“ජෙනරාල් නිදහස් කරගැනීමේ ජනතා ව්‍යාපාරය” අද විරෝධතාවයට එක්වෙයි
හිටපු යුද හමුදාපති සරත් ෆොන්සේකා මහතා නිදහස් කර ගැනීම වෙනුවෙන් පිහිටුවා ඇති “ජෙනරාල් සරත් ෆොන්සේකා නිදහස් කර ගැනීමේ ජනතා ව්‍යාපාරය” අද හයිඩ් පිටියේ පැවැත්වෙන විරෝධතාවයට සහය පළ කරන බව මාධ්‍ය නිවේදනයක් මගින් දැනුම් දී තිබේ. මෙම සංවිධානයේ කැඳවුම්කරු කුමාර අලගියවන්න මහතා විසින් අද දින නිකුත් කර ඇති නිවේදනයේ මෙසේ සඳහන් වේ. ‘ජෙනරාල් සරත් ෆොන්සේකා නිදහස් කරගැනීමේ ජනතා ව්‍යාපාරය’ අද හයිඞ් …
Continue Reading
මේ ඇත්තට කවුද නැහැ කියන්නේ ? – නිදහසේ වියමන –
ගෙවීයන සෑම තත්පරයක්ම අඩුවැඩි වශයෙන් ලාංකීය දේශපාලනයේ අභාග්‍ය සම්පන්න තත්වයකට ගමන් කරනු ලබයි. මහින්ද සාධකය ලාංකීය දේශපාලන බල අරගලයේදි අන් කවරදාකටත් වඩා අන් කවරෙක්ටවත් වඩා නින්දා සහගත දේශද්‍රෝහි, මානවද්‍රෝහි ක්‍රියාවන්වල නිරතව සිටීම මුළු මහත් දේශයටම කරන්නාවූ බරපතල වරදකි. මහින්ද රාජපක්ෂත් ඔහුගේ පවුලේ සාමාජිකයනුත් දැන් සිතා සිටිනුයේ සර්ව පරාක්‍රම බලධාරීත්වය තම පවුල සතු බැවින් මේ නින්දා සහගත පාලන තන්ත්‍රය තමන්ට රිසිසේ …
Continue Reading
හෙට පවත්වන උද්ඝෝෂණයට ජනතාව වෙනුවෙන්වෙන් පෙනී සිටින ඕනෑම කණ්ඩායමකට එක්විය හැකියි – එජාපය
එජාප මහලේකම් පා.ම තිස්ස අත්තනායක මහතා අද (28) කොළඹදී පැවති මාධ්‍යය හමුවකට එක්වෙමින් පැවසූයේ අසාධාරණ ලෙස සිරගතකොට තිබෙන හිටපු ආරක්ෂක මාණ්ඩලික ප්‍රධානී හා හිටපු යුද හමුදාපති සරත් ෆොන්සේකා ඇතුළු දේශපාලන සිරකරුවන් නිදහස් කරගැනීම, පෞද්ගලික ව්‍යාපාර රජයට පවරාගැනීමට සම්මත කරගත් පනත හකුලාගන්නා ලෙස රජයට බලකිරීම හා ජනතා සහන ලබානොදුන් අයවැයට විරෝධය පලකිරීම මුල්කරගනිමින් මෙම විරෝධතා ව්‍යාපාරය සංවිධානය කර තිබෙන බවයි. එහිදී …
Continue Reading
වරාවැව මහතාට ජාතියේ ගෞරවය හිමිවෙනවා – සරත් ෆොන්සේකා
සුදු කොඩි නඩුවේ තීන්දුව ප‍්‍රකාශයට පත් කිරීමෙන් පසුව හිටපු හමුදාපති සරත් ෆොන්සේකා මහතා අද (25) පළමුවරට අදහස් දැක්වීය. ‘සුදු කොඩි නඩු තීන්දුවේදී සාධාරණ නිගමනයකට ආපු වරාවැව මහත්තයට ජාතියේ ගෞරවය හිමි වෙනවා. සුදු කොඩි නඩුවේ දුන්නේ අසාධාරණ තීන්දුවක්. ඒ තීන්දුවෙන් ප්‍රයෝජනයක් වුනේ වෛරයෙන් පෙළෙන, හැමදාම මාව හිරකරලා තියන්න හදන මාත් එක්ක දේශපාලනය කරන්න බය දේශපාලඥනයාගේ අභිලාෂය පමණයි. ජයවේවා! ජනතාව මා එක්ක …
Continue Reading
