ශ්‍රී ලංකන් ගැන තීරණාත්මක තීන්දුවක්!

Spread the love

ශ්‍රී ලන්කන් ගුවන් සමාගමේ සභාපති ඇතුළු අධ්‍යක්ෂ මණ්ඩලය සම්බන්ධ තීරණාත්මක තීන්දුවක් ගන්නා බව ජනාධිපති මෛත්‍රිපාල සිරිසේන මහතා ප්‍රකාශ කොට ඇත.

ශ්‍රී ලන්කන් ගුවන් සමාගමේ සභාපති සහ අධ්‍යක්ෂ මණ්ඩලයට එල්ල වී ඇති චෝදනා පිළිබඳ විමසා බැලීමට එම නිලධාරීන් විශේෂ කැබිනට් අනුකමිටුවක් වෙත ඊයේ (20දා) පෙරවරුවේ කැඳවනු ලැබීය. ජනාධිපති මෛත්‍රිපාල සිරිසේන මහතාද සහභාගි වූ එම කැබිනට් අනුකමිටුව නියෝජනය කරමින් අගමැති රනිල් වික්‍රමසිංහ හා රාජිත සේනාරත්න, සරත් ෆොන්සේකා, කබීර් හෂීම්, රවි කරුණානායක යන ඇමැතිවරුද එක්වී සිටියහ. පසුගිය සතියේ (13දා) කැබිනට් මණ්ඩල රැස්වීමේදී එම කැබිනට් අනුකමිටුව පත් කළ අතර ශ්‍රී ලන්කන් ගුවන් සමාගමේ සභාපති, ප්‍රධාන විධායක නිලධාරි ඇතුළු අධ්‍යක්ෂ මණ්ඩලය අමාත්‍ය අනුකමිටුවට කැඳවීමට තීරණය කළේද එදිනයි. ජනාධිපති මෛත්‍රිපාල සිරිසේන මහතා අධ්‍යක්ෂ මණ්ඩලය සම්බන්ධව ඉහත ප්‍රකාශය කොට ඇත්තේ එහිදීය.

ශ්‍රී ලන්කන් ගුවන් සමාගමේ සිදුවී ඇති බව කියන අක්‍රමිකතා පරීක්ෂා කිරීමට පත් කළ නීතිඥ ජේ.සී. වැලිඅමුණ මහතාගේ ප්‍රධානත්වයෙන් යුතු කමිටු වාර්තාවේ නිර්දේශ වහා ක්‍රියාත්මක කිරීමටද එහිදී තීරණය කොට තිබේ.

මෙහිදී ශ්‍රී ලන්කන් ගුවන් සමාගමේ ප්‍රධාන විධායක නිලධාරිවරයාට එරෙහිව එහි අධ්‍යක්ෂ මණ්ඩල සාමාජිකයන් සිවුදෙනකුද අදහස් දක්වා ඇති බව දැනගන්නට ඇත. ශ්‍රී ලන්කන් ගුවන් සමාගමට විෂය භාර ඇමැති කබීර් හෂීම් මහතාගේ අනුමැතියෙන් තොරව සේවකයන් 1,200ක් බඳවා ගෙන ඇති බවද එහිදී අනාවරණය වී ඇත.

RSL

Related Posts