ලංකාවේ ප්‍රථම සහ විශාලතම බහුකාර්ය ව්‍යාපෘතිය වූ මොරගහකන්දෙන් විදුලිය සූදානම්!

Spread the love

ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතාගේ උපදෙස් සහ සංකල්පයක අනුව ආරම්භ කරන ලද මෙරට ඓතිහාසික විශාලතම බහුකාර්ය ව්‍යාපෘතිය වූ මොරගහකන්ද ව්‍යාපෘතිය මඟින් ජාතික විදුලිබල පද්ධතියට මෙගාවොට් 25ක ධාරිතාවක් එක්කරන මොරගහකන්ද ජල විදුලි බලාගාරයේ සියලු පර්යේෂණ කටයුතු මේ වන විට සාර්ථකව අවසන්ව තිබේ. ඉදිරි වැසි සමයත් සමඟ ජලාශයේ ජල ධාරිතාව ඉහළ යාමෙන් පසු එහි විදුලි උත්පාදන කටයුතු සාර්ථකව ආරම්භ කළ හැකි බව විදුලි ඉංජිනේරුවරු පවසති.

ලංකාවේ කෙටිම කාලයකින් ඉදිකෙරුණු විදුලි බලාගාරය වන්නේ මොරගහකන්ද ජල විදුලි බලාගාරයයි. මොරගහකන්ද ජලාශයේ කොන්ක්‍රීට් ආස්ථරණය කරන ලද වේල්ලට යාබදව මෙම ජල විදුලි බලාගාරය ඉදිකර තිබෙන අතර ජලයේ අධි පීඩනය මත ක්‍රියාත්මක වන ටර්බයින් යන්ත්‍ර හතරකින් විදුලිබලය නිපදවයි.

මෙය මෙගාවොට් 7.5ක ටර්බයින් යන්ත්‍ර දෙකකින් ද මෙගාවොට් 5ක ටර්බයින් යන්ත්‍ර දෙකකින් ද සමන්විතය. මෙගාවොට් 7.5 ක ටර්බයින් යන්ත්‍ර ක්‍රියාත්මක වීමෙන් පසු නිකුත් කරන ජලය ඉහළ ඇළහැර ඇළ මාර්ගය ඔස්සේ මහකනදරාව ජලාශය දක්වා ගෙන යන අතර මෙගාවොට් 5ක ටර්බයින් යන්ත්‍ර ක්‍රියාත්මක වීමෙන් පසුව පටවන ජලය අඹන්ගඟට මුදාහැර ඉන්පසුව පැරණි ඇළහැර ඇළ ඔස්සේ ගිරිතලේ මින්නේරිය කවුඩුල්ල කන්තලේ ජලාශවලට නිදහස් කෙරේ.

RSL

Related Posts