අවසන් සාකච්ඡා වටය ඵලදරයි; විදුලි වර්ජනය අවසන්
ඉංජිනේරුවන්ගේ පඩියට සමාන පඩි වැඩි කිරීමක් ඉල්ලා ලංකා විදුලිබල මණ්ඩලයේ සේවකයින් දින 8ක් තිස්සේ ක්‍රියාත්මක කළ වැඩවර්ජනය අද(20) රාත්‍රියේ අවසන් කළ බව ලංවිම ඒකාබද්ධ වෘත්තීය සමිති සන්ධානය පවසයි. අද (20) දහවල් විෂය භාර අමාත්‍ය රංජිත් සියඹලාපිටිය මහතා, විශේෂ නිවේදනයක් නිකුත් කරමින් කියා සිටියේ, හෙට (21) පෙරවරු 9.00 ට පෙර සේවයට වාර්තා කරන ලෙසත්, එසේ නොකරන සේවකයින් සේවය හැර ගියාසේ සලකන …
Continue Reading
රතුපස් වල සිද්ධිය යට ගැසීමේ තවත් සැලැස්මක්!
පැවති මහින්ද රාජපක්ෂ රජයේ ආරක්ෂක ලේකම්වරයාව කටයුතු කළ ගෝඨාභය රාජපක්ෂගේ නියෝග යටතේ සිදු වූ බව කියන ජලය ඉල්ලූ රතුපස්වල ජනතාවට වෙඩි තැබීමේ සිද්ධියට අදාළව රස පරීක්ෂකරවරයා වෙත යැවූ ගිනි අවි 40 පාවිච්චි කර නොමැති බවට රජයේ රස පරීක්ෂකවරයා දන්වා ඇතැයි අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව අද (20) අධිකරණයට දන්වා ඇත. මෙම සිද්ධියට අදාළව රක්ෂිත බන්ධනාගාර ගත කරනු ලැබ සිටින යුද හමුදා සාමාජිකයින් …
Continue Reading
21 වනදා සයිටම් විරෝධී ජන පවුරට ජාතික වෘත්තීය සමිතිවල පූර්ණ සහය
-
RSL
-
September 20, 2017
-
පුවත් සහ වාර්තා
-
NO SAITM, SAITM
-
0 Comments
හෙට (21) දිනයේ ක්‍රියාත්මක කිරීමට නියමිත සෞඛ්‍ය හා අධ්‍යාපන සේවක වැඩ වර්ජනයට සහාය ලබා දෙන බව ජාතික වෘත්තීය සමිති මධ්‍යස්ථානය පවසයි. ජාතික වෘත්තීය සමිති මධ්‍යස්ථානයේ සභාපති කේ.ඩී. ලාල්කාන්ත මහතාගේ අත්සනින් නිවේදනයක් නිකුත් කරමින් මේ බව සඳහන් කරන අතර එම නිවේදනය පහතින් පල වේ. රට ව්‍යාකූලත්වයට පත්නොකොට සයිටම් වහා අහෝසි කරනු ! සැප්.21 සෞඛ්‍ය හා අධ්‍යාපන සේවක වැඩ වර්ජනයට අපගේ සහාය! …
Continue Reading
සිල් රෙදි වංචාවට වරදකරුවන් වූ ලලිත් වීරතුංග-අනූෂ පැල්පිට ඇප මත නිදහස්!
පසුගිය ජනපතිවරණ සමයේ සිල්රෙදි බෙදාදීම සම්බන්ධයෙන් වරදකරුවන් වූ හිටපු ජනාධිපති සහ වත්මන් කුරුණෑගල පාර්ලිමේන්තු මන්ත්‍රී මහින්ද රාජපක්ෂ මහතාගේ ලේකම් ලලිත් වීරතුංග හා අනුෂ පැල්පිට යන මහත්වරුන් කොළඹ මහාධිකරණ විනිසුරු ගිහාන් කුලතුංග මහතා අද(20) ඇප ලබා දුන්නේය. එක් අයකුට රුපියල් ලක්ෂය බැගින් වූ මුදල් ඇපයක් හා රුපියල් ලක්ෂ 10 බැගින් වූ ශරීර ඇප තුනක් මත ඔවුන් මුදා හැරි අතර ඇපකරුවන් තිදෙනාගෙන් …
Continue Reading
20 වන සංශෝධනයේ ව්‍යවස්ථාවට අනූකූල නැති වගන්ති ඉවත්වෙයි!
