කුකුළුවෝ හරහට යන ගමන් පැටවුන්ට කෙලින් යන්න කියනවා – සරත් ෆොන්සේකා

Spread the love

“මාව හිර කරලා තියන්න දඟලන දේශපාලඥයා කියනවා ජනතාවට වෛරය, ක්‍රෝධය ඉවත දාලා එකමුතු වෙන්නලු. කකුළුවෝ හරහට යනවා පැටවුන්ට කෙලින් යන්න කියනවා. කුඩු විකුණන මන්ත්‍රී කියනවලු මට කතා කරන්න බැහැ කියා. එයාට කුඩු විකුණන්න පුළුවන් නම් අපිට කතා කරන්න බැරි ඇයි? ජයවේවා” යැයි සරත් ෆොන්සේකා මහතා පැවසුවේ උරහිසේ ආබාධයට ප්‍රතිකාර ගැනීමට ඊයේ(07) කොළඹ පෞද්ගලික රෝහලකට ගෙන ආ අවස්ථාවේ මාධ්‍යයට අදහස් දක්වමිනි.

දින කිහිපයක් ශාරීරික අභ්‍යා‍සවල නිරත වීමෙන් අනතුරුව විශේෂඥ ශල්‍ය වෛද්‍යවරයෙකු හමුවට පැමිණෙන්නැයි සරත් ෆොන්සේකාට මහතාට වෛද්‍ය උපදෙස් ලැබි තිබේ.

මේ අතර ෆොන්සේකා මහතාගේ දණහිසේ මතුව ඇති ආබාධයකටද ඊයේ ප්‍රතිකාර ලබා ගත්තේය.

RSL

Related Posts