විවිධාකාරයෙන් බුදු දහම විකෘති කරන භික්‍ෂුන් ගැන CID පරීක්‍ෂණ..

Spread the love

සම්බුද්ධ දේශ­නාව විකෘති කර­න්නන්ට එරෙ­හිව දැඩි නීති ක්‍රියා­ත්මක කිරී­මට රජය අපේක්ෂා කරන බව බුද්ධශාසන, ආග­මික හා සංස්කෘ­තික කට­යුතු අමා­ත්‍යාං­ශයේ ලේකම් සෝම­රත්න විදා­න­ප­තිරණ මහතා පැව­සීය.

වැඩි­දු­ර­ටත් අද­හස් දැක්වූ අමා­ත්‍යාංශ ලේක­ම්ව­රයා මෙසේද පැවසීය.

මේ දින­වල ශ්‍රී සද්ධ­ර්මය විකෘති කර­මින් විවිධ පාර්ශ්ව­යන් විසින් කරනු ලබන ප්‍රකාශ සම්බ­න්ධ­යෙන් මහා නායක ස්වාමීන් වහ­න්සේලා විසින් ජනා­ධි­ප­ති­ව­රයා වෙත කරන ලද පැමි­ණි­ල්ල­කට අනුව එම ධර්මය විකෘති කර­න්නන් සම්බ­න්ධ­යෙන් දැඩි නීති ක්‍රියා­ත්මක කිරී­මට රජය අපේක්ෂා කර­නවා. මේ වන විටත් මහා නායක ස්වාමීන් වහ­න්සේ­ලාගේ අනු­ශා­සනා පරිදි දැනට ක්‍රියා­ත්ම­කව පව­තින විහාර දේවා­ල­ගම් පනත වහාම ක්‍රියා­ත්මක වන පරිදි සංශෝ­ධ­නය කිරී­මට අවශ්‍ය මූලික කට­යුතු සිදු­කර ඒ සඳහා නීති කෙටු­ම්පත් සම්පා­දක වෙත දැන­ට­මත් යවා තිබෙ­නවා. ඒ තුළින් අපේක්ෂා කරන්නේ ශ්‍රී සද්ධ­ර්මය විකෘති කරන යම් යම් පාර්ශ්ව­යන් වෙත එම විකෘති කිරී­මට එරෙ­හිව නීතිය මගින් ක්‍රියා­ත්මක කිරීම සඳහා මේ වන විට නීති ප්‍රමා­ණ­වත් නොවන බැවින් ඒ සඳහා වන අවශ්‍ය මූලික නීතිය සකස් කර ගැනී­මයි. ඒ තුළින් නිර්මල ථෙර­වාදී බුදු දහම තවත් සිය­වස් ගණ­නා­වක් ලෝකය තුළ පැව­තීම සඳහා අවශ්‍ය පරි­ස­රය සකස් වෙනවා.

ත්‍රෙයි­නි­කා­යික මහා­නා­යක ස්වාමීන් වහ­න්සේ­ලාගේ අනු­ශා­සනා පරිදී දැනට ධර්මය විකෘති කර­න්නන් පිළි­බ­ඳව නීති­මය පිය­වර ගැනීම සඳහා ත්‍රිපි­ට­කය හා බෞද්ධ සාහිත්‍ය සම්බන්ධ තොර­තුරු ජන­ගත කිරීම සඳහා ක්ෂේත්‍රය සම්බ­න්ධ­යෙන් විද්ව­තු­න්ගෙන් සම­න්විත මණ්ඩ­ල­යක් මේ වන විටත් අමා­ත්‍යාං­ශය පත්කර තිබෙ­නවා. ආචාර්ය අකු­රැ­ටියේ නන්ද ස්වාමීන් වහන්සේ, මහා­චාර්ය මාව­ත­ගම පේමා­නන්ද ස්වාමීන් වහ­න්සේලා ඇතුළු තවත් ස්වාමීන් වහ­න්සේලා එයට ඇතු­ළත්.

ඒ වගේම පුරා­වි­ද්‍යාව හා ඵෙති­හා­සික සාධක සම්බ­න්ධ­යෙන් කරන විකෘ­තින්, ප්‍රකා­ශ­යන් නිවැ­රදි නොවන බවට පෙන්වා දීමට පුරා­වි­ද්‍යා­ඥ­ය­න්ගෙන් හා ඉති­හා­ස­ඥ­යි­න්ගෙන් සම­න්විත කමි­ටු­වක් කට­යුතු කර­මින් තිබෙ­නවා. පුරා විද්‍යා චක්‍ර­වර්තී එල්ලා­වල මේධා­නන්ද ස්වාමීන් වහ­න්සේගේ උප­දේ­ශ­ක­ත්ව­යෙන් කමි­ටු­වක් පත් කර තිබෙ­නවා. මේ සඳහා පුරා­විද්‍යා අධ්‍යක්ෂ ජන­රා­ල්ව­ර­යාද සම්බ­න්ධයි. එමෙන් සිවුරු දරා­ගෙන ධර්මය විකෘති කරන ස්වාමීන් වහ­න්සේලා සම්බ­න්ධ­යෙන්ද ක්‍රියා කිරීම සඳහා දැන­ට­මත් අමා­ත්‍යාං­ශය අප­රාධ පරී­ක්ෂණ දෙපා­ර්ත­මේ­න්තු­වට පැමි­ණිලි කර ඒ සඳහා අවශ්‍ය ක්‍රියා මාර්ග අර­ගෙන තිබෙ­නවා.

-උපාලි කරු­ණා­රත්න-

RSL

Related Posts