20 වන සංශෝධනයේ ව්‍යවස්ථාවට අනූකූල නැති වගන්ති ඉවත්වෙයි!

Spread the love

විසි වන ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සංශෝධනයේ ඇතැම් වගන්ති ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවට අනූකූල නොවන බැවින් ඒවා ජනමත විචාරණයකින් සහ පාර්ලිමේන්තුවේ තුන් දෙකක වැඩි ඡන්දයෙන් සම්මත කරගත යුතු බවට ශ්‍රේෂ්ඨාධිකරණ විසින් දැනුම් දී ඇති බව කථානායකවරයා විසින් පාර්ලිමේන්තුවට ඊයේ(19) දැනුම් දෙනු ලැබීය.

විසිවන ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සංශෝධනය සම්බන්ධයෙන් ශ්‍රේෂ්ඨාධිකරණය ලබාදුන් තීන්දුව කථානායක කරූ ජයසූරිය මහතා ඊයේ(19) පාර්ලිමේන්තුවට දැනුම් දුනි.

ව්‍යවස්‌ථා සංශෝධනය 2,3 සහ 4 වැනි කොටස්‌ ආණ්‌ඩුක්‍රම ව්‍යවස්‌ථාවේ 3,4,12 (1) සහ 14 (1) යන වගන්තිවලට අනනුකූල බවට ශ්‍රේෂ්ඨාධිකරණයේ බහුතර විනිසුරු මඩුල්ලේ තීරණය බවට අදාළ නිවේදනයේ දැක්‌වේ.

ඒ අනුව විසිවැනි සංශෝධනයේ ආණ්‌ඩුක්‍රම ව්‍යවස්‌ථාවට පටහැනි දෙවන කොටසෙන් කියෑවෙන්නේ “සියලුම පළාත් සභාවල මන්ත්‍රීවරුන් තෝරා පත්කර ගැනීමේ ඡන්ද විමසීම එකම දිනයක පැවැත්විය යුතුය” යන්නයි.

ව්‍යවස්‌ථාවට අනනුකූල තුන්වැනි සංශෝධනය වන්නේ යම් පළාත් සභාවක්‌ නිශ්චිත දිනයට පෙර අවසන් වුවොත් එහි ධුර කාලය නිශ්චිත දිනය දක්‌වා දීර්ඝ කරනු ලැබූ ලෙස සැලකිය යුතු බවය. එමෙන්ම නියමිත දිනය ඉක්‌මවමින් ක්‍රියාත්මක වන යම් පළාත් සභාවක ධුර කාලය නියමිත දිනයේදී අවසන් විය යුතු බවය.

ආණ්‌ඩුක්‍රම ව්‍යවස්‌ථාවේ වගන්ති හතරකට අනනුකූල වන විසිවැනි සංශෝධනයේ හතරවැනි කොටස මගින් කියෑවෙන්නේ යම් පළාත් සභාවක්‌ විසුරුවා හැර ඇති අවස්‌ථාවකදී එම පළාත් සභාවේ බලතල නිශ්චිත දිනය දක්‌වා පාර්ලිමේන්තුව විසින් ක්‍රියාත්මක කළ යුතු බවය.

ශ්‍රේෂ්ඨාධිකරණ තීන්දුව සභාවට ඉදිරිපත් කරමින් කථානායකවරයා මෙසේ කීවේය.

විසිවැනි ආණ්‌ඩුක්‍රම ව්‍යවස්‌ථා සංශෝධනය පිළිබඳ ශ්‍රේෂ්ඨාධිකරණ නියෝගය මා වෙත ලැබී තිබෙනවා. ව්‍යවස්‌ථාවේ 12 (1) ව්‍යවස්‌ථාව යටතේ විසිවැනි ව්‍යවස්‌ථා සංශෝධනය ශ්‍රේෂ්ඨාධිකරණයේ අභියෝගයට ලක්‌කර තිබෙනවා.

උසාවියේ බහුතර මතය අනුව විසිවැනි ව්‍යවස්‌ථා සංශෝධනයේ 2,3 සහ 4 යන කොටස්‌ ආණ්‌ඩුක්‍රම ව්‍යවස්‌ථාවේ 3,4, 12 (1) සහ 14 (1) වගන්තීන්ට අනනුකූලයි. මෙම ව්‍යවස්‌ථා සංශෝධනය නීතියක්‌ බවට පත්වීමට නම් පාර්ලිමේන්තුවේ තුනෙන් දෙකක බහුතර ඡන්දයකින් සහ ජනමත විචාරණයකින් සම්මත විය යුතුයි. පසුව ආණ්‌ඩුක්‍රම ව්‍යවස්‌ථාවේ 80 වගන්තියට අනුව ජනාධිපතිවරයා එය සහතික කළ යුතුයි.

මෙම 20 ව්‍යවස්ථා සංශෝධනය කඩි නමින් සිදුකර ගැනීම එහි සඳහා වත්මන් ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවට අදාළ නොවන වගන්ති ඉවත් කිරීමට ආණ්ඩුවේ අවධානය යොමුව ඇතැයි වාර්තාවේ.

RSL

Related Posts