සෞඛ්‍ය අමාත්‍යංශයට ඇතුළු වුණු සරසවි සිසුන්ට නීතිය තදින්!
-
RSL
-
June 23, 2017
-
පුවත් සහ වාර්තා
-
news, reports
-
0 Comments
සෞඛ්‍ය අමාත්‍යංශයට කඩා වැදී රජයේ දේපළවලට පහරදී රුපියල් ලක්‍ෂ ගණනක අලාභහානි සිදු කළ බවට චෝදනා ලැබ සිටින විශ්වවිද්‍යාල ශිෂ්‍යයන් සියලුම දෙනා අත්අඩංගුවට ගෙන ඔවුන්ට එරෙහිව දැඩි ලෙස නීතිය ක්‍රියාත්මක කිරීමට කටයුතු කරන බව පොලිස් මාධ්‍ය ප්‍රකාශක නියෝජ්‍ය පොලිස්‌පති ප්‍රියන්ත ජයකොඩි මහතා පවසයි. සෞඛ්‍ය අමාත්‍යාංශයට කඩාවැදුණු විශ්වවිද්‍යාල ශිෂ්‍යයන් එහි දේපළ කඩා බිඳ දමමින් කලහකාරී ලෙස හැසිරෙන ආකාරය සහිත වීඩියෝපට සියල්ල මේ …
Continue Reading
දේශපාලන හස්තයන්ගෙන් මෙහෙය වන සරසවි සිසුන්ට මා දොස් කියන්නේ නැහැ – ජනපති
රජයේ විශ්වවිද්‍යාලවල වෛද්‍ය සිසුන්ට අසාධාරණයක් සිදු කරමින් ඔවුන්ගේ වරප්‍රසාද අහිමිකර, නිදහස් අධ්‍යාපනය කප්පාදු කිරීමට රජය කටයුතු කරන බවට අද ඇතැම් පිරිසක් රටට පෙන්වීමට උත්සාහ දරන බව ජනාධිපතිවරයා පවසයි. ඒ සඳහා විශ්වවිද්‍යාල සිසුන් නොමඟ යවමින් සිටින බව ද ප්‍රකාශ කළ ජනාධිපතිවරයා එම අශීලාචාර දේශපාලන හස්තයන්ගේ මෙහෙයවීමෙන් සිදුකෙරෙන කුමන්ත්‍රණ පිළිබඳ තමා කිසිදු විශ්වවිද්‍යාල සිසුවෙකුට දොස් නොනගන බව ද කියා සිටියේය. ජනාධිපති මෛත්‍රීපාල …
Continue Reading
වෛද්‍ය වැඩ වර්ජනය අඛණ්ඩව! හදිසි සහ ඩෙංගු රෝගීන් සඳහා ප්‍රතිකාර ක්‍රියාත්මකයි
-
RSL
-
June 22, 2017
-
පුවත් සහ වාර්තා
-
news, reports
-
0 Comments
රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංගමය ක්‍රියාත්මක කර තිබූ වැඩවර්ජනය අඛණ්ඩ වැඩවර්ජනයක් දක්වා දීර්ඝ කිරීමට තීරණය කර තිබේ. සයිටම් විරෝධී සිසු උද්ඝෝෂණයට සිදුකළ පහරදීම හා මාලඹේ සයිටම් පෞද්ගලික වෛද්‍ය විද්‍යාලයට විරෝධය පළ කිරීමේ අරමුණින් අද(22) පෙරවරු 8.00 සිට මධ්‍යහ්න 12.00 දක්වා වැඩවර්ජනයක නිරත වීමට රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංගමය තීරණය තිබුණි. ඒ පිළිබඳව වැඩිදුර තීරණ ගැනීම සඳහා අද දහවල් 12.00ට එම සංගමයේ හදිසි …
Continue Reading
අමාත්‍යාංශය තුළ සිසුන් සිරකර පහර දුන් බවට රජයට චෝදනා