විසි වන ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සංශෝධනයේ ඇතැම් වගන්ති ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවට අනූකූල නොවන බැවින් ඒවා ජනමත විචාරණයකින් සහ පාර්ලිමේන්තුවේ තුන් දෙකක වැඩි ඡන්දයෙන් සම්මත කරගත යුතු බවට ශ්‍රේෂ්ඨාධිකරණ විසින් දැනුම් දී ඇති බව කථානායකවරයා විසින් පාර්ලිමේන්තුවට ඊයේ(19) දැනුම් දෙනු ලැබීය. විසිවන ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සංශෝධනය සම්බන්ධයෙන් ශ්‍රේෂ්ඨාධිකරණය ලබාදුන් තීන්දුව කථානායක කරූ ජයසූරිය මහතා ඊයේ(19) පාර්ලිමේන්තුවට දැනුම් දුනි. ව්‍යවස්‌ථා සංශෝධනය 2,3 සහ 4 වැනි …
Continue Reading
ස්වෛරීත්වය සුරකමින් ජාතික සංහිදියාවත්, ආර්ථිකයත් ගොඩනැගීම අපේ අරමුණයි- ජනපති එක්සත් ජාතීන්ට කියයි
රටේ ස්වාධීනත්වය හා ස්වෛරීත්වය සුරකමින් ජාතික සංහිදියාව ගොඩනැගීම සඳහා යන ගමන සෙමෙන් නමුත් සාර්ථක ලෙස ගොස් පැහැදිළි ජයග‍්‍රහණයක් ලබා ගැනිම රජයේ ඉලක්කය බව පැවසු ජනාධිපතිතුමා ඒ සඳහා එක්සත් ජාතීන්ගේ සංවිධානය ඇතුථ ලෝකයේ සියලූ රටවල ගෞරවනීය සහය අපේක්ෂා කරන බව සදහන් කළේය. ජාතික සංහිදියාව ගොඩනැගීමේ වැඩපිළිවෙළේදි ඇතැම් අන්තවාදී පිරිස් වේගවත් ගමනක් සහ කෙටිකාලීන විසදුම් බලාපොරොත්තු වුවද වසර 30 කට ආසන්න කාලයක් …
Continue Reading
මියන්මාර් සරණාගත ගැටලුව සම්බන්ධයෙන් රජය ක්‍රියාකර ඇති ආකාරය
-
RSL
-
September 19, 2017
-
පුවත් සහ වාර්තා
-
Myanmar
-
0 Comments
මියන්මාර් සරණාගතයින් පිළිබඳව කටයුතු කිරීමේදී රජය විසින් දිගු කලක් තිස්සේ අනුමත නීතිරීති රාමුව තුළ ක්‍රියාකොට ඇති අතර නිශ්චිත ක්‍රියාපටිපාටියකින් බැහැරව කිසිසේත්ම ක්‍රියාකොට නොමැති බව රජයේ ප්‍රවෘත්ති දෙපාර්තමේන්තුව නිවේදනයක් නිකුත්කරමින් කියා සිටියි. අභ්‍යන්තර කටයුතු, වයඹ සංවර්ධන හා සංස්කෘතික කටයුතු අමාත්‍යාංශයේ නිවේදනයක් උපුටාදක්වමින් එම නිවේදනය නිකුත්කොට තිබේ. එම නිවේදනයේ මෙසේ ද දැක්වේ. මියන්මාරයේ වර්තමානයේ ඇතිවී ඇති තත්ත්වය හා රොහින්යා සරණාගතයන් පිළිබඳ අප …
Continue Reading
මහා මණ්‌ඩල සැසියේ ජනාධිපති දේශනය අද
එක්‌සත් ජාතීන්ගේ මහා මණ්‌ඩලයේ 72 වැනි සැසිවාරය අමතා ජනාධිපති මෛත්‍රිපාල සිරිසේන මහතා අද (19 දා) සිය විශේෂ දේශනය පැවැත්වීමට නියමිතය. නිව්යෝර්ක් නුවර ජනාධිපතිවරයා නවාතැන් ගන්නා හෝටලයේදී ඇමරිකාවේ ශ්‍රී ලංකා තානාපති කාර්යාල නිලධාරීන් විසින් ජනාධිපතිවරයා සහ ජයන්ති සිරිසේන මහත්මිය ඉතා උණුසුම් ලෙස පිළිගනු ලැබූහ. “ජනතා කේන්ද්‍රීය තිරසර ලෝකයක් මත සැමදෙනා හට වැදගත් ජීවිතයක් සහ සාමය සඳහා ප්‍රයත්න දැරීම” තේමාව යටතේ එක්‌සත් …
Continue Reading
සිරගත වරදකරුවන්ට සුරසැප දුන් වෛද්‍යවරිය ඉවතට; විෂමාචාර චෝදනා 26ක්!
පැවති රාජපක්ෂ රෙජීම පාලන සමයේ දූෂණ, වංචා සහ මිනීමැරුම් වලට වරදකරුවන් වී සිරගත කරන වරදකරුවන්ගෙන් කප්පම් ගෙන ඔවුන්ව බන්ධනාගාර රෝහලේ තබාගනිමින් අවශ්‍ය සැප පහසුකම් ලබාදෙන බවට මාධ්‍ය වාර්තාකර තිබූ වැලිකඩ බන්ධනාගාර රෝහලේ වැඩබලන වෛද්‍ය නිලධාරී නිර්මලී තේනුවර මහත්මිය කොළඹ ජාතික රෝහලට ස්ථාන මාරුකර තිබේ. සෞඛ්‍ය අමාත්‍ය රාජිත සේනාරත්න මහතා විසින් සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ ජනරාල් වෛද්‍ය ජයසුන්දර බණ්ඩාර මහතාට ඊට අදාළ …
Continue Reading
ඉදිරි මැතිවරණ කොට්‌ඨාස ක්‍රමයට – ජනපති
රටේ සියලු මැතිවරණ එක් මැතිවරණ ක්‍රමයක් මත පැවැත්විය යුතු බවත්, ඒ අනුව ඉදිරියේදී පැවැත්වීමට නියමිත පළාත් සභා පාර්ලිමේන්තු මැතිවරණ සඳහා ද මනාප ඡන්ද ක්‍රමය වෙනුවට කොට්‌ඨාස ක්‍රමය හඳුන්වාදීමට කටයුතු කරන බව ජනාධිපති මෛත්‍රිපාල සිරිසේන මහතා පැවැසීය. ජනාධිපතිවරයා එසේ පැවැසුවේ උතුරුමැද පළාත් සභා ශ්‍රී ලංකා නිදහස් පක්‍ෂ මන්ත්‍රීවරුන් සමඟ පෙරේදා (16) පස්‌වරුවේ ජනාධිපති නිල නිවසේ පැවති හමුවේදීය. මෙහිදී ශ්‍රී ලංකා නිදහස් …
Continue Reading