ඔසරි පොට උස්සන්න පාසල් ළමයින් ගත්තාට අඛිලගෙන් පරීක්ෂණයක්

මහනුවර ගන්නොරුව ප්‍රදේශයේ මංගල උත්සවයකදී මනමාලියගේ ඔසරි පොට උස්සාගෙන සිටීමට පාසල් ළමයින් යොදා ගැනීම සම්බන්ධයෙන් ජාතික ළමා ආරක්ෂක අධිකාරියෙන් පරීක්ෂණයක් ආරම්භ කර ඇත. ඒ සඳහා අලවතුගොඩ කනිෂ්ඨ විද්‍යාලයයේ ළමයින් 250ක් පමණ යොදාගෙන තිබිණි. පෙරේදා (21)මෙම මංගල උත්සවයේ මනමාලියගේ ඔසරි පොට උස්සාගෙන සිටීමට පාසල් ළමයින් යොදා ගැනීම සම්බන්ධයෙන් එම අධිකාරියට ලැබුණු පැමිණිල්ලක් මත මෙම පරික්ෂණ ආරම්භ කර තිබේ. මෙම ඔසරි පොට …

Continue Reading

නැති වැරදි පටලවමින් අල්ලස් ගන්නා ට්‍රැෆික්‌ පොලිස්‌ අල්ලන්න වෙනම දැලක්‌

රියැදුරන්ට නැති වැරදි පටවමින් ඔවුන් අපහසුතාවට පත්කර අල්ලස්‌ මුදල් ලබා ගැනීමට උත්සාහ කරන රථවාහන අංශ ඇතැම් පොලිස්‌ නිලධාරීන් පිළිබඳ තොරතුරු වහාම තමන්ට දැනුම් දෙන ලෙස පොලිස්‌පති පූජිත් ජයසුන්දර මහතා ඉල්ලා සිටී. රියෑදුරන්ගෙන් අල්ලස්‌ ලබා ගන්නා පොලිස්‌ රථවාහන අංශ නිලධාරීන් අල්ලා ගැනීමට සිවිල් ඇඳුමින් සැරසුණු පොලිස්‌ කණ්‌ඩායම් යෙදවීමේ වැඩපිළිවෙළක්‌ මේ වන විටත් ක්‍රියාත්මක කරගෙන යන බව පොලිස්‌පතිවරයා කියා සිටී. මේ පිළිබඳව …

Continue Reading

රටින් පිට කිරීමට ගිය ඉතිහාසයේ විශාලතම මුදල් තොගය කටුනායකදී අල්ලයි

මෑත ඉතිහාසයේ රටින් පිට කිරීමට ගිය විශාලතම මුදල් තොගය ශ්‍රී ලංකා රේගුව විසින් කටුනායකදී අත්අඩංගුවට ගෙන තිබේ. රුපියල් කෝටි 8කට අධික වටිනාකමින් යුත් දේශීය හා විදේශීය මුදල් නෝට්ටු තොගයක් සමග ශ්‍රී ලාංකික යුවලක් ශ්‍රී ලංකා රේගුව විසින් මෙලෙස අත්අඩංගුවට ගනු ලැබ තිබේ. කටුනායක ගුවන්තොටුපොළ රේගු අධ්‍යක්ෂ පරාක්‍රම බස්නායක මහතා සඳහන් කළේ, මෙම මුදල් තොගය ඩුබායි බලා රැගෙන යාමට උත්සාහ කිරීමේදී …

Continue Reading

ජනපති සහ ඇමරිකාවේ දේශපාලන කටයුතු පිළිබද සහකාර රාජ්‍ය ලේකම් අතර හමුවක්

එක්සත් ජාතීන්ගේ මහා මණ්ඩලයේ 72 වන සැසිවාරයට සහභාගී වීම සදහා ඇමරිකාවේ නිල සංචාරයක නිරත ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා සහ එරට දේශපාලන කටයුතු පිළිබද සහකාර රාජ්‍ය ලේකම් තෝමස් ෂැනන් මහතා අතර හමුවක් අද (21) පස්වරුවේ නිව්යෝක් නුවර දී පැවැත්විණි.

Continue Reading

නෙවිල් ප්‍රනාන්දු රෝහල රජයට පවරා ගැනීමේදී බරපතල මූල්‍ය අක‍්‍රමිකතාවක්!

නෙවිල් ප‍්‍රනාන්දු රෝහල රජයට පවරා ගැනීමේ දී විධිමත් ගිවිසුමක් පවා අත්සන් නොකරමින් රාජ්‍ය මුදල් සම්පේ‍්‍රෂණය කිරීමෙන් සිදුවන බරපතල මූල්‍ය අක‍්‍රමිකතාව පිළිබඳ විගණකාධිපතිතුමාට පැමිණිලි කරමින් රජයේ වෛද්‍ය නිළධාරීන්ගේ සංගමය විසින් ලිපියක් යොමු කර තිබේ. රජයේ වෛද්‍ය නිළධාරීන්ගේ සංගමයේ මාධ්‍ය ප්‍රකාශක වෛද්‍ය සමන්ත ආනන්ද මහතා අද(21) පැවති මාධ්‍ය හමුවකට එක්වෙමින් මේ බව සඳහන් කළේය. පසුගිය දින වල ජනමාධ්‍ය වාර්තා කර සිටි පරිදි …