සෞඛ්‍ය අමාත්‍යාංශය තුළට ඇතුළු වු විශ්වවිද්‍යාල සිසුන් රජයේ දේපළවලට හානි සිදු කර ඇතැයි රජය චෝදනා කල ද සිදුව ඇත්තේ සිසුන් අමාත්‍යාංශය තුළට පැමිණී විට අමාත්‍යාංශයේ ගේට්ටු වසා පොලීසිය විසින් පහර දීම බව රජයේ වෛද්‍ය සංගමයේ ලේකම් වෛද්‍ය නලින්ද හේරත් මහතා පවසයි. මෙම ප්‍රහාරය ඉතාම දේවේෂ සහගතව සිදු කරනු ලැබු ක්‍රියාවක් බවත් සෞඛ්‍ය අමාත්‍යාංශයට කිසි විටෙකත් දේපළවලට සිදු වු හානිය මුල් …
Continue Reading
ඇමති රවී වැඩ පෙන්වයි; ලොතරැයි මණ්ඩලයේ ඉලක්කය පන්නයි
-
RSL
-
June 22, 2017
-
පුවත් සහ වාර්තා
-
news, reports
-
0 Comments
හිටපු මුදල් අමාත්‍ය සහ වත්මන් විදේශ අමාත්‍ය රවී කරුණානායක මහතා යටතට සංවර්ධන ලොතරැයි මණ්ඩලය සහ ජාතික ලොතරැයි මණ්ඩලය පවරාදීමට එරෙහිව දැඩි විවේචන එල්ල වූ අතර එම අභියෝග ජයගනිමින් ඊට එරෙහිව අමාත්‍ය රවි කරුණානායක මහතා තම හැකියාව සහ දක්ෂතාවය තුළින් ඉලක්ක ගත වර්ධනයට වඩා වැඩි වාර්තාගත වර්ධනයක් ගත වූ සීමාව තුළ පෙන්නුම් කර ඇත. සංවර්ධන ලොකරැයි මණ්ඩලයේ ආදායම ඉලක්ක ගත ආදායමට …
Continue Reading
ලංකාවේ ප්‍රථම සහ විශාලතම බහුකාර්ය ව්‍යාපෘතිය වූ මොරගහකන්දෙන් විදුලිය සූදානම්!
ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතාගේ උපදෙස් සහ සංකල්පයක අනුව ආරම්භ කරන ලද මෙරට ඓතිහාසික විශාලතම බහුකාර්ය ව්‍යාපෘතිය වූ මොරගහකන්ද ව්‍යාපෘතිය මඟින් ජාතික විදුලිබල පද්ධතියට මෙගාවොට් 25ක ධාරිතාවක් එක්කරන මොරගහකන්ද ජල විදුලි බලාගාරයේ සියලු පර්යේෂණ කටයුතු මේ වන විට සාර්ථකව අවසන්ව තිබේ. ඉදිරි වැසි සමයත් සමඟ ජලාශයේ ජල ධාරිතාව ඉහළ යාමෙන් පසු එහි විදුලි උත්පාදන කටයුතු සාර්ථකව ආරම්භ කළ හැකි බව විදුලි …
Continue Reading
සයිටම් වෙනුවෙන් කඩේ යන ආණ්ඩුවේ නින්දිත ප්‍රහාරයට එරෙහිව දීප ව්‍යාප්ත වෛද්‍ය වැඩ වර්ජනයක්
විශ්වවිද්‍යාල සිසුන්ට පහර දීමට හා සයිටම් ආයතනයට විරෝධය පළ කරමින් අද(22) දින දීප ව්‍යාප්ත වැඩවර්ජනයක් සිදු කරන බව රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංගමය පවසයි. ඊයේ(21) දිනයේ දී විශ්වවිද්‍යාල සිසුන් විසින් පවත්වනු ලැබූ විරෝධතාවයට එල්ල වු පහර දීමට හා සයිටම් පෞද්ගලික වෛද්‍ය විද්‍යාලය සම්බන්ධ ගැටළුවට රජයට විසින් කඩිනමින් ක‍්‍රියාමාර්ගයක් ගැනිමට බලකරමින් මෙම වැඩවර්ජනය පවත්වන බව එම සංගමය නිවේදනය කරයි. කෙසේ වෙතත් මෙම …
