හිටපු හමුදාපති සිරගත කිරීමට එරෙහි කළු විරෝධතාවය

Spread the love

තිස් වසරක් පුරා පැවති එල්.ටී.ටී.ඊ. ත්‍රස්ත ග්‍රහණයෙන් මව්බිම බේරා ගැනීමට ශ්‍රී ලංකා යුධ හමුදාවන්ට නායකත්වය දුන් ජෙනරාල් සරත් ෆොන්සේකා මහතා සිරගත කර මාස 18 ක් පිරෙන අද දිනයේදී ඒ වෙනුවෙන් සංවිධානය කරන ලද විරෝධතාවයක් අද (8 අගෝ.) පස්වරුවේ වැලිකඩ බන්ධනාගාරය ඉදිරිපිටදී පැවැත්විණි.

ප්‍රජාත්‍රන්තවාදය සඳහා වූ ජනතා ව්‍යාපාරය මෙම විරෝධතාවය සංවිධානය කළ අතර ඊට සහභාගී වූ විවිධ දේශපාලන නායකයින්, වෘත්තීය සමිති නායකයින්, මානව හිමිකම් ක්‍රියාකාරීන් සහ පාක්ෂිකයින් සියලු දෙනා කළු පැහැති වස්ත්‍රයෙන් පැමිණ සිටියහ.

එදා යුධ ජයග්‍රහණයට නායකත්වය දුන් ජෙනරාල් සරත් ෆොන්සේකා මහතා පසුගිය වසරේ පැවති ජනාධිපතිවරණ මැතිවරණයට ඉදිරිපත් වීමෙන් අනතුරුව දින කිහිපයක් ගත වීමටත් ප්‍රථම එනම් 2010 වසරේ පෙබරවාරි මස 08 වන දින රජය විසින් අත්තඩංගුවට ගන්නා ලදි.

 

[youtube xG6iGTOoQ9g]

 


RSL

Related Posts