බාල පෙට්‍රල් සංස්ථාවෙන් බැහැර කරන්න පියවර ගන්නැයි ඉල්ලයි

Spread the love

බාල පෙට්‍රල් මෙට්‍රික්ටොන් 26, 000 ක පමණ ප්‍රමාණය වහාම සංස්ථාවෙන් බැහැරකිරීමට පියවර ගන්නා ලෙස ඛණිජ තෙල් සංස්ථා පොදු සේවක සංගමයේ ලේකම් ආනන්ද පාලිත මහතා විෂය භාර අමාත්‍යවරයාගෙන් ඉල්ලීමක් කරයි.

අදාළ පෙට්‍රල් තොගය විදේශීය ආයතන සඳහා පමණක් අලෙවි කිරීමට අමාත්‍ය සුසිල් ප්‍රේමජයන්ත් මහතා තීරණය කිරීම සම්බන්ධයෙන් සතුටු වන බව ඔහු පෙන්වා දෙයි.

යළි ටෙන්ඩර් කැදවීමේ දී අදාළ පෙට්‍රල් ප්‍රමාණයේ අවම මිල සඳහන් කර කිසිදු අයුරකින් යළි දේශීය වෙළඳපොළට නිකුත්නොකර විදේශීය වෙළඳපොළ වෙත නිකුත් වන කොන්දේසිය සහිතව එම පෙට්‍රල් වහාම රටින් පිටකිරීමට පියවර ගන්නා ලෙස ද ඒ මහතා අමාත්‍යවරයාගෙන් ඉල්ලීමක් කරයි.

අදාළ පෙට්‍රල් තොගය අලෙවි කිරීම සඳහා ඛණිජ තෙල් සංස්ථාව විසින් ටෙන්ඩර් කැඳවීමක් සිදු කළ අතර දේශීය ආයතන 4 ක් ඒ සඳහා ඉල්ලුම් කර තිබුණි.

කෙසේ වුවද අදාළ ටෙන්ඩර් කැඳවීම අවලංගු කළ බව අමාත්‍ය සුසිල් ප්‍රේමජයන්ත් මහතා පසුගිය සෙනසුරාදා පාර්ලිමේන්තුවේදී ප්‍රකාශ කළේය.

RSL

Related Posts