රනිල් ඇප වුණු, මහ බැංකුව කොල්ල කෑ අර්ජුන් මහේන්ද්‍රන් සිංගප්පුරුවෙනුත් පැනලා

රනිල් වික්‍රමසිංහගේ අතිජාත මිත්‍රයෙකු වූත්, ඇප වී සහතික දෙමින් ශ්‍රී ලංකා මහ බැංකුවේ අධිපතිවරයා ලෙස පත්කිරීමෙන් පසු එම මහ බැංකුව කොල්ල කන ලද කුප්‍රකට විජාතික අර්ජුන් මහේන්ද්‍රන් මේ වන විට සිංගප්පුරුවෙනුත් පලා ගොස් ඇති බවට වාර්තාවේ. මහ බැංකු බැඳුම්කර කොල්ලයේ ප්‍රධාන සැකකරුවකු බව කියන අර්ජුන මහේන්ද්‍රන් මහතා සිංගප්පූරුවෙන් පලා ගොස්‌ ඇති බව අපරාධ පරීක්‌ෂණ දෙපාර්තමේන්තුව සිදුකළ විමර්ශනවලින් අනාවරණය වී ඇත. …

Continue Reading

සයිටම් ගිය කිසිවෙකුටත් “MBBS-SAITM” කියන්න තහනම්!

සයිටම් ආයතනය හා එහි ශිෂ්‍යයන් වෙනුවෙන් රජය ගත් අවසන් තීරණය විධිමත් ලෙස ක්‍රියාවට නැංවීමට කටයුතු කරන ලෙස රජයේ වෛද්‍ය නිලධාරින්ගේ සංගමය ජනාධිපතිවරයාගෙන් ඉල්ලා සිටිනවා. ඊයේ(25) කොළඹ පැවති මාධ්‍ය හමුවකදී එහි සහකාර ලේකම් වෛද්‍ය නවීන් ද සොයිසා මේ බව සඳහන් කර සිටියේය. “අතිගරු ජනාධිපතිතුමාම තීරණය කරලා තියෙනවා සයිටම් ආයතනයට වෛද්‍ය විද්‍යාලයක් කියන්න බෑ,වෛද්‍යවරු බිහි කරන්න බෑ. ඒ වෙනුවට කොතලාවල ආරක්ෂක විද්‍යාලයීය …

Continue Reading

තිස්ස අදත් ඇවිත් යයි; අගමැති-ජනාධිපති අධිකරණය මඟ හරිනවාද..?

පසුගිය ජනාධිපතිවරණ සමයේ දී කූඨ ලේඛනයක් ප්‍රදර්ශනය කරමින් ජාතීන් අතර සුහදතාවය කඩා කප්පල් කිරීමට තැත් කළේ යැයි චෝදනා ලැබ සිටින තිස්ස අත්තනායක මහතාට එරෙහි නඩුවේ සාක්ෂිකරුවන් වන ජනාධිපතිවරයා හා අගමැතිවරයා රාජකාරිමය හේතුවක් මත අද(26) දින අධිකරණයේ පෙනී නොසිටිම හේතුවෙන් නැවතත් සිතාසි නිකුත් කිරීමට මහාධිකරණය නියෝග කර තිබේ. අදාළ නඩුව අද දින කොළඹ මහාධිකරණ විනිසුරු විකුම් කළුවාරච්චි මහතා ඉදිරියේ කැඳවනු ලැබීය. …

Continue Reading

උදයංග අල්ලන්න ගිය අය ටුවර් ගසා හොරා නැතුව ගෙදර එයි; කාගේ සල්ලිද මේ කන්නේ..?

රාජපක්ෂ රෙජීමයේ ජාත්‍යන්තර අවි ජාවාරම්කරුවකු වූ කුප්‍රකට උදයංග වීරතුංගව අත් අඩංගුවට ගැනීම සඳහා ජාත්‍යන්තර පොලිසියේ රතු වරෙන්තුද ඇතිව විදෙස් ගත වූ කණ්ඩායම් හිස් අතින්ම ශ්‍රී ලංකාවට පැමිණ තිබේ. ප්‍රංශයේ ලියෝන් හි පිහිටි ජාත්‍යන්තර පොලිසිය (ඉන්ටර්පෝල්) වෙතින් ලබා ගත් රතු වරෙන්තුව අත ඇතිව රුසියාවේ හිටපු ශ්‍රී ලංකා තානාපති උදයංග වීරතුංග අත්අඩංගුවට ගැනීම සඳහා අතිරේක සොලිසිටර් ජෙනරාල් යසන්ත කෝදාගොඩ සහ මූල්‍ය අපරාධ …

Continue Reading

කැබිනට් සංශෝධනයත්, ආණ්ඩුවත් දෙකම විහිලුවක් වෙයි; ඇමතිවරු කලකිරෙයි

මැතිවරණයෙන් පසු වත්මන් යහපාලන ආණ්ඩුව දේශපාලන අර්බුදයකට මුහුණ පා සිටින අතර ඊට පිළියමක් ලෙස අගමැතිධුරය ඇතුළු පුර්ණ කැබිනට් සංශෝධනයක් තුළින් රැඩිකල් වෙනසක් සිදුවිය යුතු බවට මත පළ විය. එහි පළමු පියවර ලෙස අගමැතිධුරය ගෞරවාන්විතව වෙනස් කිරීමට ජනාධිපතිවරයා උත්සහ ගත් අතර එය අසාර්ථක විය. ඉන් පසුව කැබිනට් සංශෝධනය සඳහා සුදානම් වූ අතර ඊට රනිල් වික්‍රමසිංහ එකඟ කරවා ගැනීම ‘වල් බල්ලා නෑවීමට …

