පෙළපාලි හා උද්ඝෝෂණ කරන සංගම් එක්ක සාකච්ඡා කරන්නේ නෑ – එස්.බී.
පෙළපාළි හා උද්ඝෝෂණ කරන කිසිම සංගමයක් සමඟ මින් ඉදිරියට සාකච්ඡා නොකිරීමට උසස් අධ්‍යාපන ඇමැති එස්. බී. දිසානායක මහතා තීරණය කර ඇත. ශිෂ්‍යයන්ට හෝ වෙනත් කාර්ය මණ්ඩලවලට ගැටළු ඇත්නම් ඒවා විසඳා ගත යුතු සුහද ක්‍රම තිබෙන බව පවසන ඇමැතිවරයා, ඕනෑම සංගමයකට සුහදව හෝ ලිඛිතව පැමිණිය හොත් පමණක් තමා හමුවීමට අවස්ථාව සලසා දෙන්නැයි අමාත්‍යාංශ ලේකම්වරයාට උපදෙස්දී ඇත. ඊයේ (08) පැවැති මාධ්‍ය හමුවකදි …
Continue Reading
කරු ඉදිරිපත් උනාට නායකත්වයට සුදුසු නෑ – ජෝන් අමරතුංග
එක්‌සත් ජාතික පක්‍ෂයේ නායකත්වය සඳහා නියෝජ්‍ය නායක කරු ජයසූරිය මහතා ඉදිරිපත් වන බවට දැනුම්දී තිබුණද ඔහුගේ නායකත්වය කිසිලෙසකින්වත් පිළිගත නොහැකි බව ජෝන් අමරතුංග මහතා පවසයි. අමරතුංග මහතා මේ බව සඳහන් කළේ ඊයේ(08) බොරැල්ලේ ඒ මහතාගේ නිවසේදී පැවැති පුවත්පත් සාකච්ඡාවකදීය. එක්‌සත් ජාතික පක්‍ෂයේ සිටින දේශපාලනඥයන් අතුරෙන් නායකත්වයට සුදුසුම පුද්ගලයා වත්මන් නායක රනිල් වික්‍රමසිංහ මහතා බවත් ඔහුව අභියෝගයට ලක්‌කර කරු ජයසූරිය මහතා …
Continue Reading
බන්ධනාගාර නිලධාරීනුත් මර්වින් සිල්වට බයයි – සරත් ෆොන්සේකා
“බන්ධනාගාර නිලධාරීනුත් මර්වින් සිල්වට බයේ කැමරා අරන් විසි කරන්න හදනවා“ සරත් ෆොන්සේකා මහතා මෙසේ පැවසුවේ අද කොළඹ පුද්ගලික රෝහලකට වෛද්‍ය ප්‍රතිකාර සඳහා රැගෙන ආ අවස්ථාවේදීය. එහිදී අදහස් දැක්වූ සරත් ෆොන්සේකා මහතා මෙසේද පැවසීය. “ලෝකය පුරා ඒකාධිපතියෝ ජාත්‍යන්තරය එකතුවෙලා එලෙව්වා. ලංකාවෙත් ඒකාධිපතිව එලවන්න අපි ජාත්‍යන්තරයේ පිහිට ගන්නවා. ජයවේවා. මර්වින් සිල්වාට බයේ දැන් බන්ධනාගාරේ අය කැමරා ඔක්කෝම විසි කරන්න හදනවා. ඒකත් දාන්න”
Continue Reading
මේ වසරේදි මත්ද්‍රව්‍ය කිලෝග්‍රෑම් 132434ක් අත්අඩංගුවට අරන් – ආරක්ෂක හා නාගරික සංවර්ධන අමාත්‍යංශය
ආරක්ෂක හා නාගරික සංවර්ධන අමාත්‍යාංශය සඳහන් කරන පරිදි, 2011 වසරේ පොලීසිය විසින් අත්අඩංගුවට ගන්නා ලද සමස්ථ මත්ද්‍රව්‍ය ප්‍රමාණය කිලෝග්රෑම් 132474 කි. මෙම වර්ෂයේ ජනවාරි 01වනදා සිට පසුගිය නොවැම්බර් 25වනදා දක්වා කාලය තුළ දී මත්ද්‍රව්‍ය පිළිබඳ නඩු 38168ක් උසාවිය හමුවේ පවරා ඇති අතර ඒ සම්බන්ධයෙන් සැකකාර පුද්ගලයින් 38039 ක් අත්අඩංගුවට ගෙන ඇති බව රජයේ පුවත් වෙබ් අඩවිය වාර්තා කරයි. පොලිස් මත්ද්‍රව්‍ය …
Continue Reading
කුකුළුවෝ හරහට යන ගමන් පැටවුන්ට කෙලින් යන්න කියනවා – සරත් ෆොන්සේකා
-
RSL
-
December 8, 2011
-
Uncategorized
-
සරත් ෆොන්සේකා
-
0 Comments
“මාව හිර කරලා තියන්න දඟලන දේශපාලඥයා කියනවා ජනතාවට වෛරය, ක්‍රෝධය ඉවත දාලා එකමුතු වෙන්නලු. කකුළුවෝ හරහට යනවා පැටවුන්ට කෙලින් යන්න කියනවා. කුඩු විකුණන මන්ත්‍රී කියනවලු මට කතා කරන්න බැහැ කියා. එයාට කුඩු විකුණන්න පුළුවන් නම් අපිට කතා කරන්න බැරි ඇයි? ජයවේවා” යැයි සරත් ෆොන්සේකා මහතා පැවසුවේ උරහිසේ ආබාධයට ප්‍රතිකාර ගැනීමට ඊයේ(07) කොළඹ පෞද්ගලික රෝහලකට ගෙන ආ අවස්ථාවේ මාධ්‍යයට අදහස් දක්වමිනි. …
