඇත. උසස් අධ්‍යාපනය ලබන සිසුන් 5දෙනෙක් ඇතුළු තරුණයන් 11ක් 2008 සහ 2009 කාල වකවානුවේ දී පැහැරගෙන පවුලේ ඥාතීන්ගෙන් කප්පම් ගෙන අතුරුදන් කිරීම සම්බන්ධයෙන් කරන විමර්ශනයකට අදාළව හිටපු නාවික හමුදාපති …

Continue Reading

පාසල් සිසුන් ඇතුළු තරුණයන් 11ක් අතුරුදහන් කිරීමේ සැකකරුවන්ට නඩු

2008 – 2009 රාජපක්ෂ පාලන වකවානුව තුළ පාසල් සිසුන් ඇතුළු තරුණයන් 11 දෙනකු පැහැරගෙන ගොස් අතුරුදන් කිරීම සම්බන්ධයෙන් හිටපු නාවික හමුදාපති වසන්ත කරන්නාගොඩ මහතා ඇතුළු සියලුම සැකකරුවන්ට අපරාධ නඩු විධාන සංග්‍රහ පනතේ 296 වැනි වගන්තිය යටතේ නඩු පැවරීමට දැනටමත් නීතිපතිවරයා තීරණය කර ඇතැයි අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව අද (06) කොළඹ කොටුව මහේස්ත්‍රාත් අධිකරණයට දැනුම් දී තිබේ. ඒ අදාළ නඩුව අද කොළඹ …

Continue Reading

ජනපති මෛත්‍රී වෙනස පෙන්වයි! ඉතිහාසයේ මෙතෙක් ඇල්ලූ විශාලතම හෙරොයින් තොගය වැටලූ මෙහෙයුම (වීඩියෝ)

2015 වසරේ සිට “මතින් නිදහස් රටක්” ව්‍යාපෘතිය යටතේ ජනාධිපති විශේෂ කාර්යසාධක බලකායක් යටතේ රටේ ජනතාව මත්ද්‍රව්‍ය වලින් මුදාගැනීම වෙනුවෙන් ක්‍රියාත්මක කළ මෙහෙයුමට අදාළව ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා විසින් ශ්‍රී ලංකා පොලිසිය තමා යටතට පවරාගත් අතර එහි ප්‍රතිථිල මේ වන විට ජනතාවට ඉතා කෙටිකලක් තුල ඇස් පනාපිටම දකින්නට ලැබීම අද්විතීයය. මෙහි ප්‍රතිථිලයක් ලෙස මෙතෙක් ශ්‍රී ලංකාවේ දී අත්අඩංගුවට ගත් විශාලම හෙරොයින් …

Continue Reading

නාලක-අමල් සහ මධුෂ් අතර සමීප සබඳතාවක්!

ප්‍රභූ ඝාතන චෝදනාවකට රක්ෂිත බන්ධනාගාරගතව සිටින හිටපු නියෝජ්‍ය පොලිස්පති නාලක ද සිල්වා සහ ගායක අමල් පෙරේරා අතර සමීප සබඳතාවක් පැවති බවට අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව ඊයේ(13) අධිකරණයට කරුණු වාර්තා කර සිටියේය. එසේම එම දෙපාර්තමේන්තුව වැඩිදුරටත් අනාවරණ කළේ මාකඳුරේ මධූෂ්, අමල් පෙරේරා සහ නාලක ද සිල්වා අතර පැවති සබඳතා පිළිබඳ ජාත්‍යන්තර පොලීසිය හරහා පරීක්ෂණ පවත්වන බවයි. මනුෂ්‍ය ඝාතන සහ කුඩු ජාවාරම් ඇතුළු …

Continue Reading

මාකඳුරේ මධුෂ් සමඟ තවත් 31ක් ඩුබායි අධිකරණයකට (වීඩියෝ)