Continue Reading

සයිටම් සිසුන් කොතලාවලින් එගොඩ වෙන්න ජනපතිගේ සහ GMOA සහය පතයි

ව්‍යාපාරික වෛද්‍යවරයෙකු වූ නෙවිල් ප්‍රනාන්දු මහතාගේ සයිටම් වෛද්‍ය උපාධි අලෙවි ආයතන මාෆියාවට හසු වී තම ජීවිතයේ වටිනා වයසින් වසර 7-8 ක් සහ දෙමාපියන්ගේ මුදල් රුපියල් මිලියන ගණනක් කාබාසිනියා කරමින් අතරමං වූහ. එම සිසුන් සහ දෙමාපියන් මේ වන විට කොතලාවල ආරක්ෂක විශ්ව විද්‍යාලයෙන් හෝ උපාධිය ගෙන පිටව යෑමට උත්සහ කරමින් සිටින අතර ඒ සඳහා ඔවුන් ජනාධිපතිවරයාගේ සහ රජයේ වෛද්‍ය නිලධාරීන්ගේද සහය …

Continue Reading

අර්ජුන් සහ පලිසේන හීන්සීරුවේ බන්ධනාගාර රෝහලට රිංග ගනී

ශ්‍රී ලංකා මහ බැංකු බැඳුම්කර කොල්ලයට සම්බන්ධ පර්පචුවල් ට්‍රෙෂරීස් සමාගමේ හිමිකරු සහ ප්‍රධාන විධායක අධ්‍යක්ෂකවරුන් වන අර්ජුන් ඇලෝසියස් සහ කසුන් පලිසේන යන සූක්ෂමව බන්ධනාගාරයේ සිට බන්ධනාගාර රෝහල වෙත මාරු වී ඇතැයි වාර්තාවේ. ප‍්‍රශ්නගත බැදුම්කර ගණුදෙණුව සම්බන්ධයෙන් රක්‍ෂිත බන්ධනාගාර කර සිටින අර්ජුන් ඇලෝසියස් සහ කසුන් පලිසේන බන්ධනාගාර රෝහලට ඇතුළත කර තිබෙනවා. ඔවුන් දෙදෙනා මෙතෙක් රදවා සිටියේ කොළඹ නව මැගසින් බන්ධනාගාරයේ ඊ …

Continue Reading

ශ්‍රේෂ්ඨාධිකරණයේ මත විමසීම අත්හිටුවයි; රනිල් පන්නන සටන වෙනත් ක්‍රමයකට

අගමැති රනිල් වික්‍රමසිංහ මහතා එම ධුරයෙන් ඉවත් කිරීමට හැකිදැයි ශ්‍රේෂ්ඨාධිකරණයේ මත විමසීමට ගෙන තිබූ තීරණය අත්හිටුවීමට ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා විසින් තීරණය කර ඇත. ජනාධිපති ජ්‍යෙෂ්ඨ උපදේශකයින්ගෙන් ලද උපදෙස්‌ අනුව අදාළ තීරණය ගැනීමට ජනාධිපතිවරයා කටයුතු කර තිබේ. 19 වැනි සංශෝධනය යටතේ අගමැතිවරයා ඉවත් කිරීම සම්බන්ධයෙන් විවිධ මත පළවී තිබූ අතර එම සංශෝධනයේ 46 වැනි පරිච්ඡේදයට අදාළ වගන්ති සම්බන්ධයෙන් ජනාධිපති උපදේශක …

Continue Reading

විගණකාධිපති වෙනුවෙන් සියලු වෘත්තීය සමිති එක්වෙයි

විගණකාධිපතිවරයා අඩපණ කිරීමට දේශපාලනඥයන් හා විවිධ කණ්ඩායම් ගන්නා උත්සාහය පරාජය කිරීමට අද (23) සිට වෘත්තීය ක්‍රියාමාර්ග දියත් කරන බව විගණකාධිපති දෙපාර්තමේන්තුවේ වෘත්තීය සමිති සඳහන් කරයි. රාජ්‍ය මුදල් රැකදීම සඳහා විගණකාධිපතිවරයා විසින් සිදුකරන ස්වාධීන ක්‍රියාවලිය නිසා වංචා, දූෂණවලට සම්බන්ධව දේශපාලනඥයන් හා විවිධ කණ්ඩායම් කලබලයට පත්වී සිටින බවද වෘත්තීය සමිති නියෝජිතයෝ සඳහන් කරති. මේ නිසා අසත්‍ය චෝදනා එල්ල කර විගණකාධිපතිවරයාගේ වැඩ කටයුතු …

Continue Reading

සයිටම් සිසුන් ගැන ජනපති ගත් තීරණය රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංගමය අගයයි

සයිටම් වෛද්‍ය විද්‍යාලයේ ඉගෙනුම ලබන සිසුන් සුදුසුකම් අනුව කොතලාවල වෛද්‍ය පීඨයට ඇතුළත් කරගැනීම සඳහා ජනාධිපතිතුමා ගත් තීරණය අගය කරන බව රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංගමය පවසයි. එහි සහකාර ලේකම් වෛද්‍ය හරිත අලුත්ගේ මහතා සඳහන් කලේ ඒ සම්බන්ධයෙන් ගන්නා ඉදිරි ක්‍රියාමාර්ග පිළිබඳව රජය පැහැදිලි කළ යුතු බවයි. පසුගිය කාල වකවානුව පුරාම සයිටම් අර්බුදයට නිසි විසඳුමක් ලබා නොදීම සහ ලබාදීමට අපොහොසත්වීම නිසාම රජය …

Continue Reading