Continue Reading

(සා/පෙ) අසමත් වුවත්, උසස් පෙළ කළ හැකි අලුත් ක්‍රමයක් සහ විෂයන් 26 ක් එයි

අධ්‍යාපන පොදු සහතිකපත්‍ර සාමාන්‍ය පෙළ විභාගය අසමත් සිසුන් සඳහා අධ්‍යයන පොදු සහතික පත්‍ර උසස් පෙළ හැදෑරීමට අවශ්‍ය නව විෂය නිර්දේශයක් ලබන ඔක්තෝබර් මාසයේ සිට ක්‍රියාත්මක බව අධ්‍යාපන අමාත්‍යංශය පවසයි. අධ්‍යාපන අමාත්‍ය අකිල විරාජ් කාරියවසම් මහතා සඳහන් ක‍ළේ දහතුන් වසරක අඛණ්ඩ අධ්‍යාපන වැඩසටහන යටතේ මෙම නව විෂය නිර්දේශය හඳුන්වාදෙන බවයි. ඒ අනුව දැනට පවතින උසස් පෙළ විෂය නිර්දේශයට අමතරව සාමාන්‍ය පෙළ …

Continue Reading

මෙවර සයිටම් විරෝධී වර්ජනය පෙරට වඩා සාර්ථකයි; පාසැල් රැසක් වැසෙයි (Photos)

ව්‍යාපාරික නෙවිල් ප්‍රනාන්දුට අයත් මාළඹේ සයිටම් වෛද්‍ය උපාධි අලෙවි ආයතනය වහාම අහෝසි කරන ලෙස ඉල්ලා රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංගමය ඇතුළු වෘත්තීය සමිති රැසක් එක්ව අද(21) සිදුකළ සංකේත වැඩ වර්ජනය ඉතා සාර්ථක වී ඇතැයි වාර්තාවේ. මෙවර වැඩවර්ජනය සඳහා වෛද්‍යවරුන්ට අමතරව විදුහල්පතිවරුන් සහ ගුරුවරුන්ද එක්වීම හේතුවෙන් අද (21) දින පාසැල් පවා වසා දමා ඇත. මේ හේතුවෙන් දිවයිනේ බොහෝ ප්‍රදේශවල පාසැල් කරා පැමිණි …

Continue Reading

ඉරානය සමඟ සිරකරුවන් හුවමාරු කරගැනීමේ ගිවිසුමක්

අධිකරණ හා විදේශ රුකියා අමාත්‍ය නීතිඥ තලතා අතුකෝරල මහත්මිය හා ශ්‍රී ලංකාවේ ඉරාන තානාපති Mohamed Zari Amirani මහතා අතර හමුවක් අද(21) අධිකරණ අමාත්‍යාංශයේදි පැවැත්විණි. ඉරානයේ බන්ධනාගාරවල සිටින ශ්‍රී ලාංකීය සිරකරුවන් හා මෙරට බන්ධනාගාරවල සිටින ඉරාන සිරකරුවන් හුවමාරු කර ගැනීම පිලිබදව මෙහිදි සාකච්ඡා විය.මේ පිළිබදව විශේෂ ගිවිසුමක් ඉරානයේ හා ශ්‍රී ලංකාවේ අධිකරණ ඇමතිවරුන් අතර ඉදිරියේදී අත්සන් කිරීමට නියමිතව තිබේ. සිරකරුවන් හුවමාරු …

Continue Reading

පළාත් සභා සංශෝධිත පනත තෙවනවර කියවීමත් තුනෙන් දෙකෙන් සම්මතයි

පළාත් සභා සංශෝධිත පනත් කෙටුම්පත තුන්වැනි වර කියවීම තුනෙන් දෙකකට වැඩි ඡන්දයෙන් ඊයේ(20) රාත්‍රී පාර්ලිමේන්තුවේදී සම්මත විය. පනතට පක්ෂව ඡන්ද 159ක් ලැබුණු අතර විපක්ෂව ලැබුණේ ඡන්ද 34ක් පමණි. ජනතා විමුක්ති පෙරමුණ ද පනත් කෙටුම්පතට පක්ෂව ඡන්දය ලබා දුන්නේය. මෙම පනත් කෙටුම්පත තුනෙන් දෙකක ඡන්දෙයන් සම්මත විය යුතු බව නීතිපතිවරයා දන්වා තිබිණි.

Continue Reading

අර්ජුන් මහේන්ද්‍රන් බැඳුම්කර කොමිසමෙන් පැනයාමට දැරූ තැතක් වරදී

මහ බැංකුවේ අධිපති අර්ජුන මහේන්ද්‍රන් මහතා රටේ නීතියට අවනත විය යුතුයි. ගරු කළ යුතුයි. ඔහු ශ්‍රී ලංකාවේ පුරවැසියකු නොව විදේශිකයෙකු යෑයි කියා සිටියත් මහ බැංකුවේ අධිපති ධුරය භාර ගත්තාට පසුව ඔහු නීතියට යටත් වෙනවා. නීතියට පිටින් ඔහුට යන්න බැහැ යෑයි බැඳුම්කර ජනාධිපති කොමිසමේ සභාපති ශේ්‍රෂ්ඨාධිකරණ විනිසුරු කේ. ටී. චිත්‍රසිරි මහතා පැවසීය. අර්ජුන මහේන්ද්‍රන් මහතාගේ සාක්‌ෂිය මෙහෙයවීම අවසන් කිරීමෙන් අනතුරුව සභාපතිවරයා …

Continue Reading