Continue Reading
සරසවි සිසුන්ට දැවැන්ත ප්‍රහාරයක්; 80කට අධික පිරිසක් රෝහලේ (Video)
-
RSL
-
June 21, 2017
-
පුවත් සහ වාර්තා
-
news, reports
-
0 Comments
ව්‍යාපාරික නෙවිල් ප්‍රනාන්දුට අයත් මාළඹේ සයිටම් වෛද්‍ය උපාධි අලෙවි ආයතනය අහෝසි කරන ලෙස ඉල්ලමින් සරසවි සිසුන් අද විරෝධතාවයේ නිරත වූ අතර සෞඛ්‍ය අමාත්‍යාංශයට ඇතුළු වු සරසවි සිසුන් විසුරුවා හැරීමේ දී ඇති වු නොසන්සුන්තාවය අතර තුර තුවාල ලැබූ සරසවි සිසුන් 80 කට අධික පිරිසක් කොළඹ ජාතික රෝහලට ඇතුළත් කර තිබේ. සිසුන් සවස සෞඛ්‍ය අමාත්‍යංශ පරිශ්‍රයට ඇතුළු වූ අතර මාර්ගය සම්පූර්ණයෙන් අත්පත් …
Continue Reading
අල්ලස් ගත් රාජ්‍ය නිලධාරීන් 22ක් අත්අඩංගුවට
-
RSL
-
June 21, 2017
-
පුවත් සහ වාර්තා
-
news, reports
-
0 Comments
මේ වසරේ ගත වූ කාලය තුළ අල්ලස් ලබා ගැනීමේ සිද්ධීන් සම්බන්ධයෙන් රාජ්‍ය නිලධාරීන් 22 දෙනෙකු අත්අඩංගුවට ගෙන ඇති බව අල්ලස් හෝ දූෂණ විමර්ශන කොමිසම පවසයි. අල්ලස් ලබා ගැනීමට උත්සාහ කිරීම සම්බන්ධයෙන් පැමිණිලි 29ක් ලැබී ඇති බව සඳහන් කරන එම කොමිසම පෙන්වා දෙන්නේ ඉන් පැමිණිලි 20ක් සම්බන්ධයෙන් සාර්ථකව වැටලීම් සිදුකළ බවයි. මින් වැඩිම පැමිණිලි පොලිස් දෙපාර්තමේන්තුව සහ අධ්‍යාපන ක්ෂේත්‍රය සම්බන්ධව ලැබී …
Continue Reading
ශ්‍රී ලංකන් ගැන තීරණාත්මක තීන්දුවක්!
ශ්‍රී ලන්කන් ගුවන් සමාගමේ සභාපති ඇතුළු අධ්‍යක්ෂ මණ්ඩලය සම්බන්ධ තීරණාත්මක තීන්දුවක් ගන්නා බව ජනාධිපති මෛත්‍රිපාල සිරිසේන මහතා ප්‍රකාශ කොට ඇත. ශ්‍රී ලන්කන් ගුවන් සමාගමේ සභාපති සහ අධ්‍යක්ෂ මණ්ඩලයට එල්ල වී ඇති චෝදනා පිළිබඳ විමසා බැලීමට එම නිලධාරීන් විශේෂ කැබිනට් අනුකමිටුවක් වෙත ඊයේ (20දා) පෙරවරුවේ කැඳවනු ලැබීය. ජනාධිපති මෛත්‍රිපාල සිරිසේන මහතාද සහභාගි වූ එම කැබිනට් අනුකමිටුව නියෝජනය කරමින් අගමැති රනිල් වික්‍රමසිංහ …
Continue Reading