දින 2ක් තිස්සේ සරත් ෆොන්සේකාට ප්‍රතිකාර ලබාදීමට රැගෙන ආවේ නැත – අනෝමා ෆොන්සේකා
දින 2ක් පුරාවට සරත් ෆොන්සේකා මහතාට ලබාදිය යුතු ප්‍රතිකාර ලබාදීමට රැගෙන ආවේ නැති බව අනෝමා ෆොන්සේකා මහත්මිය පවසයි. හිටපු හමුදාපති සරත් ෆොන්සේකා මහතා විශේෂඥ වෛද්‍ය ප්‍රතිකාර සදහා කොළඹ නවලෝක රෝහල වෙත පසුගිය දින දෙකෙහි රැගෙනඒමට නියමිතව තිබුණ ද මෙතෙක් ඒ සදහා නීතිපතිවරයාගේ අනුමැතිය ලැබී නොමැති බව අනෝමා ෆොන්සේකා මහත්මිය ඊයේ (24) මාධ්‍ය වෙත පැවසිය.නියමිත ප්‍රතිකාර සදහා සරත් ෆොන්සේකා මහතා පෞද්ගලික …
Continue Reading
සරත් ෆොන්සේකාගේ මානුෂීය අයිතීන් ආණ්ඩුව උදුරාගෙන – එජාපය
සරත් ෆොන්සේකාට වෛද්‍ය ප්‍රතිකාර ලබාදීමේ කටයුතු සිදු නොවන බවට එක්සත් ජාතික පක්ෂය චෝදනා කරති. හිටපු හමුදාපති සරත් ෆොන්සේකාගේ සුවදුක් විමසීම සඳහා එක්සත් ජාතික පක්ෂ නියෝජිතයින් ඊයේ(23) පස්වරුවේ වැලිකඩ බන්ධනාගාරයට පැමිණියේය. එහිදී මාධ්‍ය වෙත අදහස් දක්වමින් එක්සත් ජාතික පක්ෂ මහලේකම් තිස්ස අත්තනායක මහතා, “ඔහුගේ රෝගී තත්ත්වය ගැන දැන් ආණ්ඩුවට ප්‍රශ්නයක් නෑ, මොකද උවමනාව තිබුණේ මහාධිකරණයේ නඩුව විභාගවන තුරු පමණක් මහජනතාවට පෙන්නන්න …
Continue Reading
සරත් ෆොන්සේකා නිදහස් කරගැනීමේ ජනතා ව්‍යාපාරය ඇරඹේ
ජෙනරාල් සරත් ෆොන්සේකා මහතා නිදහස් කරගැනීමේ ජනතා ව්‍යාපාරය මඟින් ඊයේ (22)දින කොළඹ මහජන පුස්තකාලීය රැස්වීම් ශාලාවේ සංවිධානය කර තිබූ ජනතා එකමුතුව සඳහා විශාල ජනතාවක් සහභාගීවී ඇත.මේ සඳහාබහුජන හා සිවිල් සංවිධාන නායකයින්, කලාකරුවන්, වෘත්තිකයින්, විද්වතුන් හා ව්‍යාපාරිකයින් විශාල පිරිසක් සහභාගීවී ඇතැයි වාර්තා වේ. මෙහිදී ප්‍රධාන දේශන පූජ්‍ය දඹර අමිල හිමියන් විසින් සිදුකළ අතර, අතිපූජ්‍ය මාඳුළුවාවේ සෝභිත හිමියන් විසින් විශේෂ දේශනයක් පවත්වන …
Continue Reading
හිටපු හමුදාපති සිරගත කිරීමට එරෙහි කළු විරෝධතාවය
තිස් වසරක් පුරා පැවති එල්.ටී.ටී.ඊ. ත්‍රස්ත ග්‍රහණයෙන් මව්බිම බේරා ගැනීමට ශ්‍රී ලංකා යුධ හමුදාවන්ට නායකත්වය දුන් ජෙනරාල් සරත් ෆොන්සේකා මහතා සිරගත කර මාස 18 ක් පිරෙන අද දිනයේදී ඒ වෙනුවෙන් සංවිධානය කරන ලද විරෝධතාවයක් අද (8 අගෝ.) පස්වරුවේ වැලිකඩ බන්ධනාගාරය ඉදිරිපිටදී පැවැත්විණි. ප්‍රජාත්‍රන්තවාදය සඳහා වූ ජනතා ව්‍යාපාරය මෙම විරෝධතාවය සංවිධානය කළ අතර ඊට සහභාගී වූ විවිධ දේශපාලන නායකයින්, වෘත්තීය සමිති …
Continue Reading