බවුන් වැඩි එහිමි ඥානසාර යදම් බිඳින්නට අධිකරණයට වැඩිසේක!

Spread the love

මෙතෙක් දිනක් අතුරුදන්ව අධිකරණය මඟහරිමින් සිට ආරක්ෂාව සහතික වන තුරු බවුන් වඩමින් සිටින බවට වාර්තා වුණු බොදුබල සේනා සංවිධානයේ මහලේකම් එහිමි ඥානසාර අධිකරණයට බාරවී තිබේ.

අධිකරණය හමුවේ පෙනී නොසිටි වරදට වරෙන්තු නිකුත් කර සිටි ඥානසාර හිමියන් අද (21) කොටුව මහේස්ත්‍රාත් අධිකරණයට බාරව ඇත.

තමා අත්අඩංගුවට ගැනීම වළක්වාලමින් නියෝගයක් නිකුත් කරන ලෙස ඉල්ලා උන්වහන්සේ විසින් ගොනු කළ මුලික අයිතිවාසිකම් පෙත්සමද, අද (21) දිනයේ දී විභාගයට ගැනීමට නියමිත බව සඳහන්ය.

කෙසේ වෙතත් අධිකරණය මගහැර සිටි උන්වහන්සේගේ ආරක්ෂාව තහවුරු වුවහොත් තම සංවිධානය විසින් ඥානාසාර හිමියන් අධිකරණය හමුවට ඉදිරිපත් කරන බව ඊයේ දිනයේ බොදුබල සේනා සංවිධානයේ නියෝජිතයින් මාධ්‍ය හමුවක් කැඳවමින් ප්‍රකාශ කර තිබිණි.

RSL

Related Posts