ඩුබායිහිදී අත්අඩංගුවට ගත් පාතාල නායක මාකඳුරේ මධුෂ් සමඟ සිටි පුද්ගලයින් 31 දෙනෙකු කොකේන් භාවිත කිරීමේ චෝදනාවට අදාළව අද දින එරට අධිකරණයක් වෙත ඉදිරිපත් කිරීමට නියමිතව තිබේ. ඒ ඔවුන්ගේ රුධිර සාම්පල පරීක්ෂා කිරීමේදී කොකේන් නැමැති මත්ද්‍රව්‍ය ශරීරගතව ඇති බව තහවුරු වීමෙන් පසුවයි. මේ අතර ඩුබායිහි අත්අඩංගුවේ පසුවන පාතාල සාමාජිකයින්ගේ මෙරට නිවෙස් කිහිපයක්ම පොලිස් සෝදිසි කිරීම්වලට ලක් කර තිබේ. මෙරට පාතාලයේ ප්‍රබලයා …

Continue Reading

නාමල්, විමල් හා ශෂී CID යට

ජනාධිපති මෛත්‍රිපාල සිරිසේන, හිටපු ආරක්ෂක ලේකම් ගෝඨාභය රාජපක්ෂ ඝාතන කුමන්ත්‍රණ සිද්ධිය සම්බන්ධයෙන් පාර්ලිමේන්තු මන්ත්‍රිවරුන් වන නාමල් රාජපක්ෂ විමල් වීරවංශ සහ ඔහුගේ බිරිය ශෂී වීරවංශගෙන් ප්‍රකාශ සටහන් කර ගැනීමට අවශ්‍ය බව අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව ඊයේ (16දා) කොටුව මහෙස්ත්‍රාත් අධිකරණයට දන්වා සිටියේය. අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව එලෙස දන්වා සිටියේ සිද්ධියට අදාළ නඩුව යළි කැඳවූ අවස්ථාවේදීය. කොටුව මහෙස්ත්‍රාත් ප්‍රියන්ත ලියනගේ මහතා හමුවේ මේ නඩුව …

Continue Reading

වසර 8ක් චන්ද්‍රිකාගේ නඩුවක් CIDය යට ගහගෙන

හිටපු ජනාධිපතිනි චන්ද්‍රිකා බණ්ඩාරනායක කුමාරතුංග මහත්මියට එරෙහිව ගොනු වී තිබෙන බරපතළ චෝදනාවක් සම්බන්ධයෙන් අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව (රහස් පොලිසිය) අදාළ පරීක්ෂණ කටයුතු වසර 8ක පමණ කාලයක් තිස්සේ යටගසමින් තිබෙන නිසා මේ ගැන ජනාධිපති මෛත්‍රිපාල සිරිසේන මහතාට දැනුම්දීමට කටයුතු කරන බව ඒකාබද්ධ විපක්ෂයේ කොළඹ දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රි ප්‍රජාතන්ත්‍රවාදී වාමාංශික පෙරමුණේ නායක වාසුදේව නානායක්කාර පවසයි. කොළඹ වරායේ මැරයින් සමාගම පෞද්ගලීකරණයට එරෙහිව තමා නඩු …

Continue Reading

මාධ්‍යවේදීන් දඩයම් කළ ඝාතකයින්ට එරෙහිව විමර්ශන සිදුකළ ප්‍රධාන පොලිස් පරීක්ෂකට මාරුවක්!

ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන යටතේ ඇති පොලිස් දෙපාර්තමේන්තුව මඟින් පෙර පැවති රාජපක්ෂ රෙජීම පාලන සමයේදී මාධ්‍යවේදීන් දඩයම් කළ සහ ඝාතනය කළ අයවලුන් සම්බන්ධයෙන් විමර්ශන සිදුකරන අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ සමූහ මංකොල්ල විමර්ශන අංශයේ ස්ථානාධිපති පොලිස් පරීක්ෂකවරයාව වහාම ක්‍රියාත්මක වන පරිදි මාරු කර ඇතැයි වාර්තාවේ. ලසන්ත වික්‍රමතුංග, කීත් නොයාර් ඇතුළු මාධ්‍යවේදීන්ට හිංසා කිරීම සම්බන්ධයෙන් විමර්ශන පවත්වන අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ සමූහ මංකොල්ල විමර්ශන අංශයේ …

Continue Reading