Continue Reading
ජනපති බාලි ප‍්‍රජාතන්ත‍්‍රීය සංසදයට ඉන්දුනීසියාවට යයි
ඉන්දුනීසියාවේ දී පැවැත්වෙන IV වැනි බාලි ප‍්‍රජාතන්ත‍්‍රීය සංසදය (The Bali Democracy Forum–BDF) ඇමැතීම සඳහා ඊයේ(07) පෙරවරුවේ දිවයිනෙන් පිටත් ව ගිය ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතා සහ ශ‍්‍රී ලංකා දූත පිරිස ශ‍්‍රී ලංකා වේලාවෙන් පස්වරු 05.00ට පමණ ඉන්දුනීසියාවේ බාලි නූරා රායි (Bali Ngurah Rai) ජාත්‍යන්තර ගුවන් තොටුපොළ වෙත ළඟා වූහ. ඉන්දුනීසියාවේ තරුණ හා ක‍්‍රීඩා කටයුතු අමාත්‍ය අන්දි මලරන්ගන් (Andi Mallarangeng) මහතා, බාලි …
Continue Reading
ආණ්ඩුව ගොවි ජනතාවගේ මුදල් ගසා කනවා – අනුර කුමාර
හත් ලක්ෂ හැට දහසකට ආසන්න ගොවි ජනතාවකගෙන් මාස 6 න් 6ට කන්නෙන් කන්නට වාරික කපාගෙන මිලියන ගණනින් උපායගත් මුදල් ආණ්ඩුව විසින් ගසාකමින් සිටින බව ජ.වි.පෙ පාර්ලිමේන්තු මන්ත්‍රී අනුර කුමාර දිසානායක මහතා පවසයි. ගොවි විශ්‍රාම වැටුප් යෝජනා ක්‍රමයක් ක්‍රියාවට නැංවීමට වාරික වශයෙන් ගොවි ජනතාවගෙන් මුදල් අය කරගෙන ඇතත් වයසට ගොස් ගොවිතැන් කිරීමට හයි හත්තිය නැති අසරණ ගොවීන්ට මේ වන තුරුත් එකී …
Continue Reading
බාල පෙට්‍රල් සංස්ථාවෙන් බැහැර කරන්න පියවර ගන්නැයි ඉල්ලයි
බාල පෙට්‍රල් මෙට්‍රික්ටොන් 26, 000 ක පමණ ප්‍රමාණය වහාම සංස්ථාවෙන් බැහැරකිරීමට පියවර ගන්නා ලෙස ඛණිජ තෙල් සංස්ථා පොදු සේවක සංගමයේ ලේකම් ආනන්ද පාලිත මහතා විෂය භාර අමාත්‍යවරයාගෙන් ඉල්ලීමක් කරයි. අදාළ පෙට්‍රල් තොගය විදේශීය ආයතන සඳහා පමණක් අලෙවි කිරීමට අමාත්‍ය සුසිල් ප්‍රේමජයන්ත් මහතා තීරණය කිරීම සම්බන්ධයෙන් සතුටු වන බව ඔහු පෙන්වා දෙයි. යළි ටෙන්ඩර් කැදවීමේ දී අදාළ පෙට්‍රල් ප්‍රමාණයේ අවම මිල …
Continue Reading
එජාප ව්‍යවස්ථාව අනුව නව නිලධාරීන් පත්කිරීම 31ට පෙර – එජාපය
එක්සත් ජාතික පක්‍ෂයේ 2012 වසර සඳහා වන නව නිලධාරී මණ්ඩලය පත්කර ගැනීම ලබන දෙසැම්බර් 31 වැනිදාට පෙර සිදු කිරීමට තීරණය කර ඇතැයි එක්සත් ජාතික පක්ෂය පවසයි. මෙම තීරණය ගනු ලැබුවේ එජාප නායක හා විපක්‍ෂ නායක රනිල් වික‍්‍රමසිංහ මහතාගේ ප‍්‍රධානත්වයෙන් ඊයේ(07) රැස්වූ කෘත්‍යාධිකාරී මණ්ඩල රැස්වීමේදී බව වාර්තා වේ. එජාප ව්‍යවස්ථාව අනුව නව නිලධාරීන් පත්කර ගැනීම සම්බන්ධයෙන් පක්ෂයේ කෘත්‍යාධිකාරී මණ්ඩලයට දැණුම්දීම ඉදිරි …
Continue Reading
උපකුලපතිගේ ක්‍රියාකලාපයට එරෙහිව ජ‘පුර සිසුහු උද්ඝෝෂණයක
විශ්ව විද්‍යාල සිසුන් අද දහවලේදී ශ්‍රී ජයවර්ධනපුර සරසවිය අසලින් මෙම විරෝධතා පාගමන ඇරඹුණේ එම සරසවියේ උපකුලපතිවරයා ගෙනයන අත්තනෝමතික පාලනය හේතුවෙන් කරගෙන යන සිසු මර්ධනයට එරෙහිවත්, උපකුලපතිවරයා ඉවත් කරන ලෙසත් බලකරමිනි. විශ්ව විද්‍යාල ප්‍රතිපාදන කොමිෂන් සභාව ඉදිරිපිට මේ වන විට පැවැත්වෙන විශ්ව විද්‍යාල සිසු උද්ඝෝෂණය හේතුවෙන් වෝඩ් පෙදෙස වසා දමා ඇති බව වාර්තාවේ. ශ්‍රී ජයවර්ධනපුර සරසරවියේ සිට ඇරඹුනු මෙම දැවැන්ත විරෝධතා …
Continue Reading